Skip to main content

Posts

බ්‍රිස්ටල් පෙරහැර යන මග::

'' යානෙ වරුම් පින්නෛ. මනි ඕසේ වරුම් මුන්නෛ. '' දෙමළ භාෂාවේ මේ ප්‍රකට කියමන මතක් වෙන හැමවිටම මට මහනුවර ඇසළ පෙරහර මතක් වෙයි. ' මිණි ගෙජ්ජි සද්දෙ පළමුව ඇසෙන අතර , ඊට පසුපසින් අලියා එන ' බව මේ කියමනේ අරුතයි. මහනුවර අවට උපන් අපේ ළමා , තරුණ කාලයේ අසිරිමත් වකවානුව ඇසළ සැණකෙළිය සමග උදාවෙයි. දළදා පෙරහරට වඩා අපට වැදගත් වන්නේ බෝගම්බර පිට්ටනියේ පවත්වන ඇසළ මේලාව. අඩි අසූවක් උස කුලුනකට නැග ශරීරයට ගිනිතබාගෙන කුලුන පාමුල වතුර ළිඳට පනින දර්ශනය අපට පුදුමයකි. ශරීරයේ ගින්න නිවාගෙන ඇය ළිං පඩියට ගොඩවී ප්‍රේක්ෂකයන්ට ආචාර කරන විට අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු. එදා අපට සෙංකඩගල ප්‍රකටව පෙනුණේ දළදා මාළිගාව නිසා මෙන්ම රේඩියෝ සිලෝන් එක නිසාය. හන්තානේ පිහිටුවා තිබුණු විකාශන මධ්‍යස්ථානය මේ නමින් හැදින්වුණා.

පසු ගිය සියවසේ ලොව හෙල්ලූ භූමි කම්පා::100 Years of Earthquakes...!

භූමි කම්පා කියන වචනෙ ඇහුවත්  බය හිතනෙවානේ. අපේ රටට ඒ අනතුර අඩු උණාට ජපානය වැනි රටකට නම් නිතරම භූමි කම්පා තර්ජනය තියෙනවා. ඒ වගේම තමයි ජපානයේ භූමි කම්පාවලට මුළු ලෝකයම හෙල්ලෙනවා කිව්වොත් නිවැරදි. අපිට ඉතින් අළුත් දෙයක් ලැබුණාම  ඒක බෙදාගෙන රස විදින එක වටිනවානේ. මේ තියෙන්නෙ වසර 100ක් මුළුල්ලේ ලෝකය හොල්ලපු භූමි කම්පා කිහිපයයි. . April 18, 1906, සැන් ෆැරන්සිස්කෝ     උදෑසන 5.12ට රික්ටර් මාපකයේ ඒකක 7.8ක් පමණ වුණ භූමිකම්පාවක් ඇති වුණ අතර එහි කම්පන බල පෑම නවෝඩා කාන්තාරය දක්වා දැනුන බව සදහන් වෙනවා. මෙම අනතුර නිසා සැන් ෆැරන්සිස්කෝ නගරයේ ගොඩනැගිලි වලින් 80%ක් පමණ විනාශ වූ බවත් සදහන්. නිවාස ලක්ෂ 3ක් පමණ විනාශ වී 3000ක් පමණ මියගිය බවත් සදහන් වෙනවා..

Dreams are there to show you the way:: හීන අපට පාර පෙන්වා දේවී...

Dreams come true they do… Dreams come true… From all of us to all of you they do… මෙහෙම සටහනක් බ්ලොග් එකට දාන්න හිතුවේ මා දුටු සිහිනයක් ලගදීම සැබෑ වන්නට යන හින්දා කියලා කිව්වොත් නිවැරදි. ඒ සිහිනය තමයි “ අත්වැල “ අත්වැල කියන්නේ ශ්‍රි ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සමාජ සත්කාරක වැඩසටහන. ලංකාවේ සතර දිග්බාගයේ තියෙන දුෂ්කර පාසල් හොයාගෙන ගොස් දැයේ දූ පුතුනට නිදහස් අධ්‍යාපන වරමෙන්, ශක්තියෙන්, ධෛර්යයෙන් නැගිටින්නට අත්වැලක් වීමේ පරමාර්ථයෙන් තමයි අත්වැල නිර්මාණය කලේ.

32 secrets of pilot ::ගුවන් නියමුවෙක් දත යුතු රහස් 32

අපි නොදන්න අපේ ගුවන් යානා තාක්ෂණය - 2 (As stated in "Vaayu tattva prakarana" When crossing from one air stream into  another, the Vimana faces the baadaba glow of the sun and catches fire. In order to prevent that,  the electric force and air force in the Vimana should be conjoined and centred in the life-centre of  the Vimana, and by turning the switch, the Vimana will leap into safety.)  වායු තත්ව ප්‍රකාරණයට අනුව එක් වායු ප්‍රවාහයක සිට තවත් වායු ප්‍රවාහයකට යාමේදී සූර්යාගේ දීප්තිය හෙතුවෙන් ඇති වන ගිනි ගැනීම් වැනි බාධාවන්ට විමානය මුහුණ පාන අතර එයින් මිදීමට වායු හා විද්්‍යුත් බලයන් සංයුක්ත කර යානයේ ජීව මධ්‍යස්ථානයෙන් කේන්ද්‍ර ගත කර යතුරු මගින් යානය හරවා එම බාධාව මැඩ යානය ආරක්ෂා කරගැනීමට නියමුවා දැන සිටිය යතුය. අපි නොදන්නා අපේ තාක්ෂණය පළමු ලිපියට බොහෝම ප්‍රතිචාර ලැබුණා. ඒවාට ගෝඩාක් ස්තූතියි. ඒ ලිපියෙන් අපිට අවශ්‍ය වුනේ අපේ හෙළ ගුවන් යානා තාක්ෂණය ලිපියට ආරම්භයක් ගන්න. විවිධ මත දැන ගත්තා. අද අපිට නැතිවුණත්, අපේ දෙයක්නේ කියන හැගීම අපිට නම් තියෙනවා. ඉතිහාසය අපිට වැදගත...

