Skip to main content

32 secrets of pilot ::ගුවන් නියමුවෙක් දත යුතු රහස් 32


අපි නොදන්න අපේ ගුවන් යානා තාක්ෂණය - 2

(As stated in "Vaayu tattva prakarana" When crossing from one air stream into 
another, the Vimana faces the baadaba glow of the sun and catches fire. In order to prevent that, 
the electric force and air force in the Vimana should be conjoined and centred in the life-centre of 
the Vimana, and by turning the switch, the Vimana will leap into safety.) වායු තත්ව ප්‍රකාරණයට අනුව එක් වායු ප්‍රවාහයක සිට තවත් වායු ප්‍රවාහයකට යාමේදී සූර්යාගේ දීප්තිය හෙතුවෙන් ඇති වන ගිනි ගැනීම් වැනි බාධාවන්ට විමානය මුහුණ පාන අතර එයින් මිදීමට වායු හා විද්්‍යුත් බලයන් සංයුක්ත කර යානයේ ජීව මධ්‍යස්ථානයෙන් කේන්ද්‍ර ගත කර යතුරු මගින් යානය හරවා එම බාධාව මැඩ යානය ආරක්ෂා කරගැනීමට නියමුවා දැන සිටිය යතුය.
අපි නොදන්නා අපේ තාක්ෂණය පළමු ලිපියට බොහෝම ප්‍රතිචාර ලැබුණා. ඒවාට ගෝඩාක් ස්තූතියි. ඒ ලිපියෙන් අපිට අවශ්‍ය වුනේ අපේ හෙළ ගුවන් යානා තාක්ෂණය ලිපියට ආරම්භයක් ගන්න. විවිධ මත දැන ගත්තා. අද අපිට නැතිවුණත්, අපේ දෙයක්නේ කියන හැගීම අපිට නම් තියෙනවා. ඉතිහාසය අපිට වැදගත් කියන ස්ථාවරයේ ඉදන් තමයි අපි මේ ලිපිය ලියන්නේ.


පසුගිය ලිපියෙන් අපි පැහැදිලි කලා අතීතයේ ගුවන් යානා හැදින්වූ නාම හා ඒවා හෙළ අධිරාජ්‍යෙය් නිර්මාණයන්ය යන්න තහවුරු වන සාක්ෂි. අපි සදහන් කලානේ අතීතයේ ඒ ගුවන් යානා හැදින් වූ නම විමාන කියලා. අපි අද විමානය පිළිබද සාකච්චා කරමු.
වෛමානික ශාස්ත්‍ර එහෙමත් නැත්තම් විමාන ශාස්ත්‍රය නැමති ඍෂි භරද්වාජ විසින් රචනා කරන ලදල දැනට ඓතිහාසික ගුවන් යානා තාක්ෂණය ගැන කරුණු සදහන් එකම කෘතියට අනුව විමානයේ අර්ථදැක්වීම වන්නෙ
වේග සාම්යාත් විමානෝ අන්ඩජානම් යන්නයි. මෙය ඉංග්‍රිසියට පර්වර්තනය කල කල් හී “Owing to Similarity of Speed with birds, it is named Vimaana”
එනම් පක්ෂියාගේ වේගයට සමාන වන්නා වූ යානය විමානය නමින් හැදින් වූ බවයි. මෙහි හෙළනම හා විමානයේ හෙළ අර්ථදැක්වීම අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලා.
වෛමානික ශාස්ත්‍ර කෘතියේ ඍෂි භරද්වාජයන්ට අමතරව
බෝදානන්ද ව්‍රිති විසින්
අන්ඩජ යනු බිත්තරයකින් උපන් යන්නයි, එනම් රාජලියන් හා අනෙකුත් පක්ෂීන් තම ප්‍රයත්නයෙන්ම ඉගිලෙන්නා සේම, විමානය යනු පක්ෂින් හා සමානවම ගුවනේ පියාසර කල හැකි යානයයි.
ආචාර්ය නාරායන් විසින්
පොළව හා ජලය මතු පිට හා අහස තුල තම ශක්තියෙන්ම වේගවත්ව පක්ෂියෙක් මෙන් ක්‍රියාකරන්නා වූ යානය විමානයයි.
ශානක්හට අනුව
ගගනයාත්‍රා විද්‍යාවේ නිපුණයන්ට අනුව එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ගුවනින් ගමන් කල හැකි යානය විමානයයි.
විශ්වාම්භරට අනුව
නිපුණයන් විසින් පවසන පරිදි, රටකින් තවත් රටකට, දූපතකින් තවත් දූපතකට හා ලොවකින් තවත් ලොවකට ගුවන් මගින් යා හැකි යානය විමානයයි.
මේ ලෙස විමානයට අර්ථදැක්වීම් කීපයක් වෛමානික ශාස්ත්‍ර තුල දක්නට ඇත.
මීට අමතරව විමාන වර්ග 4ක් වෛමානික ශාස්ත්‍ර තුලින් හදුනා ගත හැක.
  • ශකුණවිමානය - මෙය කුරුල්ලෙක්ගේ හැඩයකින් යුක්ත වූ නිසා මේ නමින් හදුන්වා ඇත. සකුනා කියන්නෙ පක්ෂියාට කියලම බව 5 වසරෙදි සමාන පද වලට ඉගෙන ගන්නත් ඇතිනේ. 
 


    • සුන්දරවිමාන - මෙය වෘත්තාකාර හැඩයකින් යුක්ත වූ බව සදහන් වෙනවා. පියාඹන පිරිසි යැයි හදුනාගෙන ඇත්තේ මෙය බව සැලකෙනවා.

      • ත්‍රිපුරවිමාන - තට්ටු තුනකින් සමන් විත මෙම විමානය ගොඩ,දිය හා ගුවන් තුනේම බාවිතා කල හැකි එකක් වූ බවට සැලකෙනවා.

      •  රුක්මවිමාන - මෙම විමානය ගැන නම් වැඩිපුර යමක් සදහන් වන්නෙ නැහැ.
        කොහොම වුනත් අපි මේ විමාන 4 පිළිබදව සම්පූර්ණ විස්තරයක් මීලග ලිපි වලින් ගෙන ඒමට බලා පොරොත්තු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි,
        විමානික ශාස්ත්‍ර ග්‍රන්ථයට හා හෙළ සම්ප්‍රදායට අනුව නම් පළමුව නියමුවෙක් එහෙමත් නැත්තම් විමානය පදවන්නෙක් පුහුණු කර අනතුරුව විමානය නිර්මාණය කරනු ලැබේ.
        මම අහලා තියෙන කතාවක් තමයි ගුවන් යානයට වඩා ගුවන් නියමුවා වටිනවා කියලා, කොහෝමත් මිනිස් ජීවිතයක් භෞතික, අප්‍රාණික යානයකට වඩා වටින හින්දම නෙමෙයි. ගුවන් නියමුවෙක් පුහුණු කරවන්න ලොකු වියදමක්, වැඩි කාලයක් ගත වෙන හින්දාම වෙන්න ඇති.
        අතීතයේ විමාන නිපදවීමට ගුරු කුල තිබිලා තියෙන අතර ගුරු කුලයේ ආචාර්ය වරුන් හා ගුරුවරුන් එක් වී විමානය නිපදවීම හා එය පැදවීම කරපු බව සදහන් වෙනවා. මෙවැනි ගුරු කුල කීයක් හෙළ අධිරාජ්‍ය සතුව තිබ්බාද කියලා හරියට කියන්න බැහැ.
        මෙම ගුරු කුලයන් හිදි නිපදවන විමානය පදවන්නා හෙවත් දූතකයා අංග සම්පූර්ණ දූතකයෙක් වීමට රහස් 32 දැන ගත යුතුව තිබෙන බව වෛමානික ශාස්ත්‍ර පවසනවා.
        “The Pilot is one who knows the Secrets”.
        1.     මන්ත්‍ර - මෙය දූතකයෙක් විසින් දත යුතු පළමු රහස විදියටයි වෛමානික ශාස්ත්‍ර විස්තර කරන්නෙ. කිසිවෙකුට කැඩිය නොහැකි, බිදිය නොහැකි. කැපිය නොහැකි හා විනාශ කල නොහැකි අන්දමට විමානයක් සෑදීමට දූතකයා දැනගත යුතුය. මේ සදහා බල සම්පන්න අමුද්‍රව්‍ය හා තෙල් වර්ග භාවිතා කර භුවනේෂවර මන්ත්‍ර ජප කල යුතු වන අතර මෙයට අමතර විමානය භාවිතා කර පෙනී යාමටත්, නොපැමිණි යාමට හා යානයේ විවිධ ස්වරූප වලට මාරු කීරීමට අවශ්‍ය භෛරවී, වේගිනි, චින්නමස්ත, සීධාම්බර හා ගුතිකා යන මන්ත්‍ර මේ සදහා දැනගත යුතුය ( මෙමගින් අදහස් වන මන්ත්‍ර පිළිබද හරිහැටි අදහසක් වටහාගත නොහැකි වුවත් මෙමගින් වවිධ තාක්ෂණීක විධ අදහස් කලා විය හැක. මෙයන් අදහස් වන දෙය නම් නියමුවා ගගන ඉංජීනේරුවෙක් විදියට සියල්ල දැන සිටිය යුතු බව විය හැක.) 
        2.  තන්ත්‍ර - මහාමායා, ෂාම්බර වැනි තාන්ත්‍ර විධි රගෙන ගෙ එම විධින් විමානයට අදේශ කරීමට දූතකයා දැන ගතයුතුය.
        3.  ක්‍රීටක - අතීත ලෝකයේ අති දක්ෂ ඉංජීනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් වන විශ්වකර්ම හා මායා අසුර වැනි ඉංජීනේරුවන්ගේ සැලසුම් උගත යුතු අතර විවිධා කාරයේ සැලසුම් දැන සිටිය යුතුය
        4. අන්තරාල - ගුවනේ වායු තල ගැටෙන සීමාවන්, අකුණු වලින් හා යානය තවත් යානයක ගැටිමෙන් ආදියෙන් වන අනතුරු මග හරවා ගැනීමට අවශ්‍ය උපායන් දූතකයා විසින් දැන ගත යුතුය
        5.  ගූඪ - වයුතර ප්‍රකාරණයෙන් විස්තර වන පරිදි වායු ගෝලයේ ඉහල 8 වැනි ස්ථරයේ ඇති ව්‍යාස, යාස, ප්‍රයාස වැනි අනතුරු දායක බලයන් සමනය කරගෙ සූර්්‍ය කිරණ භාවිතයෙන් යානය නොපෙන ලෙස සැලස්වීමට දැනගත යුතුය 
        6. දෘෂ්‍ය - විශ්ව කාර්ය දර්පණ තලයේ ආධාරයෙන් සුළං හා විදුලි බලය උපයෝගි කරගෙන යානයේ ස්වරූපය වෙනස් කිරීමට දැන සිටිය යුතුය. 
        7. අදෘෂ්‍ය - වායුගෝලයේ විවිධ බලයන් වලින් සූර්ය කිරණ වලින් නිකුත් වන්නා වූ බාලාවිකිරණ ශක්තිය අවශෝෂණය කරගෙන විමානය වටා ශ්වේත වර්ණ ආවරණයක් මවාගෙන යානය නොපෙනේනට සැලස්විමට දැන සිටය යුතුය. 
        8. පරෝක්ෂ - වාලාකුළු උපත් විද්‍යාව හෙවත් මේගෝහෝපති -ප්‍රකාරණයට අනුව දෙවන උණුසුම් වාලාකුළු තලයට ඇතුළු වී විශ්වකාර්ය දර්පණ හෙවත් යානයේ ශක්ති ප්‍රභවයක් වන දර්පණ තල උපයෝගී කරගෙන ශක්තී ධාරා නිපදවා එය සතුරු යානයට එල්ල කොට එම යානය අකර්මණ්‍ය කරන විදි දැන ගත යුතුය 
        9. අපරෝක්ෂ - ශක්ති තන්ත්‍ර වලට අනුව රෝහීණී කිරණ උපයෝගී කරගෙන එය සතුරු යානයට එල්ල කර ඇතුලත ඇති දේ නිරීක්ෂණය කිරීම. 
        10. සංකෝච - යානයේ සියළු පියාපත් විහිදුවා ගමන් කිරීමේදී ඉදිරියෙන් අනතුරක් ඇති බව හැගුණ හොත් විමානයේ 7වැනි යතුර තද කොට යානය හකුළුවාගෙන යාමට දැන සිටිය යුතුය.
        11.  විස්තීරණ - ආකාශ තන්ත්‍ර වලට අනුව විමානය අහස් තලයේ මධ්‍යම කලාපයේ ප්‍රථම හා තෙවන ස්ථර වලදී විමානය හොදින් විහිදුවා ගැනීම. මෙය විමානයේ 11 වැනි යතුර භාවිතාවෙන් කල යුතුය. 
        12.   වීරූප කරන - දූම ප්‍රකාරණයේ සදහන් වන පරිදි විවධ ආකරයේ දුම් වර්ග 32ක් මවා පා එවා ආකාශ කිරණ මගින් වර්ණ ගන්වා එම වලාවන් පද්මක චක්‍ර නලයෙන් ප්‍රක්ෂේපණය කොට විමානය භයංකාර ස්වරූපයකින් පෙන්වීමට හා විවධ වේගයන් 132කින් විමානය බ්‍රමණය කර වීමට දැන සිටිය යුතුය 
        13. රෑපාන්තර -ගිරිධාරජීව, කුම්භානී, කකාජන්ඝ යන තෙල් මුදා හරිමින් සතුරු යානා වල විශ්වවකාර්ය දර්පණ විනාශ කොට එය 19 වැනි දුම් වර්ගය සමග මුසු කර විමානයේ කුන්ටිනී ශක්තියෙන් බල ගන්වා විමානය සිංහයෙක්, කොටියෙක්, රයිනෝසිරයෙක්, විශාල කන්දක් ලෙස මවා පා සතුරු යානයන් මුලා කිරීමට දැන සිටිය යුතුය. 
        14.   සුරූප - කාරක ප්‍රකාරණයේ කියැවෙන 13 වර්ගයක් වු කාරක ශක්තීන් අවශෝෂණය කරගනිමින් අධි අරෝපිත හිම හා වායූන් වායු නල තුලින්, විමානයේ දකුණු පස ඇති පුෂ්පනී පින්ජුලා දර්පණයට ප්‍රක්ෂේපනය කරමින් සුරග කිරණ වෙත ඉලක්ක කොට යානය මල් මාලා හා ආභරණ පැලදගත් සුරගනක් ලෙසට පෙනීමට සැලස්වීම. 
        15. ජෝතිර්බාව - 16ක් වර්ග වූ සූර්ය කිරණ අතුරින් 12 වැනි හා 16 වැනි කිරණ උපයෝගී කරගෙන විමානයේ ගුහා ගර්භ දර්පණය මගින් යානය උදෑසන හිරු මඩල සේ පෙන්වීමට සැලස්වීම.
        16.   තමෝමායා - දර්පණ ප්‍රකාරණයේ සදහන් වන පරිදි යානයේ අදුරු බල දර්පණයෙන් අදුරු බල හසුකරගෙන විමානයේ වයඹ දිගින් පිහිටි තාමෝ යන්ත්‍රය මගින් හොදින් ආලෝකය ඇති දහවලක් අමාවක සද ඇති අහස මෙන් අදුරු කරවීම.
        17.   පූලය- විනාශයේ මායා පොතේ සදහන් වන ආකාරයට 5 වර්ගයක් වූ දුමාරයන් උපයෝගි කරගෙන එයට විද්යුත් ආරෝපණය මුසු කර යානයේ ඉදිරිපස නලයෙන් ඒවා මුදා හරිමින් හාත්පස ඇති සියළු දෑ විනාශ කිරීම.
        18.   විමුක්ත- කුබේර, විමුක හා විශ්‍රවස් යනාදීන් විසින් භාවිතා කරන ලද විෂ කුඩු වර්ග යානයේ රෟද්‍රි නාලයෙන් මුදා හැර වායුගෝලයට විෂ මුසු කර පුද්ගලයන් සිහි මුර්ජාවට හා විකෘතින් වලට පත් කිරීම. 
        19.  තාරා - වායූගෝලයේ තියෙන බලයන් උපයෝගී කරගනිමින් යානයේ ඉදිරිපස නලයෙන් රැස් ධාරා මුදා හරිමින් යානය තාරකාවක් සේ පෙන්වීමට සැලස් වීම. 
        20. මහා ශබ්ධ විමෝහන - විමානයේ ඇති වායු නල 7 උපයෝගී කරගනිමින් අති භයංකාර ශබ්ධ ඇති කරමින් සතුරන් බිය ගැන්වීම.
        21. ලණ්ඝාන - වායු තත්ව ප්‍රකාරණයට අනුව එක් වායු ප්‍රවාහයක සිට තවත් වායු ප්‍රවාහයකට යාමේදී සූර්යාගේ දීප්තිය හෙතුවෙන් ඇති වන ගිනි ගැනීම් වැනි බාධාවන්ට විමානය මුහුණ පාන අතර එයින් මිදීමට වායු හා විද්්‍යුත් බලයන් සංයුක්ත කර යානයේ ජීව මධ්‍යස්ථානයෙන් කේන්ද්‍ර ගත කර යතුරු මගාන් යානය හරවා එම බාධාව මැඩ ආරක්ෂා වීම.
