Skip to main content

බොලීවියාව,පීරු හා චිලී දක්වා බල පැවත්වූ ලංකාවේ බලය. :: Sri Lankan Kingdom reach the South America too:::


හෙළ අසුර රාජවංශය -2
හිරණ්‍ය කාශ්‍යප රජු මරන ලද්දෙ නරසිංහ නැමැති විශ්ණූගේ සිව්වන අවතාරය විසින් බව විශ්ණු පුරාණයේ හා භගවත් ගීතාවේ සදහන් වේ. හින්දු ජනප්‍රවාදයට අනුව හිරණ්‍ය කාශ්‍යපගේ පුත් ප්‍රලාද විශ්ණු භක්තිකයෙක්. හැම තැනකම, හැම දෙයකම විශ්ණු ඇති බව ප්‍රලාද විශ්වාස කල 
බවත් සදහන්. මෙ පිලිබදව පියා හා පුතු අතර වාදයක් ඇති වී කේන්ති ගිය හිරණ්‍ය කාශ්‍යප රජු ලග තිබූ ලී ටැඹකට පයින් ගසා කඩා මේ තුලත් විශ්ණු ඇත්දැයි අසද්දීම ඒ තුලින් මතු වූ සිංහ හිසක් හා මානව ශරීරයක් තිබූ සත්වයෙක් හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමනන ලදි යන්න හින්දු මතයයි.
නරසිංහ විසින් හිරණ්‍ය කාශ්‍යප රජු මරාදැමීම
හිරණ්‍ය රජු තම අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට යාමේදී සතුරු කුමන්ත්‍රන ඇති වුනායැයි හා ඒ මගින් එතුමාගේ අවසානය වුණා කියලත් හිතන්න මේ ප්‍රවාදය එක්තරා සාක්ෂියක්.
කැස්පියන් නැතහොත් කාශ්‍යප බටහිරින් ඇති කොකෙස් කදු යනු වර්තමානයේ ජෝජියා, ආර්මේනියා හා අසර්බයිජාන් යන රාජ්‍යයන්. මැක්ස්මූලර්ගේ මතය නම් ලොව මුල්ම මිනිසුන් තුර්කියේ අරරාත් කදුකරයේ හා කැස්පියන් මුහුදට බටහිරින් පිහිටි කොකෙස් කදුකරයේ ජීවත් වූ බවයි. මේ ක්‍රිස්තියානි හා ඉස්ලාම් චින්තනයයි. ජනගහනය වැඩි වන විට ඉන් කොටසක් දකුණට සංක්‍රමණය වී ඉරානයට හා වයඹදිග ඉන්දියාවට පැමිණි අකාරය පෙන්වා දෙන ලදි. නමුත් ක්‍රිස්තියානි හා ඉස්ලාම් චින්තනයෙන් ඔබ්බට ගිය ඇමෙරිකානු මානව විද්‍යාඥයන් විමසන්නෙ මේ කදුකරයට ආර්ය්‍යන් පැමිණියේ කෙසේදැයි යන්නය. එයට පිළිතුර වශයෙන් ගත හැකි කාරණය නම් හිරණ්‍ය කාශ්‍යපයන් විසින් හෙළයන්ගෙන් මෙම කදුකරය ජනාවාස කරවීමය. මේ තරම් සාරවත් තැනිතලා පැවතියදී ජනාවස සදහා කදුකරය තොරාගත්තෙ ඇයිදැයි යන්නය?
මෙයට අනුමාන වශයෙන් ගත හැකි පිළිතුර නම් කදුකරයේදී මනස දියුණු වීමය. තැනිතලාවේදී පඨවියට ගැට ගැහෙන මනස ඉහල යත්ම වායුවට ගැට ගැසෙන්නට පටන් ගනී. සෘෂිවරුන් හිමාල කදුකරයම තොරගන්නා ලද්දෙ ඒ බැවිනි. නමුත් සිදුහත් තාපස තුමා තැනිතලාවේදී බුද්ධත්වයට පත්වීම එම තර්කයට පරස්පරය. එහි ප්‍රතිතර්කය නම් නිර්වාණය නැතහොත් මහා ශක්තිය තුලට වැදී නැවත්ම ඉටුකරගෙන පිරිනිර්වාණය නොකර මහා ශක්තියේ සිට ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් තම අරමුණ ඉටු කරගැනීමට ආපසු පැවත්මට ආ හැකි බවයි. ඒ හින්දු දර්ශනයයි. නිර්වානාබෝධයෙන් පසු පිරිනිවන් පෑම යනු පැවැත්ම අවසන් කිරීමයි. බුදුන් වහන්සේද හින්දුවෙක් බව හින්දූන් විසින් පවසන්නෙ ඒ බැවිනි. ගෞතම බුදුන් හින්දුවෙක් ලෙස ඉපිද, හින්දුවෙක් ලෙස ජීවත් වී හින්දුවෙක් ලෙස පිරිනිවන් පානලද බව ඉන්දියානු හින්දූන් පවසන්නෙ ඒ බැවිනි. උස් කදුකරයේදී මනස දියුණුවන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත. ටිබෙට් දේශයේදී කරන ලද්දා වූ පර්යේෂණ වලින් මේ බව ඔප්පු වූ බව විද්‍යාඥයෝ පවසනවා.
