Skip to main content

Posts

අභ්‍යවකාශයේදී දූතකයාට ආරක්ෂාව සලසන දඬු මොණරයේ දර්පණ:: Protecting Mirrors of Ancient Dandumonra

වැඩකටයුතු අධික වෙමින් පවතින නිසා ලිපි ලිවීමේ වේගය අඩු වුණත්, ලිපි ලිවීම නවතා නැති බව කියමින්ම වෛමානික ශාස්ත්‍රහී සඳහන් වන විමානයක ඇති දර්පණ හා කාච පිළිබදව අවසන් කොටස ආරම්භ කරමු. දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ ඇති විශ්වකාර්ය දර්පණය හා විමානයට එල්ල වන්නා වු අහිතකර ශක්තීන් උරා ගන්න ශකත්‍යාකර්ෂණ දර්පණය පිළිබද තමයි අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලේ. දර්පණාධිකාරම් යටතේ තිබෙන අනෙකුත් දර්පණ අද සාකච්චා කරමු. මීළගට අපට හමු වන්නේ කුන්තනී දර්පණයයි.  අතීතයේ සිටි බුද්ධිමතුන් පවසන පරිදි විහිදෙන්නා වූ කිරණයන්ගෙන් මිනිසුන්ගේ මනස ව්‍යාකුලත්වයට පත් වන යම් දර්පණයක් වේද, ඒ දර්පණය කුන්තනී දර්පණය වන බවයි. පරානූක්ෂයන් පවසන පරිදි ආකාශයේ අති සුර්ය තාප තරංගයන් අධික කලාපයේ, මනස ව්‍යාකුලත්වයට පත්වන්නා වූ විෂ සහිත සුළං කුණාටු වර්ග හතක් ඇති බවයි. කුන්තනී දර්පණය මගින් මෙම කිරණ අවශෝෂණය කරගෙන විමානයෙන් ඉවතට පර්වර්තනය කරනු ලැබේ. කුණ්තනී දර්පණයෙන් නිකුත් වන කිරණයෙන් මිනිස් මනස ව්‍යකූලත්වයට පත්වන බව සදහන් වන්නේ එබැවිනි. කුණ්තනී දර්පණය කිරණ පරාවර්තයක් මිස කිරණ නිකුත් කරන මුලාශ්‍රයක් නොවන බව වටහා ගත යුතුවේ. ...

ජාල බෝංචි සමග ජාවා මූලිකාංග

ජාවා ක්‍රමලේඛන භාෂාව ඉගෙනීමේදී ජාවා හී මූලිකාංග ඉතා වැදගත්වේ. ඕනෙම දෙයක මූලිකම ලක්ෂණ දැනගෙන එපැයි ඔක්කොටම කලින්. මේ වන කොට ජාල බෝංචි ස්ථාපනය කරගන්න ඇතිනේ. ඒ නිසා කේත සංස්කාරකය( Code Editor)  එක ලෙසත් ජාල බෝංචිම යොදා ගම්මු. ජාවා හී මූලික ලක්ෂණ අපි මෙන්න මේ මේ  කොටස් වලට කඩලා කියාදෙන්නයි යන්නේ. ·          ජාවා වැඩසටහනක කොටස්  :: Parts of Java Program ·          Print  හා  Println  ක්‍රමවේදය හා ජාවා වැඩසටහන් අතුරු මුහුණත  :: Print & Println methods, and Java API ·          විචල්‍ය හා අවිචල්‍ය  :: Variables & Literals ·          මූලික දත්ත ආකාර  :: Primitive Data Types ·          මූලික ගණිතකර්ම  :: Arithmetic Operations ·          සංයුක්ත නියමිත කර්ම  :: Combined Assignment Oper...

ජාල බෝංචි සමග ජාවා ගැන දැන ගමුද?

ජාල බෝංචි කියන්නේ කන බෝංචි දෙයක් නෙමෙයි. හැබැයි මේක හරියට කෑවොත් හොඳ හොඳ මෘදුකාංග නම් වමාරන්න පුළුවන් වෙයි. ජාල බෝංචි හෙවත් NetBeans IDE  කියන්නේ Java, PHP, C++, Ruby වගේ පරිගණක ක්‍රමලේඛන පහසුවෙන් කරගන්න තියෙන හොඳ මෘදුකාංගයක්. ඉතිහාසය ගැන, අළුත් බයිස්කෝප ගැන බ්ලොග් කරන ගමන්ම අළුතෙන්ම පටන් ගත්ත බ්ලොග් එක තමයි මේ. ඇඩ් එකක් දැම්මාට අමනාප වෙන්න එපා. මුල ඉදන්, පහසුවෙන්, සරලව ජාවා ඉගෙන ගන්න කැමැති අයට තමයි මේ බ්ලොග් එක. http://netbeanstips.blogspot.com/

දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් තිරය ගැන දැන ගනිමු.:: Control room Screen of Ancient Aircraft

මේදක්වා අපි විමානයට අවැසි ලෝහ, දූතකයාට අවැසි ඇඳුම් හා ආහාර පිළිබදව සාකච්චා කරානේ. මිලගට විමානය තුල හා පිටත සවිකල යුතු විවිධ වූ දර්පණයන් හා කාචයන් පිළිබද සාකච්චා කරමු. මෙම විමාන කාච පිළිබදව හැදැරිම හදුන්වන්නේ දර්පණාධිකාරම් යනුවෙන්. මෙහිදි දර්පණ යනුවෙන් හැදින්වූද මින් සමහරක් වර්තමාන රූප වාහිනි තිරයන්ට හා විවිධා ආකරයේ පැනලයන්ට සමාන කරන්න පුළුවන් කණ්නාඩි හා කාච :: Darpanaadhikaranam මෙම කොටසින් විමානයක සවි කල යුතු දර්පණ පිළිබදව තමයි සාකච්චා කරන්නේ. විමානයක දර්පණ ප්‍රධාන වශයෙන් වර්ග 7කින් සමන්විත වේ. මින් සමහර දර්පණයන් වර්තමානයේ මොනිටරයක් වැනි තිරයකටද, සමහර දර්පණ සූර්ය පැනල ආකාරයේ ශක්තිය උකහා ගැනීමට ගන්නා දර්පණවලට සමාන කල හැක. ඒ අනුව ·         විශ්වකාර්ය දර්පණය හෙවත් රූපවාහිනි තිරය ( විමානයේ ප්‍රධාන මෙහෙයුම් තිරය විය හැක) ·         ශක්ත්‍යාකර්ශන දර්පණ හෙවත් ශක්තිය අවශෝෂණය කරගන්නා දර්පණ ·         කුන්තනී දර්පණ ·         පින්ජුලා දර්ප...

බුද්ධත්වයට විවරණ ලැබූ රාවණ රජු:: The Great King Ravana will attained Buddahood

ලංකාවතාර සුත්‍රෙය් පසුගිය කොටස නිමා කලේ බුදුන් වහන්සේ විසින් ලංකාධිපති රාවණ රජු අගය කිරීමෙ කොටසිනි. ඇත්තටම මෙය අගය කිරීමකට වඩා සාදු කාර දීමක් විය යුතුය. මන්ද යත් යම් දෙයක් අගය කිරීම සාදු කාරයෙන් කරවීම බෞද්ධ ලක්ෂණයක් නිසා. මේ බව මා හට වැටහුනේ රාවණ සහොයුරෝ හී ධම්මික අයියාගේ අදහස් දැක්වීමත් සමග බවත් අද කොටස ආරම්භයට මත්තෙන් ප්‍රකාශ කල යුතුය.  ඉංග්‍රිසි බසෙන් තිබෙන සුත්‍රය සිංහලයට පර්වර්තනයේදී සිදු වන අඩුපාඩු ඉදිරියටත් පෙන්වා දෙන ලෙස ඉල්ලමින්ම අද කොටසට යමු. එම අවස්ථාවේදී රාවණ රජුට මෙසේ  ප්‍රත්‍යක්ෂ විය. තම නියමයන් හී මනා හික්මීමක් ඇත්තා වූද, දර්ශනවාදීන්ගේ ක්‍රමයන් වලින් තොර වූද, අභ්‍යන්තර විඥානයෙන්ම සාක්ෂාත් කරගත්තා වූද, පරිණාමිත හා පරිණාමින යන දෛවත්‍යෙයන් ඔබ්බට ගියා වූද භාග්‍යවතුන් වහන්සේ නැවැත වාරයක් දැකීමට මා කැමැත්තෙමි. යෝගීන් විසින් යථාවබෝධ කරගත්තා වූ දැනුම වනාහී උන්වහන්සේය. සමාධියන්හි පරම සුවය විඳින්නන් ධ්‍යාන වැඩීම තුලින් අවබෝද කරගත් යථාවබෝධය වන්නේ උන්වහන්සේය. “ රාගය හා වෙනස්කොට සැලකීමන් තම ආශ්චර්යමත් බලයන් නැමැති ඉන්ධනයන්ගෙන් දවාලූ , බුද්ධ පුත්‍රයන්ගෙන් පිරිවරාග...

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රය.3. The Lanakawatara Sutra

අද ලංකාවතාර සුත්‍ර සටහන ලියන්න කලින් මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනා. නිකාය බේදයකින් තොරව බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක් විදියට, කලින් ලිපියකත් සදහන් කල සද්ධර්මපූණ්ඩරික සුත්‍රෙය් සිංහල පර්වර්තනය කියවන්න ලැබුණා. මෙම සද්ධර්මපූණ්ඩරික සුත්‍ර දේශනාව සිංහලයට නැගූ ශ්‍රේෂ්ඨාධිකරණ මහා විනිශ්කාරතුමෙක් වන පී.බී වරාවැව මැතිතුමාට හා මට සද්ධර්මපූණ්ඩරික සුත්‍රය ලබා දුන් මලීෂ සහෝදරයටත් පින්දෙමින් අපි සාකච්චාවට පිවිසෙමු. සද්ධර්මපූණ්ඩරික සුත්‍රය හා ලංකාවතාර සුත්‍ර දේශනාව අතර බොහෝ සමාන කම් තියෙනවා. කොහොම වුණත් මෙම සුත්‍ර දෙකම ථෙරවාදී බෞද්ධ සාහිත්‍යෙය් දක්නට නැහැ. සද්ධර්මපූණ්ඩරික සුත්‍රය යනු මොලොව පහල වු, පහල වන්නා වූ සියළු බුදුවරුන් වහන්සේලා විසින් උපාය කෞෂල්‍යෙයන් තොරවූ, තේරුම් ගැනීමට අපහසු වූ සම්මා සම්බුද්ධත්වය හෙවත් බුද්ධත්වය පිළිබදව, නිවරදි වූ නිර්වාණය පිළිබදව මහරහතුන් වහන්සේලා, බෝධිසත්වයන්, ඇතුළු ශ්‍රාවකයන් උදෙසා දේශනාකරන ලද, දේශනා කරන්නා වූ උතුම් වූ සුත්‍රධර්මයක්. මෙහිදී උපාය කෞෂල්‍ය ලෙස සදහන් කලේ මෙලොව පහල වූ සියළු බුදුන් වහන්සේලා තේරුම් ගැනීමට අපහසු, ඉතා ගැඹුරු බුදු දහම පෘථග්ජන සත්වයන් හට තේරුම්...

සුභ අළුත් අවුරුද්දක් වේවා....! Wishing you Happy New Year

ලැබූවා වූ 2012 නව වසර සහෘද තොටුපළ පාඨකයන්ටත්, අපේ සබෑ ඉතිහාසය සොයා යාමට එක්වන සියළු හෙළයන්ටත් සෞභාග්‍යමත්, සමෘද්ධිමත් නව වසරක් වේවා. රෝමානු කැලන්ඩරයට අනුව අද 2012 වසරේ පළමු වැනි දවස වුවත්, සෑම දවසක්ම අළුත් ආරම්භයකින් යුක්තයි. ඊයේ කල දේ ගැන පසුතැවිලි නොවෙමින්, නමුත් ඉගෙන ගනිමින් අළුත් අවුරුද්දේ සියළු සිතුම් පැතුම් ඉටු වේවායි පතමි. ගැටයා