4.7.11

අද පහත් කුලයක් යැයි සැලකෙන අපේ සබෑ ඉතිහාසයයේ පාලකයෝ...

හෙළ යුගයේ දේව වංශය

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යාමේ ගමනෙදි පසුගිය ලිපියෙන් කතා කලේ අපේම රටේ මිනිසුන් විසින්ම අපාහස උපහාසයට ලක් කල අපේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැනනේ. අපේ හෙළ යුගයේදී පාලක පන්තිය වෙලා සිටි තවත් කොඨ්ඨාශයක් අද වන විට පහත් කුලයක යැයි සලකනවා කියලා අපේ ගවේෂණයේදී දැන ගන්න ලැබුණා. අද අපි ගෙන එන්නේ එදා අපේ පාලක පන්තියව සිටි දේවයන් හේවත් දේවවංශය ගැනයි.

අපි කලින් ලිපි වල සදහන් කරපු පරදී ලංකාවේ පළමුවන රජු වුනේ මහා සම්මත මනු රජතුමානේ. ගොවි තරුණයෙක්ව ඉද සියළු දෙනාගේ කැමත්ත මත මනු තරුණයා මහා සම්මත මනු විදියට සියළු දෙනාගේම කැමත්තෙන් ඒ කියන්නේ මහා සම්මතයෙන් හෙළ අසුර අධිරාජ්‍යෙය් පළමු රජු විදියට රජවෙනවා. මහා සම්මත මනු රජුගේ සිට හිරණ්‍ය කාශ්‍යප හේවත් මහා මන්දාතු රජු දක්වාම මේ හෙළ අසුර අධිරාජ්‍යෙය් රජවරු පත් වුනේ සියළු දොනගේම කැමත්තෙන්, මහා සම්මතයෙන්. රටේ ජනතාව තීරණය කරලා සුදුසු කම් සම්පුරණ කර තිබු හොදම පුද්ගයා රටේ රජු විදයට පත් කලා. නමුත් එහෙම වුනේ හිරණ්‍ය කාශ්‍යප රජුසමය දක්වා පමණයි. හිරණ්‍ය කාශ්‍යප රජු විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් මරා දැමීම මෙයට හේතුවක් වුණා.



හිරණ්‍ය කාශ්‍යප රජුගේ අවසානය කියැවෙන වෘතාන්තය දෙස බැලුවොත් එතැනදී නරසිංහ විසින් රජු මරා දැමීමට හේතුවක් විදියට රජුගේ නොඉවසීම හා ඒ අවස්ථාවේදී අවේග ශිලීව හැසීරීම හේතුවුණ බවක් පැහැදිලිවම පේනවානේ. ඒ නිසා හෙළ අසුර අධිරාජ්‍යහී ස්ථාවරත්වයට රජවරු පුහුණු කිරීමක් අවශ්‍ය වුණා. විවිධ සතුරු ආක්‍රමණ හා උපද්‍රව වලින් ගැලවීමටත් රටේ ප්‍රශ්න වලිදී ඉවසීමෙන් කටයුතු කිරීමට රජවරු පුහුණු කීරීම අවශ්‍ය වුණා.
මෙම අවශ්‍ය තාව ඉටුකිරීම සදහා ඉදිරිපත් වුනේ බෘගුකච්ච නම් ස්ථානයේ සිටි බෘගු මහා ඍෂිවරයායි. මේය සිදුවුනේ හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරණයෙන් පසුවයි. හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව හිරණ්‍ය කාශ්‍යප රජුගේ පුත්‍ර ප්‍රලාද කුමරු රජ වී සිටි අතර ඔහුගේ සොයුරිය වූ ඌෂ්ණ කුමරිය විවාහ වී සිටියේ බෘගු මහා ඍෂිවරයා සමගයි. ( අපි කලිනුත් සදහන් කලානේ උත්තම දරුවන් ලබා ගැනීමට මෙලෙස සෘෂිවරුන් සමග විවාහ වු බව. ඍෂිවරුන් යනු ප්‍රඥා සම්පන්න පුද්ගලයන් බවට සැක නැත. විද්‍යාත්මකව බලන කල පියාගේ ජාන දරුවන්ට පැමිණිම සිදුවන්නකි. ඒ නිසා රජවරු ප්‍රඥා සම්පන්න වීමට හේතුව විදියට එය සලකන්න පුළුවන්) මේ කාලයේ ලංකාව හා ඉන්දියාව රටවල් දෙකක් විදයට පැවතිලා නැහැ. ඒ වෙනුවට පොඩි පොඩි ප්‍රෙද්ශිය රාජ්‍යන් විදියට තමයි තිබිලා තියෙන්නෙ. නමුත් සංස්කෘතියෙන් ඒවා සියල්ල හෙළ අධිරාජ්‍ය විදයටයි තිබිලා තියෙන්නෙ. මහ බලිගෙන් පසු හෙළ සංස්කෘතියක වෙනස් වෙලා එය දේශපාලනික ස්වරූපයක් ගත් ආකාරය අපි පසුගිය ලිපි වලින් ඉදිරිපත් කලානේ. මෙහිදී හිතන්න පුළුවන් තව දෙයක් තමයි දඹදිව හා හෙළ දිව කියන්නෙ එකම තැනකට කියලා.
දඹ = උස් ස්ථානය = හෙළ ගත්තාම මේ කරුණ අපිට තහවුරු කරගන්න පුළුවන්.
                  බෘගු මහා ඍෂි විසින් ආරම්භ කරන ලද අධ්‍යාපන ක්‍රමයෙන් නායකත්ව පුහුණුව මෙන්ම උතුම් මිනිසෙක් කිරීමටද ඉවහල් විය. ඒ නිසා එය දේව අධ්‍යාපනය ලෙස හැදින්වෙලා තියෙනවා. දේව අධ්‍යාපන ක්‍රමයෙන් හෙළ අධිරාජයේ සිටි යක්, රකුස් හා නාග යන සෑම ජනකොඨඨාශයකම අයෙක්ටම දේවයෙක් වෙන්නට හැකි වුණ අතර මෙලෙස දේව අධ්‍යාපනය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව හෙළ සමාජයට තවත් ජන කොඨ්ඨාශයක් දේව නමින් එක් වුණ අතර දේව, නාග, රකුස් හා යක් යන ජනකොඨ්ඨාශ හතර නිසා හෙළ අධිරාජ්‍ය සිව් හෙළය යන නම අදටත් ශේෂව තියෙන අයුරු දැක ගන්න පුළුවන්. මේලෙස ජන කොඨ්ඨාශ හතරක් සිටියත් මුල් බිම හෙළ දිව නිසා හෙළයන් ලෙස හැදින් වුවා වගේම ජනකොඨාශ හතරේම පොදු නාමය අසුර වෙලා තියෙනවා.
මෙම දේව අධ්‍යාපන ක්‍රමය විෂයන් ගණනාවකින් සමන්විත වෙලා තියෙනවා
1.     යෝග
2.   මන්ත්‍ර
3.   තන්ත්‍ර
4.    වෙදකම
5.   අහස් ශාස්ත්‍ර
6.   අවි නිපයුම
7.   යුධ හරඹ
8.   ධාන්‍ය භාවනා
9.   ශාන්ති කර්ම හා පුජා
10.  දර්ශනය
11.    මොහනය
යන විෂයන් තමයි දේව අධ්‍යාපනයේ ප්‍රධාන විෂයන් වෙලා තියෙන්නෙ. මෙම දේව අධ්‍යාපනය ලැබූ අය සාමාන්‍ය වැසියන් වුණ අතර ඔවුන්ට ඉහලින් සිටිය ගුරු වරු මුණි වරු හා ඍෂිවරුන්ගෙන් යුක්ත වෙලා තියෙනවා. මේ ගුරු වරු බොහෝ විට සාමාන්‍ය ජන සමාජයෙන් ඈත් ව ආරණ්‍ය වල හෝ හීමාලයේ තමයි ඉදලා තියෙන්නෙ.
දේව අධ්‍යාපනයේ පරිපාලනයේ ප්‍රධානීයා සක්කර එහෙමත් නැත්තම් ශ්‍රක ලෙස හැදින්වෙලා තියෙනවා. ඒ නිසාම දේව අධ්‍යාපන ආරම්භ කරපු බෘගු මහා ඍෂිවරයා හැදින්වෙලා තියෙන්නෙ ශ්‍රකාචාරී ලෙසටයි. ලේඛන කලාව මේ යුගයේ නොතිබුණ බැවින් ශිෂ්‍යන් ගුරුවරයා සමග වාසය කිරීමෙන් ශිල්ප ඉගෙන ගන්නා ලදී. ගුරුවරුන් යටතේ යම් කිසි සිසුන් පිරිසක් හිටිය අතර ඔවුන් ගුරුවරයාගේ අසපුවේ හෝ තපෝවනයේම සිටි අතර ඔවුන් නඩත්තු කලේ ආසන්නයේ පිහිටි ගම්මානයෙනි. මේ විදියට ශිෂ්‍ය පරම්පරා බිහිවිමෙන් දේව අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යන ලදි.