බලන්නම වටින මගුල් පොටෝ :: Sri Lankan ploitisian's weding Photos

වැඩ ගොඩ ගැහිලා, ඒ හින්ද පොස්ට් දාන්න ඕනේ උනත් කාලය සීමිතයි. කොහොම වුනත් මේ ටික නම් දාන්නම ඕනේ කියලා හිතුනා. බලන්නකෝ දැකලා තියෙනවාද කියලා. ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හා එලීනා විජේවර්ධන මැතිනිය 1932/02/28 වන දින ලංකාවේ පළමු අගමැතිනිය හා ලංකාවේ අගමැති වරයෙක් වු බණ්ඩාරයනායක මැතිතුමා හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1940/10/03 වන දින

උන්වහන්සේලා අපවත් කළහ::seuslsla.blogspot.com

දරුණු විදියට යුද්ධය පැවැති කාලයේ මා නැවතී සිටියේ අම්පාර හාඩි ආයතනයේ අධ්‍යක්ෂ අමරදේව අප්පුහාමි මහතා සමඟ ඔහුගේ නිල නිවාසයේය. එහිදී දුරකථනයෙන් කිරිදිවැල සෝමරතන හිමියන් හඳුනා ගන්නට ලැබුණි. ඉන් කල්යාණ මිත්‍ර හිමි නමකගේ ඇසුර ලැදිමි. යාන වාහන පහසුකම් නැතිව අතර මං වූ වෙලාවක විද්‍යානන්ද පිරිවෙනට යන මම පාංශුකූල රෙද්දක් ඇඳගෙන රාත්‍රිය එහි ගතකොට ඇත්තෙමි. දිගාමඩුල්ලේ මෙම පිරිවෙන ආරම්භ කළෝ හෑගොඩ ඉන්දසාර හිමියෝය. 1932 ජනවාරි 08 වන දින උපන් වීරසේන කුමාරගේ පියා තෙලිකඩ පල්ලියගුරුගේ කරෝලිස් අල්විස්ය. ගාලූ දිස්ත්‍රික්කයේ වැල්බඩ පත්තුවේ බූස්ස ආසනයේ හෑගොඩ නම් ගමේදී උපන් කුමරුවා 1944.04.07 දින හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාමයේදී හෑගොඩ ඉන්දසාර නමින් පැවිදි වූහ. 1953.06.10 දින මහනුවර මල්වතු විහාරයේදී උපසම්පදාව ලබා 1956 දී අම්පාරට වැඩියහ. උන්වහන්සේ මේ සුනාපරන්තයට වඩින විට ඕවාගිරිය, දීගවාපිය, උදයගිරිය වැනි රජමහ විහාර හැරුණු විට අනෙක් සිද්ධස්ථාන නටබුන්ව තිබුණි. එකල මෙහි වාසය කළේ භික්ෂුන් සිව් නමක් පමණි. අද සමනබැද්ද ධම්මරතන පිරිවෙන හෙවත් වනවාස විහාරය උන්වහන්සේ මුලින්ම වැඩ වාසය කළ ස්ථානයයි. 

අපි නොදන්නා අපේ ගුවන්යානා තාක්ෂණය. :: Sri Lankan aincent aircratfts technology:: seuslsla.blogspot.com

·         හෙල ගුවන්යානා නැතහොත් විමාන වල භාවිතා කර ඇත්තේ ප්‍රති-ගුරුත්වාකර්ෂණ බලයයි.(Anti- gravity) වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය සංස්කෘතික භාෂාවෙන් ඉන්දියානුවෙක් රචනා කරන ලද්දක් වුවද ඉන්දියානු රජය එම තාක්ෂණය තම රට සතු වූවක් බව ප්‍රකාශ කරන්නේ නැත. මෙයට හේතුව වන්නේ මෙම ගුවන් යානා තාක්ෂණය ලංකාව කේන්ද්‍ර කරගත්තා වූ හෙළයන්ට අයිති වූ වක් බවට සාක්ෂි බොහෝ බැවිනි....  අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ ගොඩක් සංධිස්ථාන පහුකරමින් අවානේ. අවසානවතාවට අපි කතා කලේ හෙළයුගයේ දේව වංශයේ පාලනය හා එය බිදවැටීම ගැනයි. අපේ සබෑ ඉතිහාසය තාකෂණයෙන් දැනුමෙන් පොහොසත් එකක්. එය නවීන ලෝකයේ තියෙන තාක්ෂණයටත් වඩා දියුණුව තිබූ එකක් බවට සාක්ෂි ඕනෑ තරම්. ඒනිසාම අපි තීරණය කලා අපි නොදන්නා නමුත් අපට උරුමව තිබූ ඒ හෙළ යුගයේ තාක්ෂණය ගැන කතා කරන්න. මේ සදහා මුලාශ්‍ර ලෙස අපි මහා සෘෂි භරද්වාජ විසින් රචනා කල ජේ. ආර්. ජෝෂියර් විසින් ඉංග්‍රිසයට පර්වර්තනය කරන ලද