Skip to main content

Posts

ලෝකයටම පරමාදර්ශි නගරය වූ ලංකාපුරය :: Lankapura was the 1st perfect City of World

හෙළ අසුර රාජ වංශය 5 අපි කලින් ලිපියෙන් විස්තර කලානේ හෙළ අසුර අධිරාජ්‍යට සතුරන් ඇති වීමට හේතු වුණ කාරණාව. මේ නිසාම හෙළ අසුර අධිරාජ්‍ය සතුරනගෙන් රැකීම ඉතා අවශ්‍ය වුණා. මේ හින්දාම රට කොටස් තුනකට බෙදලා තාරක, සුරපද්ම සහ සිංහමුඛ කුමාරයන් අතර බෙදා දීලා තියෙනවා. මේ කුමාරුවන් 3 දෙනාම ඒ වන විට දේව අධ්‍යාපනය හදරා තිබුණා. තාරක කළුතර අසල වේලාපුර අගනුවර කරගත්ත අතර සූරගුප්ත මැණික් ගඟ අසල මහින්දපුර නොහොත් මහේන්ද්‍රගිර(වැඩහිටි කන්ද කියලා සිතන්න පුළුවන්) අගනුවර කරගත්ත බවත් සදහන් වෙනවා. නමුත් සිංහමුඛ කුමරුට අගනුවරක් තිබිලා නැහැ ඒ නිසාම තාරක හා සුරපද්ම කුමාරවරුන්ගේ ඉල්ලීම පරිදි මායා-අසුර (විශ්වකර්ම) විසින් ලංකා පුරය ඉදිකර දුන් බවරාමායණයේ සදහන් වෙනවා. ඒත් එක්කම නිල රථය ලෙස පුෂ්පක රථය නොහොත් දඩු මොණරයද (දඩු මොණරය ශකුණ වර්ගයේ විමාණයක් ලෙස සදහන් වෙනවා) නිෂ්පාදනය කර දී තිබෙනවා. වේලාපුර කළුතර හා මහින්දපුර මුහුදට කිට්ටුව තිබූ නිසා ලංකා පුරයත් මුහුදට කිට්ටුව තියෙන්න ඇතියි කියලා අපිට හිතන්න පුළුවන්.

තොප්පිය යට ඔළුවක් තිබේ :: seuslsla

රජවරු තම දේශයේ වැසියන්ගේ සුවදුක් සොයා බැලීම පිණිස වෙස් වළාගෙන ගෙන් ගෙට ගියහ. වෙනත් පෞද්ගලික උවමනාවන් සඳහා ද ගියහ. මොරතොට හිමියන්ගේ සිල් බැලීම සඳහා ගොස් ගැහැනියක් ලෙස සැරසී කාමරයට අත දැමූ පුවතක්ද අප අසා ඇත. එසේම තිරුවා නම් පුද්ගලයා අඹගමුවට යවා රාත්‍රියේ නිවසට ගොස් ඔහුගේ බිරිඳට කතාකිරීමට ගිය රජතුමා අමාරුවේ වැටුණේ රජුගේ සට කපට බව දැන සිටි තිරුවා අඹගමු නොගොස් ගෙදර සිටීම නිසයි. '' තිරුවා අඹගමු ගියා වගේ '' යන කියමන ජනවහරට එක් වුණේ මින් පසුවයි.

හැට්ටය ඇතුලේ අත් බෝම්බ සගවා පහර දුන් හෙළ කාන්තාවෝ:: Ancient Sri Lankan women were attack with grenades that hidden inside the blouse.

හෙළ අසුර රාජවංශය 4 තම සැමියා හොරෙකු ලෙස නම් කිරීමෙන් කිපුණු පත්තනි දේවියන් ලෙස අද හදුන්වන දේවයානී විසින් තම වම් තනය කඩා බිම ගැසූ විට එය පුපුරා යාමේන් ඇති වූ ගින්නෙන් මුළු මදුරා පුරයම ගිනිගෙන විනාශ වූ බව පත්තිනි ඇදහිල්ල පවසයි. මහාචාර්ය ෆෝලි විසින් පවසන්නෙ මෙය හැටිටය ඇතුලේ සගවා ගෙන ආ ග්‍රැෙන්ඩ් වැනි අත් බෝමිබයක් විය හැකි බවයි.... ටීවනකු ප්‍රෙද්ශය අශ්‍රිතව හෙළයන් විසින් ජනවාස කොට බිහිකරන ලද්දා වූ ශිෂ්ඨාචාරය අද හැදින්වෙන්නෙ “ ඉන්කා “ ශිෂ්ඨාචරය විදියටයි. මෙම ශිෂ්ඨාචාරය ඉතා දියුණු වාරිමාර්ග ක්‍රම වලින් හා අලංකාර විශාල ගෘහ නිර්මාණයන්ගෙන් යුක්තය. උතුරු ඇමරිකාවේ රෝකී කදුකරය ආශ්‍රිතව පිහිටි මෙක්සිකොවේ “ මායා “ ශිෂ්ඨාචාරයද පාතාලයේම( පාද+තල+යට) දිගුවකි. එය හැදින්වෙලා තියෙන්නේ “ සූතල “ රාජධානිය කියලයි. ඉන්කා ශිෂ්ඨාචාරයේ නැතහොත් පාතල රාජධානියේ අදටත් නිරුපද්‍රිතව පිහිටි නිර්මාණයක් තමයි වීරචන දේවොල. කළුගල් නිර්මාණයක් වන මෙම දෙවොලේ ඇති නිර්මාණයන් මගින් එම ශිෂ්ඨාචාරයේ තිබුණ දියුණු බව තේරුම් ගන්න පුළුවන්. ඉන්කා ශිෂ්ඨාචරයේදී වීරකෝව යන නමින් හැදින්වෙන වීරචෝන රජුගේ ප්‍රතිමාව වසර දහස්ගණනක් තිස්සේම...

බොලීවියාව,පීරු හා චිලී දක්වා බල පැවත්වූ ලංකාවේ බලය. :: Sri Lankan Kingdom reach the South America too:::

හෙළ අසුර රාජවංශය -2 හිරණ්‍ය කාශ්‍යප රජු මරන ලද්දෙ නරසිංහ නැමැති විශ්ණූගේ සිව්වන අවතාරය විසින් බව විශ්ණු පුරාණයේ හා භගවත් ගීතාවේ සදහන් වේ. හින්දු ජනප්‍රවාදයට අනුව හිරණ්‍ය කාශ්‍යපගේ පුත් ප්‍රලාද විශ්ණු භක්තිකයෙක්. හැම තැනකම, හැම දෙයකම විශ්ණු ඇති බව ප්‍රලාද විශ්වාස කල  බවත් සදහන්. මෙ පිලිබදව පියා හා පුතු අතර වාදයක් ඇති වී කේන්ති ගිය හිරණ්‍ය කාශ්‍යප රජු ලග තිබූ ලී ටැඹකට පයින් ගසා කඩා මේ තුලත් විශ්ණු ඇත්දැයි අසද්දීම ඒ තුලින් මතු වූ සිංහ හිසක් හා මානව ශරීරයක් තිබූ සත්වයෙක් හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමනන ලදි යන්න හින්දු මතයයි. නරසිංහ විසින් හිරණ්‍ය කාශ්‍යප රජු මරාදැමීම හිරණ්‍ය රජු තම අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට යාමේදී සතුරු කුමන්ත්‍රන ඇති වුනායැයි හා ඒ මගින් එතුමාගේ අවසානය වුණා කියලත් හිතන්න මේ ප්‍රවාදය එක්තරා සාක්ෂියක්. කැස්පියන් නැතහොත් කාශ්‍යප බටහිරින් ඇති කොකෙස් කදු යනු වර්තමානයේ ජෝජියා, ආර්මේනියා හා අසර්බයිජාන් යන රාජ්‍යයන්. මැක්ස්මූලර්ගේ මතය නම් ලොව මුල්ම මිනිසුන් තුර්කියේ අරරාත් කදුකරයේ හා කැස්පියන් මුහුදට බටහිරින් පිහිටි කොකෙස් කදුකරයේ ජීවත් වූ බවයි. මේ ක්‍රිස්තියානි හා ඉස්...

කුණුවෙලා මැරෙනවද?:: Wanna dirty dead? ::seuslsla.blogspot.com

මරණය කියන්නේ මේ ලෝකයෙ කොයි කාටත් බිය උපදවන දෙයක්. කවුරුත් කැමැති වෙන්නෙ දුක් කරදර නැතුව ජීවත්වෙන්නටයි. දවසක් මං අම්පාරෙ නගරයෙ තැනක යාළුවෙකු ආ නිසා නවතින්ට ගියා. හෝටලයේ නාන තටාකයේ විනෝද වෙමින් සිටි තරුණයෙකු දිහාට මගේ හිතගියා. මේ තරුණයා ඇතුළු පිරිස තරමක් සෝමපානය කරලයි හිටියේ. මගෙ හිතගිය තරුණ හාදයා නීතිඥයකු බව කතාවෙන් තහවුරු වුණා. තමන්ගේ සේවාව ගැන කියූ ඔහු කී කතාවක් මගේ සිතගත්තා. ''මැරිලා කුණුවෙන එක වෙනම දෙයක්. නමුත් කුණුවෙලා මැරෙන්ට එපා.'' ඔහු යාළුවන්ට දුන් උපදෙස මාත් හිතට ගත්තා. සමහර අය ජීවත් වූ ක්‍රමවේදය නිසා මැරිලත් ශාප විඟනවා. උදේ රෑ බණ කියන, බණ අහන රටේ සිද්ධ වෙන දේවල් අරුමයි. යුද සමයේ සුනාපරන්තය හරි නපුරු පළාතක්. ඒ කාලෙ අපේ පඩියට 'මර බිය දීමනාව' (Risck Allowance) කියලා එකක් එක්කාසු කරලා තිබ්බා. මේගැන කතාකරන්ට රැස්වීමක් දැම්මා. රැස්වීම අහවර වෙලා තවත් කියන්ට යමක් තිබේදැයි උපකුලපතිතුමා විමසුවා. මං අත ඉස්සුවා.

අඟහරු,සිකුරු හා පෘථීවිය පාලනය කල ලක් රජවරු.:: Sri Lankan King’s Empires reached beyond the earth

හෙළ අසුර රාජවංශය:: තුන් ලොව ජය ගත් අපේ රජවරු මේ දක්වා අපි අපේ ඉතිහාස ගවේෂණ චාරිකාවේදී විවිධ සංදිස්ථාන පසුකරමින් ආවානේ. ඔන්න අද ඉදන් අපි ගෙන එන්නෙ ලංකා ඉතිහාසයේ අප දන්න විජය රජුගෙන් එහාට ගිය, අපේ ඉතිහාසයට ඇතුලත් නොකල තුන් ලොවම පාලනය කල අපේ රජවරු ගැනයි. අපේ ගවේෂණයට අනුව නම් හෙළ දේශයේ පළවෙනි රජතුමා මහා සම්මත “ මනු “ රජතුමායි. මේ පළවෙනි රජතුමා තොරාගෙන තියෙන්නෙ මහා සම්මතයෙන්. ඒ කියන්නෙ සියළු දෙනාගේ කැමැත්තෙන් තමයි මනු රජතුමාව හෙළ දේශයේ පාලකයා විදියට තොරාගෙන තියෙන්නෙ. සංස්කෘත සාහිත්‍යට අනුව මනු රජතුමා මනු වෛශ්වත කියලා තමයි හැදින්වෙනෙ. හෙළ හවුලේ සොයාගැනීම් හා රාජාවලියට අනුව නම් ලංකාවේ පළවෙනි රජතුමාත් මහා සම්මත මනු රජතුමාමයි. සමහර මුලාශ්‍ර වල මනු රජු දඹදිව රජ කලායි කීවද, දඹදිව කියන ප්‍රෙද්ශය නිශ්චිතව භූගොලිය ප්‍රෙද්ශයක් වශයෙන් වෙන්කිරීම අපහසුයි. රාජාවලියට අනුව දඹදිව කියන්නේ මහාමේරු පර්වතයෙන් දකුණෙන් පිහිටි කලාපයයි. හිමාල කදුකරය ඇතුළු මහාමේරු පර්වතයෙන් උතුරු කලාපය උතුරුකුරු දිවයින විදියට තමයි හැදින්වෙන්නෙ. අරිසෙන් අහබුදු සූරීන්ට අනුව මහා සම්මත මනු රජතුමාගේ රාජධානිය වෙලා තියෙන්නෙ වර්තමාන මන්නා...

කොලෝලෝ වරෙව් ගොං ගහන්න :: :: seuslsla.blogspot.com

හැත්තෑ හතට පස්සෙ ගම රට හොඳටම වෙනස් වුණා. නිදහසේ වෙනස් වෙන්නට ඉඩ නොදී රටට සුනාමියක් වගේ වෙනසක් ගෙනැත් අතෑරියේ ඡේ.ආර්.. පුංචි සන්දියේ අපි කඩෙන් ගත්තෙ ලූණු , කරවල හා පරිප්පු වගේ දේවල් විතරයි. මිරිස් ගත්තෙම නෑ. කඩවල විකුණූ මිරිස්වලට කිව්වේ ' කඩේ මිරිස් ' කියලා. සමහර අය රට මිරිස් කියලත් කිව්වා. ගමේ අල වර්ග එමටයි. දෙහි අල , තුම්මස් අල , කිරි අල , රටල , සෙවෙල් අල මේවා අතර ප්‍රසිද්ධයි. අර්තාපල් කඩෙන් ගන්න නිසා කිව්වෙ ' කඩේ අල ' කියලා. අවුරුදු දවස්වලට තමයි ගෙවල්වලට කඩේ අල ගේන්නෙ. වගාවන් අතර ප්‍රධාන වුණේ කුඹුරු ගොවිතැන. ගමේ කොල්ලො කුරුට්ටෝ වඩාත් සතුටු වෙන්නෙ ගොයම් කපන කාලෙට. ඒ කාලෙට මීහරක් හරිම ඩිමාන්ඩ්. කල් වේලා ඇතුව පිංතුගෙන් නැත්නම් ජෝන්ගෙන් හරක් වෙන් කරගන්නවා. ගොයම් කැපිල්ල එකම මඟුලක්. ගොයම් කැපීම , උප්පිඩි එකතු කිරීම , කමතේ අළුවං වැඩීම , කොළ ඇදීම , කෙවිටි කැපීම , පැල් හැදීම මේ දාහක් වැඩ අතර ප්‍රධාන වෙනවා. කොළ පාගන්නෙ රෑට. පළවෙනියෙන් ඉවතදාන මැඩුවං (පිදුරු) වලින් අපි පැලක් හදලා වහගන්නවා. ගිනි මැලයක් පත්තු කර ගන්නවා. නැතුව ඉන්න බෑ සීතල. කොළේට හරක් ඔට්ටු කරන්නෙ වැඩිහිටියෙක්. උක...