1896 දී මැක්ස්මූලර්ගේ ග්‍රහනයට හසුවූ ඉන්දු ආර්ය්‍යන්ගේ දකුණු දිග සංක්‍රමණයට ශතවර්ෂයකට පසුව එනම් 1996දී එලිදරවූ වූ දෙය නම් මෙම ආර්ය්‍යන් හිරණ්‍ය කාශ්‍යප රජු සමග කොකෙස් කදුකරයට පැමිණ එහි ජනවාස කල බවයි.
විශ්ණූ
පංජාබයට පැමිණි එඩේරුන් විසින් වේද ග්‍රන්ථ ලියපු බව ඉතිහාසය සදහන් කලත්, එය රචනා කරන ලද්දේ පංච මානවයන් නමින් හැදින්වුන හෙළ සහෝදරයන් පස්දෙනෙක් අතින් බව දැන් සොයාගෙන තිබේ. ඒ සහෝදයන් පස්දෙනා නම් යද්‍ර, පුරු, අනු, තුර්වස, දායු යන හෙළයන්ය. මේ නම් ආදේශ වන්නේ ලංකාවේ විසු ගෝත්‍ර 5කට බව ඉතිහාසය උගන්වයි. මේ සිද්ධිය නම් අද දින සංස්කෘත භාෂාවෙන් ඉතිරිවී ඇති මිත්‍යාවකි. නොයෙක් භාෂා වලින් තිබූ පොත පත සංස්කෘත භාෂාවට පර්වර්තනය කිරීමෙන් අනතුරුව මුල් කෘතිය අතුරුදහන් වීම සිරිතක් වෙලා තිබිලා තියෙනවා. හරියට හෙළඅටුවා පොත් පාලියට පර්වර්තනය කර මුල් පොත් කදු ගසා ගිනි තැබූවාක් මෙනි.
හින්දු විශ්වාසයට අනුව විශ්ණුට අවතාර 10කි. එනම් මතස්‍ය, ඉදිබු, ඌරු,නරසිංහ, වාමනක, පරෂරාම, රාම, කාෂ්ණ, බුද්ධ හා කල්කී යන්නයි. මෙයින් හිරණ්‍ය කාශ්‍යපයන් මරණ ලද්දෙ නරසිංහ නැමැති විශ්ණු අවතාරය විසිනි.
හිරණ්‍ය කාශ්‍යපගෙන් අනතුරුව හෙළ අධිරාජ්‍යහි රාජ්‍යත්වයට පත් වන්නේ ඔහුගේ පුත් ප්‍රලාද(පලැදි) කුමරුය. ඔහු රජ කම් කල කාලය නිර්ණය කළ නොහැක. ප්‍රලාද රජුගේ කාලය ඉතා වැදගත් වන්නෙ දේව අධ්‍යාපනය, දේව පාලනය හා දේව වංශය ඇරඹීමයි. ප්‍රලාද කුමරුගේ සහෝදිරිය වූ ඌෂ්ණ කුමරිය හා විවාහ(එකල විවාහය නම් මුණිවරයෙක්හෝ සෘෂිවරයෙක් හා එක් වී උත්තම දරුවන් ලබාගැනීමයි) වී සිටි බෘගු මහාරිෂී වරරයා මෙම කර්තව්‍ය ඉටුකරන ලදි.
ඔහු සිටි ස්ථානය ලෙසට මුම්බායි නගරයට උතුරින් පිහිටි බෘගකච්ච නොහොත් වර්තමානයේ බ්‍රෝච් නගරය සැලකෙනවා.
මේ කාලය වන විට හෙළයන්ගේ අසුර රාජධානිය ලොව පුරා පැතිරෙමින් හා අසුර අධිරාජ්‍යයක් බවට පත්වෙමින් තිබිලා තියෙනවා. අසුර යනු ගෝත්‍රයක් හෝ ජන කොඨ්ටාශයක් පමණ නෙවෙයි. අසුර කියන්නෙ ලංකාව කෙන්ද්‍ර කරගත්තා වූ රාජධානියේ ජාතියේ නාමයයි. අසුරයන් ජන වර්ග කොටස් හතරකින් යුක්ත වෙලා තියෙනවා. ඒ නම් රකුස්,නා, යක් හා දේව යන කොට්ඨාශ හතරයි. සිව්හෙළයන් කියන්නෙද මේ කොට්ඨාශ හතරින් සෑදුන අසුරයින්ටයි. මෙහි අසුර අධිරාජ්‍යය යනු යුද්ධ කර අල්ලා පැතිර වූ රාජධානියක් නෙවෙයි. එය සංස්කෘතියෙන් සමාන වීම නිසා ඇති වූ සංස්කෘතික අධිරාජ්‍යයක්. විශ්ණු වැනි සතුරන් ඇති වූයේද මෙම කාරණය මුල් කරගෙනයි. ඒ නිසාම අධිරාජ්‍යයකට අවශ්‍ය කරන නායකයන්, ඒහෙමත් නැත්තම් පාලකයන් පුහුණු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගුණ අතරඒ කර්තව්‍ය බෘගු මහා සෘෂිවරයා විසින් ආරම්භ කිරීම නිසා විශාල අවශ්‍යතාවයක්ව පැවති කාරනයක් ඉටු වෙලාත් තියෙනවා.
ප්‍රලාද රජු ඉන්දියාවේ ඔරිස්සා ප්‍රදේශයේදී අදත් මහත් හරසරට හා පුද පුජාවලින් පිදුම් ලබයි. ඒ ඒ ප්‍රදේශ ඔරිස්සා රජු විසින් ජනාවස කල නිසා වෙන්නට පුළුවන්. ප්‍රලාද නාටකම් නැමැති ජනප්‍රිය නාට්‍යයක් ඔරිස්සා ප්‍රදේශයේ වාර්ෂික උත්සවවලදී අදටත් රඟදැක්වීමද මෙය සනාථ කරවීමට හේතුවකි. මෙකල ලදංකාව හා ඉන්දියාව යනු රාජ්‍ය 2ක් නොවන බව පැහැදිලි වෙනවා. බෘගු කච්චයේදී බෘගු මහා සෘෂිද හෙළයන්ගේ යහපත පතා කටයුතු කලේ ඒබැවිනි. සමහර විට ඉන්දියාව දකුණු ප්‍රදේශයත් හෙළ දේශයටම අයත්ව තියෙන්න ඇති. ඔහු විසින් ඇති කල දේව අධ්‍යාපනයේ ප්‍රධානතම තනතුර ශ්‍රක නම් විය. අධ්‍යාපනය සම්පුර්ණ කර සුදුසු කම් ලද අය දේවයන් විය. බෘගු පළමු වන ශ්‍රක වූ නිසා ඔහුට ශ්‍රකචාරී යන නමක්ද තිබී ඇත.
දේව අධ්‍යාපනයත් සමගම අසුර අධිරාජ්‍යට එය තව දුරටත් ව්‍යාපත්ත කිරීම උදෙසා ශ්‍රේෂ්ඨ නායකයන් බිහිවෙලා තියෙනවා. ප්‍රලාදගේ පුත්‍රයෙකු වූ වීරචන( වීරචන්න) කුමරු පළමු නිර්භය කටයුත්ත ආරම්භ කරන ලදි. ලෝක ගෝල පෘෂ්ඨයේ ලංකාවට විරුද්ධ දෙසින් ඇති භූමිය ජනාවාස කිරීමට ඔහු තොරාගන්න ලදි. මෙය දකුණු ඇමරීකාවේ පීරු, බොලීවියා හා චිලී රාජ්‍ය තුනට මැදව පිහිටි තුනටම අයත් ටීවනකු කෙන්ද්‍ර කරගත් ටිටිකාකා විල අසල පිහිටි භුමියකි. ලංකාවේ අයගේ පාදතල යට  අනික් පස පිහිටීම නිසා මෙය පාද+තල+යට රාජධානිය නොහොත් පාතාල රාජ්‍ය ලෙස නම් කරලා තියෙනවා. හිරණ්‍යකසුබ් කොකෙස් කඳුකරය තොරාගත්තාක් මෙන් ඔහුගේ මුණුපුරු වීරචින කුමරු දකුණු ඇමරිකාවේ ඇන්දීස් කදුවැටි තොරා ගන්නා ලදි. මෙහිදීද තව දුරටත් තහවුරු වන්නේ හෙලයන් ගුවන් යානා භාවිතා කල වගයි. ගුවනින් මිස වෙනත් ආකාරයකින් ලංකාවේ සිට ඇන්දීස් කඳුකරයේ ටීවනකු දක්වා පහසුවෙන් ලඟා විය නොහැක. අභ්‍යාවකාශ ගුවන් තොටුපළක් ලෙස හැඳින ගැනීමට මානව විද්‍යාඥයන් කැමැත්තක් දක්වන නැස්කා නැමති සානුවේ පිහිටි නැස්කා රේඛා දැක ගත හැක්කේ අහසට ගොසින් බලන විට පමණි. මෙම රේඛා ගුවන් ගමන් සඳහා යොදා ගත් ගුවන් පථ ලෙස සලකණු ලැබේ.
තවත් කොටසකින් ඉක්මනින්ම හමු වෙමු...


Comments

විශිෂ්ට විග්‍රහයක් සොයුර..... අතිවිශිෂ්ට ඉතිහාසයක සාක්ෂිගත කාරණා, නිද්‍රාශීලි වර්තමානය වෙත ඉදිරිපත් කිරීමට දරන මේ වෑයමට පිං...
Dasun said…
බො‍හෝම ස්තූතිය සහොදරයා.

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...