ගුරුවරයාගේ ආශ්‍රෙයන් ඉවත් වු පසු තමන් එක තැන හිද නිශ්චල මනසින් යුක්තව ලෝකය අවබෝධ කරගත් අය ඍෂි වරුන් නැතහෝත් මුණි වරුන් බවටද අනෙකුත් දේවයන් පාලකයන් වු බවද සදහන්වේ. අද තියෙන අධ්‍යාපනය ක්‍රමය සමග බැලීමේදී මෙම ක්‍රමය තේරුම් ගැනීමට අපහසු නමුත් මෙම ක්‍රමය ගුරුවරයා සමග සිටිමේදී නාය්‍යාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුමද ලබා ගැනීම නිසා එය භාවිතයේදී ඉගෙන ගත් දේ ප්‍රයෝජනවත් භාවිතය හා ඒ ඇසුරෙන් නව සොයා ගැනීම් දක්වා යාමේ ක්‍රමයක් බවට අනුමාන කල හැක. තමා සතු මනසෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට සකස් වූ අධ්‍යාපන ක්‍රමයක් ලෙස දේව අධ්‍යාපන ක්‍රමය හැදින්විය හැක.
දේව පාලනය තුල දී ගමේ පාලක ගම්පති මෙන්ම රටේ පාලක රජුද දේවයන් විය. දේව පාලනය තුල කුඩා ඒකක තුලින් විශාල භූගෝලිය ඒකක දක්වා පැතීරී යන පාලන ව්‍යහයක් විය. මෙම ක්‍රමය අද තියෙන පාලන ක්‍රමය සමග කිසිසේත් ගැලපිය නොහැක. අද පාලන ක්‍රමයේදී රටේ සියල්ලටම පොදු ව්‍යවස්ථාවක් යටතේ එය ක්‍රියාත්මක වන විධායක ක්‍රමයකට පාලනය වන්නකි. දේව පාලනයේදී රජු ඒකාධි පතියෙක් මෙන් පෙනුනද රටේ පාලනය බෙදී ගිය බවක් දක්නට තිබේ. ගමේ පාලනය ගම් සභාවේ සිට දිසාව දක්වා පුළුල්ව පැතීරී ගිය මනා පාලන ව්‍යහයක් දේව පාලනය තුල තිබුණි.
දේව පාලනය විවිධ මට්ටමින් තිබූ බවට ලංකාවේ සෙල්ලිපි ඇසුරින් තහවුරු කරගත හැක. ඔවුන් පාලනය කලේ භූගෝලීය ප්‍රෙද්ශයට අනුව හෝ සමාජ ඒකකයේ ප්‍රමාණයට අනුවය. බුද්ධ ශාසන ලංකාවට පැමීණිමත් සමග භික්ෂුන් වහන්සේලාගේ බලය බෙදී යන ලද්දේ දේව පාලන ව්‍යුහයට අනුවයි. අදටත් දක්නට ලැබෙන නායක, මහා නායක, සංඝ නායක සිට සංඝරාජ දක්වා ව්‍යුහය දේව පාලනයේ අවශේෂයකි. දේව පාලනයේ දක්නට හැකි දේවයන් කොඨ්ඨාශ පහකින් යුක්තය
1.     ගපති - කුඩා කණ්ඩායමක නායකයා. ගමේ එක් කොඨ්ටාශයක නායකයා
2.   ගාමණි- ග්‍රාමයේ නායකයා. ග්‍රාමයක් තුල ගපතියන් කීප දෙනෙක් සිටිය හැක
3.   පරුමක- ප්‍රාදේශිය නායකයා. ග්‍රාමයන් කීහිපයක් එකතු වී සෑදේන ඒකකය
4.    රජු - මෙය යුව රජු ලෙස දැක්විය හැක. රටේ විශාල ප්‍රෙද්ශයක නායකයා
5.   මහ රජු - රටේ අග රජු.  ඔහුද දේවයකු නිසා මහ රජු හමුවේ දේවයන් වහන්ස යනුවෙන් අමතන ලදි.
මෙම ක්‍රමය ශ්‍රි වික්‍රම රාජ සිංහගෙන් අවසන් වූ ලංකාවේ රාජවලිය දක්වාම රජු ඇමතිමට යොදා ගන්නා ලදි. මෙම හෙළ විදි විජයගේ සිට රාජ සිංහ රජු දක්වාම අනුගමනය වූ අතර ඒවා ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ දේවල් හෝ විජය ලංකාවට ගෙන ආ දේවල් නොවේ.
විජය ලංකාවට ඉන්දියානු ක්‍රමයේ මධ්‍ය ගත වැඩවසම් ක්‍රමයක් ගෙන ආවද පඩුවස්දෙව්ගෙන් පසු නැවත පණ්ඩුකාභය නැමති හෙළ රජු ලංකාවේ බලයට පැමිණීමෙන් පසු දේව පාලනය ක්‍රමය ලංකවේ ස්ථාපිත වු අතර විජයගෙන් පසු පියාගෙන් පුතාට රාජ්‍ය උරුම වන ක්‍රමයක් ලංකාවේ බිහි වියග (පණ්ඩු කාභය කුමරු දේව අධ්‍යාපනය ලැබුවෙක් බව තහවුරු කර ගත හැක. පණ්ඩුල නම් භ්‍රාමණයා නැතහොත් පණ්ඩුල දේව ආචාරී විසින් පණ්ඩුකාභය කුමරුට සියළු ශිල්ප ඉගැන්වූ බව කියන මහා වංශයට අනුව පණ්ඩුකාභය කුමරු අභය නැතහොත් බසවක්කුලම වැව තැනීම ආදියෙන් තව තවත් තහවුරු වන්නේ මහින්දාගමනයෙන් පසු ලංකාවේ සංස්කෘතික හා තාක්ෂණික දියුණුවක් ඇති වුණා නොව එය පෙර සිටම පැවත එන්නක් බවයි)

