Skip to main content

Posts

ප්ලම් ඇටය

ප්ලම් ඇටය   දවසක්දා අම්මා ප්ලම් ගෙඩි කීපයක් ගෙනාවා . දවල් බතෙන් පස්සෙ ළමයින්ට ප්ලම් ගෙඩි බෙදා දීමටයි අම්මා ලෑස්ති වුණේ . වාන්යා කිසිම දවසක ප්ලම් ගෙඩි කාලා නැහැ . ඔහු ප්ලම් ගෙඩි අරගෙන ඒවා සිඹින්ට පටන් ගත්තා . ප්ලම් ගෙඩි වල පුසුඹ බලන්ට ඔහු බොහොම සතුටු වුණා . ඒවායේ රස බලන්ට ඔහු බොහොම ආශා කළා . හැම තිස්සෙම ප්ලම් ගෙඩි ළඟින් ඔහු එහා මෙහා ගියා . කෑම කාමරයේ කිසිවෙක් හිටියෙ නැති වෙලාවකදී , වාන්යා හොරෙන්ම ප්ලම් ගෙඩියක් අරගෙන කටේ දමා ගෙන කෑවා . දවල් කෑමට ඉස්සෙල්ලා ප්ලම් ගෙඩියක් අඩු වෙලා තියෙන හැටි අම්මා දැක්කා . අම්මා මේ ගැන තාත්තාට කීවා . දවල් කෑමට වාඩි වෙලා තාත්තා ළමයින්ට කතා කරලා මෙහෙම කිව්වා . " ළමයිනේ ප්ලම් ගෙඩියක් කෑවෙ කවුද ?" " අපි කෑවේ නැහැ ." කියලා ළමයි හැමදෙනාම පිළිතුරු දුන්නා . " මම කෑවේ නැහැ " කියලා වාන්යා කියන කොට ඔහුගේ මුහුණ ජම්බු ගෙඩියක් වගේ රතු වුණා . " නුඹලා කෑවේ නැතිනම් බොහොම හොඳා . නමුත් කාරණය එය නොවෙයි . ප්ලම් ගෙඩි ඇතුලෙ ...

පෝරකය අබිමුව සිට පන්හිඳ කගපතක් සේ ලෙලවූ සැබෑ විරුවා|

පෝරකය අබිමුව සිට පන්හිඳ කගපතක් සේ ලෙලවූ සැබෑ විරුවා| ජූලියස් ෆුචික්      අද සැප්තැම්බර් 08: 'ලෝක පුවත්පත් කලාවේදීන්ගේ සහයෝගිතා දිනය'යි. මෙම සුවිශේෂී දිනය නම්කරණු ලැබුවේ එක් සුවිශේෂී පුවත්පත්කලාවේදියකු මානව සංහතියේ ආරක්ෂාව වෙනුවෙන් ලියූ වරදට මරාදැමුණු දිනය එදා වූ නිසාය. මේ සටහන ඔහු වෙනුවෙනි. තවත් දිනයක් උදා වෙමින් තිබිණි. ඒ 1943 සැප්තැම්බර් 08 වනදාය. නාසි අලුගෝසුවන් විසින් ඒ රාත්‍රියේ දී ජර්මනියේ බර්ලින් අගනුවර 'ප්ලොටෙන්සී' බන්ධනාගාරය තුළ සිරකරුවන් 360 දෙනෙකු මරා දමන ලදී. දහස් ගණනක් එකවර මරා දැමූ කාලයක 360 දෙනකු යනු සුළු ඉලක්කයකි. ඒ මරා දැමූ හැම දෙනාම මිනිසුන්ය. වෙනසකට තිබුණේ ඔවුන් නාසිවාදයට එරෙහි වූවන් වීමය. ඒ අතර සිටි එක්තරා සුවිශේෂී මිනිසකු, 'ජූලියස් ෆුචික්' නම් විය. 1903 පෙබරවාරි 23වන දින ප්‍රාග් නගරයේ ස්මිචොව් හි උපන් ඔහුගේ පියා ඉංජිනේරුවකි. තරමක් වත් පොහොසත්කමින් යුතු පවුලක දරුවකු ලෙස ඔහුට සිටියේ ...

මානව ශිෂ්ටාචාරය ප්‍රශ්න කරන මුස්ලිම් කාන්තාවගේ ඉරණම

බූන්දී කවරයෙ කතාව කාන්තාවක් ලෙස උපත ලැබීම නිසාම ආගමික සංස්කෘතිය විසින් සිරගත කරන ලද ස්ත්‍රිය නමැති විශ්ව මානවිකාවගේ ඉරණම, විශිෂ්ට සැතපුම් කණු පසුකොට ඇති මිනිස් ශිෂ්ටාචාරයේ ගුණාත්මක බව මැන ගැන්මට යොදා ගත හැකි හොඳ මිණුම් දන්ඩක්... මුස්ලිම් ආගමික නීතිය පාවිච්චි (නිවැරදි වචනය- misuse) කරමින් පූජක පන්තිය සහ පිරිමින් ඉතාම නිර්දය ලෙස එම සමාජයෙහි ගැහැණුන් සතු "මනුස්සයෙකු" ලෙස ඉපිද, ජීවත්ව, මිය යාමේ අයිතිය-   සෙස්ස අස්සට බූන්දියෙ බලන්න.......   පිවිසුම | Boondi.lk :: Site for Sri Lankan Literature, Arts and Politics

මිතු දම

"මිතුදම" " පසමිතුරු   සැවොම විමසද්දි,  කෝ නුඹේ යාළුකම...  නුඹ ඔය තරමට,  විශ්වාසයෙන් රකින...           කෙලස පවසම්ද මම,           හෙට වෙනුවෙන්,           මා ලග           නුඹේ මිතුදම අහිමි බව,           දැනුනේ අද ඊයේ නොවන වග ”                                     ප්‍රි යන්තිකා රාජපක්ෂ                                                                                

ඇරුණු කවුළුව

ඒ අතීත දවස්වල සිත්තරුන් අත් අඩංගුවට ගැනුණු ඕනෑම විටෙක, තීන්ත සහ පැන්සල් හිර ගෙදර ඇතුළට ගෙන යාමට ඔවුන්ට ඉඩ දෙන ලදි. මෙසේ බලකොටුවේ ඉහළ පිහිටි අඳුරු සිර කුටියට පිවිසෙද්දී, මෙම කතාවේ වීරයාගේ සිතට වැදුනු සිතුවිල්ල නම් කුටියේ බිත්ති වලින් එකක කවුළුවක් සිත්තම් කරගැනීමයි. වැඩට බැස්ස ඔහු දෑස් නිලංකාර වන අහස දැකිය හැකි ඇරුණු කවුළුවක් සිත්තම් කළේය. මෙසේ ඔහුගේ සිර-කුටිය වඩා දීප්තිමත් බවට පත්විය. ඊලඟ උදෑසන පාන් සහ වතුර රැගෙන ආ ජේලර්ට සිත්තම් කළ කවුළුවෙන් පෙරී එන ඇස් අන්ධ කරවන එළිය හමුවේ දෑස් වසා ගන්නට සිදුවිය. මොකක්ද මෙතන සිද්ද වෙන්නේ? කෑගැසූ ජේලර් කවුළුව වැසීමට වහා ගියේය. සිදු වූයේ ඔහු බිත්තියේ හැපීම පමණී. මං කවුළුවක් ඇරලා තියෙනවා.මෙතන හුඟක් කරුවල තිබුණා යි සිත්තරා නොකැළඹි පිළිතුරු දුන්නේය. හෙහ්-හෙහ්-හෙහ් - ජේලර් තමා තමාටම රැවටීමට ඉඩදීම පිළිබඳ අවමානයට පත් වූ බව හඟිමින් හිනා වුණේය. ඊලගට ඔහු සිත්තරාට එදිරිවාදු කමට සමච්චල් කරන්නට විය.   Ana Blandiana | ඇනා බ්ලැන්ඩියානා පරිවර්තනය- Liyanage Amarakirthi | ලියනගේ අමරකීර්තී    උපුටා ගැනීම  

ශ්‍රී දළදා මාලිගාව

ශ්‍රී දළදා මාලිගාව  යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඔ‌ෟශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ. සිංහල  විකිපීඩි වෙතින් කලා චරිතාපදාන ...

ගම්දොර පැමිණීම

ගම්දොර පැමිණීම බතරොයිද සුළු අවිද "කත් යුශා" තුවක්කු ද මුව වසා මුනිවතිනි යුද්ධය නිමව ඇත ..................! ජය පැන්ද හේරි හඩ රණ ගොසද ගුවන මත හිම මිදෙන සීතලේ ගල් ඇතිරු දෙවැටකින් බරු බරැති හදවතින් පියමං කරනුයේ සොල්දාදුවෙක් තනිව දේවදාරා ගොමුව තුල වැතිර එකලාව ගම් පියස ගොලුවතිනි පාළු පාසල වසා සය මසෙහි අගුලු ලා ගුරු නිවහනෙකි දිරන ගෙමිදුලේ කිවි කියන කෙළි වතිනි බෝ ළමෝ හකුරු පැණි තෙලි දියද වැල් මී ද වන ඔසු ද විකුණනා ගම් දනෝ සෙබළ නෙතු නිති ගැටින විස්සෝප උන් නෙතින් විමසනා බඳුය ඔහු මහළු බණ මඩුව බිතු කඩ නොළුව පෙඳ වතිනි කීන බල්ලෝ රැලකි එබණ මඩුවෙහි ලගින සමිති ගම් මඩුව හිස දිරූ පොල් අතුය රැස නිම නොවූ යුද්ධයක අවිඳු අඳුරක් විලස සෙබළ හදවත ඉමක නැගුණු කඳුලක්ය ඇස අවි එසැ වූ අත් වලට නැණ දිය පොදක් පිරි සිහිල් නිල් දිය කඳුරු අභිමනක් සිත පිරි අවි පසෙක හැර පිය කිත් යසස් පසෙක ලා මෙගම් බිම් කුස දිනන යුද්ධයකි නව වෙසින පුංචි දැරි දිව ඇතිත් තැබී ඔහු අත්ල මත වෙරළු ගෙඩි කිහිපයක් හිච්චි අයිසේ කියා ........... ඇමතීය ඔහු සැණින් උදා අරුණළු තුලින් අම්මගේ නෙතු ගැටින එකළ ..................... හිරු පිබිදුනිය සූරිය ක...