        22. සර්ප ගමන - සර්පයෙක් ගමන් ගන්නා ආකරය හෙවත් සිග් සැග් ක්‍රමයට යමින් යානය ප්‍රහාර වලින් මුදවා ගැනීම.
        23. චාපාල - සතුරු යානයක් දුටු විට  යානයේ ශක්ති මධ්‍යස්ථානය මගින් වායුගෝලිය කම්පන තරංග පැයකට 4807 දක්වා නන්වා වායු ගෝලය කලඹා සතුරු යානය සෙලවීම.
        24. සර්වතෝමුක - සතුරු යානයක් පහර දීමට එන විටි විමානය හැප පැත්තකට කරකැවවීම.
        25. පරශබ්ද ග්‍රාහක- ශෝධාමනී කාල හෙවත් විද්යුත් පිළිබද විද්‍යාව මගින් විමානයේ ශබ්ද ග්‍රාහකය මගින් සතුරු යානය ගුවනේ සිට කෙරන කතාවන් වලට සවන් දීම.
        26. රූපාකර්ශන - විමානයේ ඇති රූපාකර්ෂන යන්ත්‍රය(රූපවාහිනය) මගින් සතුරු යානය ඇතුලත බලා ගැනීම.
        27. ක්‍රියා ග්‍රහණ - යානයේ පතුලේ ඇති යතුර ක්‍රියාත්මක කල විට සුදු පැහැති රෙදි කඩක් මතු වේ. විමානයේ ඊසානින් අම්ල 3ක් විද්යුත් ආරෝපණය කර සූර්්‍ය කිරණ වර්ග 7ක් සමගින් සංයුක්ත කර ඇති වන්නා වු ශක්ති ප්‍රභවය ත්‍රී ශිර්ෂ දර්පණය මගින් පොළවට යොමු කර සුදු රෙදි කඩ තිරයක් ලෙස භාවිතා කර පොළවේ සමීප නිරීක්ෂණයන් ලබා ගැනීම.
        28. දික්ප්‍රදර්ශන - විමානයේ ඇති දිශාම්පති යන්ත්‍රය භාවිතා කර සතුරු යානා පැමිණෙන දිසාවන් හදුනා ගැනීම. 
        29. ආකාශාකාර - ආකාශ තන්ත්‍ර වලට අනුව කළු මයිකා ද්‍රාවණයක් හා භූනාග කාසයන් මිශ්‍ර කොට විමානයේ පිටත බිත්ති එම මිශ්‍රණයෙන් ගැල්වීමට සලස්වා සූර්ය කිරණ වලට නිරාවරණය කල විට විමානය අහස ලෙසම පෙනී අද්‍රෘෂ්‍ය මාන වීම. 
        30.  ජාලාධ රූප - දෙළුම් යුෂ, බිල්වා හෝ බේල් තෙල්, කොපර් ලුණු, මුළුතැන්ගේ දුම, ගුරුල් ද්‍රාවණ, අබ කුඩු, මාළු කොරපොතු, කොරල් හා හුණු ගල් මිශ්‍ර කොට ඇතිවන්නා වූ දුමාරය සූර්ය කිරණ තුලින් යවා විමානය වටා පැතිර වූ විට විමානය වලාකුළුක් සේ දිස්වීම. 
        31.   සත්බ්දක - විමානයේ උතුරු පස නලයෙන් සතුරු යානය දෙසට අපස්මාර විෂ දුම් ප්‍රක්ෂේපණය කොට සතම්භාන යන්ත්‍රෙයන් එය මුදා හැර සතුරු යානයේ සිටින්නන් සිහි මුර්ජා කිරීම.
        32.   කර්ෂණ - උෂ්නත්ව ලිවරය අංශක 87 දක්වා වැඩි කොට උෂ්ණත්වය වැඩි කොට  ශක්තියෙන් වැඩි අලෝක ධාරා යවා සතුරු යානය පිළිස්සීම.

        වෛමානික ශාස්ත්‍ර යන ග්‍රන්ථය මෙම ආකාරයට සදහන් කලද මෙමගින් අපට අනුමාන කල හැක්ක නම් විමානයක් නිර්මාණය කිරීමට පෙර දූතකයා විසින් විවිධ වූ විද්‍යාවන්, ශිල්පයන් හදරා ඒවායේ නිපුනත්වයට පැමිණිය යුත්තක් බවයි. මෙම ග්‍රන්ථය සංස්කෘත භාෂාවෙන් ලිය වී තිබුණත් එහි භාවිතා කර ඇති උපාංග නාම, විද්‍යා නාම යනාදීයේ සිංහල හුරුවක් ඇති බව නම් ඒ කෘතිය කියවද්දි දැනුන බව පවසන්නම ඕනේ. මීලග ලිපියෙන් දූතකය තව දුරටත් දැන ගත යුතු දේ සාකච්චා කර විමානයේ කොටස් හදුනා ගනිමු.
        එතෙක් ආයුබෝවන්.
        විස්තර තහවුරුව: වීකිපීඩීයා

        Comments

        කොහෙන්ද මේවා හොයා ගත්තේ...නියමයි...
        හප්පා අපිට සැර වැඩී වගේ. හැබැයි මරු ඈ
        Anonymous said…
        keep it up,,,,
        Dasun said…
        මෙහෙම තමයි වෛමානික ශාස්ත්‍ර කියන පොතේ තිබ්බේ. අදහස් වලට ස්තූතියි. දිගටම රැදී ඉන්න
        Anonymous said…
        kiyawagena yanakota niyamae. Eth saturu yana kohenda? vimana tibune apata vitharanam?
        අතා said…
        සතුරු යානා යනුවෙන් සදහන් කලේ කාගේ යානාද යන්න පැහැදිලි මදි....

        Popular posts from this blog

        ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

          හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

        සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

        ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

        හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

        මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...