දේව පාලනය තුල රජවරු පුහුණු කිරීමක් කලද එමගින දේව පාලනයේදී පියාගෙන් පුතාට රජකම උරුමයක් ලෙස ලැබීම දක්වා නැත. දේව පාලනය තුප දේව වංශයක් හදුනාගත හැක. මෙම වංශය රකුස්, නාග, යක් යන කුමන කොඨ්ඨාශයෙන් වුවත් දේව අධ්‍යාපනය සම්පුර්ණ කරන ලද්දන්ගෙන් සමන් විත වූ අතර සුදුස්සාට රජකම හිමි විය. පියාගෙන් පුතාට රාජ්‍ය ලැබීම සිදු වූයේ සුදුසුකම් තිබූ තැන පමණි. විජයගෙන් පසුව මෙම ක්‍රමය බිද වැටුණ අතර යසලාලක තිස්ස වැනි අනුවණ රජුන් දක්වා බිහි විම දක්වා බලපාන ලද්දේ විජයගේ ආක්‍රමණයයි.
ප්ලෝටෝ විසින් දක්නා ලද පරමාද්ර්ශි රාජ්‍ය නැතහොත් අත්ලාන්තිස් පුරවරයේ පුජක_පාලක පන්තියක් වූ බව ප්ලෝටෝ සදහන් කරන අතර දේව වංශිකයන්ගේ ඇති උත්තරීතර චරිතාවබෝධය නිසාත් දක්ෂතා නිසාත් දේවයන්ගේ ගුරුවරුන් වූ ඍෂිවරුන්ගේ හා මුණි වරුන්ගේ ඉහළ අධ්‍යාත්මික ගුණ නිසාත් ප්ලෝටෝ විසින් මෙලෙස විස්තර කරන්නට යෙදුනේ යැයි අනුමාන කරන්න පුළුවන්.
මිළග ලිපියෙන් දේව වංශයට පැවරුණ කාර්යන් හා වගකීම් පිළිබදව විමසා බලමු.
එතෙක් ආයුබෝවන්.

3 ප්‍රතිචාර: