සංගමන් කන්ද අ මේ නැගෙන හිරට වෙන්න මුහුදෙන් ඈතට ගිය අපේ රටේ කොටසක්.... අක්කරෙයිපත්තුවේ දමිල සහෝදරයෙකුත් එක්ක මම ඉරිදා දවසක තමයි මේ ගමන ගියේ... මේ ප්‍රදීපාගාරය, කොළඹ සිට නැගෙනහිරට දකුණූ දිග ඔස්සේ පැමිණෙන විට හමුවෙන අටවැනි ප්‍රදීපාගාරය මෙම සංගමන් කන්දයි. ශ්‍රි ලංකාවේ නැගෙන හිර අවසන් ගොඩබිම් ලක්ෂය වශයෙන්ද සැලකෙන මෙහි මෙම ප්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1947 වසරේදී. එහි උස අඩි 25ක්. අ බලන්න කියලා දෙයක් නැහැ.... ගරා වැටුනු ප්‍රදීපාගාරයකුත්, තව තානායමකුත් විතරයි.... සංගමන් කන්ද පිහිටලා තියෙන්නේ පොතුවිල් -කල්මුනේ මාර්ගය(ඒ4) අසලමයි. මාර්ගය අසල පිහිටා ඇති තරමක් විශාල පර්වතයකට තමයි සංගමන්කන්ද කියලා කියන්නේ. මේ පර්වතයත්, එතැනින් එහාට තියෙන ගල් කදු කිහිපයකත් බෞද්ධ සිද්ධස්ථාන රැසක නටබුන් තියෙන බවත් දැන ගන්ට ලැබුණා.... අපි ප්‍රදීපාගාරය සොයාගෙන ගියා. ඒත් , කැළෑවැදී , අනවසර ඉඩම් හිමියන්ගේ ග්‍රහණයට ලක්‌ව තිබූ කටුකම්බි වැටවල් අතරින් රිං...
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය