Skip to main content

මොන කුලයේද? ගොවිගමද? වහුම්පුරද? හෙළ යුගයේ දේව පාලනය:: අවසන් කොටස


මොන කුලයේද කියලා කවුරු හරි ඇහුවොත් ගොඩක් අය කියයි, අපි ගොවිගම කියලා වහම්පුර වුණත්, අද අපි කතා කරන්නෙ මේ කුල දෙක ගැන නම් නෙවෙයි. නමුත් මින් එක කුලයක් අපේ ලිපියට සම්බන්දයි...
එහෙනම් අපි අපේ ඉතිහාස ගවේෂණය අරම්භ කරමු.

අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලේ මහා වංශයේ තිබුණ යම් යම් ගැටළු සම්බන්දවනේ. අද අපි මේ හෙළ යුගයේ බොහෝකාලයක් තිබුණ, හෙළ අසුර අධිරාජ්‍යෙය් පැවත්මට ඉවහල් වූ දේව පාලනය නැති වූ ආකාරය විමසමු.
දේව පාලනය තුල තිබ්බේ සුදුස්සාට රාජ්‍යත්වය නැත හොත් පාලක තනතුර හිමි වන ක්‍රමවේදයක්. මේ පිළිබදව අපි පසුගිය ලිපි වලින් සාකච්චා කලා. පියාගෙන් පුතාට රාජ්‍යත්වය හිමි වන අවස්තාවන් තිබුණත් ඒ පුතා රාජ්‍ය පාලනයට සුදුස්සෙක් නම් පමණයි. නමුත් දේව පාලනය බිදවැටීමත් සමග මෙම තිබු ක්‍රමවේදය නැතිව ගිය අතර පියාගෙන් පුතුට හෝ 

සහෝදරයාගෙන් සහෝදරයාට යනා දී වශයෙන් උරුමක්කාරයෙකුට රාජ්‍යත්වය හිමි වීමක් ඇති විණි. මේ අනුව රාජ්‍ය පාලනය සදහා පෙළපතක් බිහිවීමක් සිදු වූ අතර රජුන් සදහා නිශ්චිත පුහුණුවක් වීමද නැතිවිය. මේ අතරම දේවයන් සතුව තිබූ අනෙකුත් කාර්යන්ද බෞද්ධ සංස්කෘතිය මුල් බැස ගැනීමත් සමගම නැති විණි. මෙතෙක් දේවයන්ට නියමිතව තීබූ අධ්‍යාපනය හා විනිශ්චය යන්න බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත්, රාජ්‍ය ආරක්ෂාව රජුටත් හිමි වීම නිසා දේවයන්ගේ පාලනය නැති විණි.
පාලක පන්තිය සතු වූ වගකීම් වලින් දෙකක් භික්ෂූන් වහන්සේලා අත වූ නිසා රජු නිතරම භික්ෂූන් වහන්සේලා සමගම සමීපයෙන් කටයුතු කල යූතු වූ අතර මෙතෙක් ගම් සභා ක්‍රමයට තිබූ විනිශ්චය ආදිය එයින් ඉවත් වීම නිසා වාරිමාර්ග කටයුතු, නිෂ්පාදනය හා පරිබෝජනය ගම් සභාවට හිමි විණි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්පූර්ණයෙන්ම පාහේ දේවයන්ගේ තැනට පත් වූ අතර දුටුගැමුණු රජු හා එළාර රජු අතර යුද්ධයේදී දුටු ගැමුණු රජුගේ ප්‍රධාන සටන් පාඨය වූ මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදේසාය යන්නට පවා හේතුව රාජ්‍ය පාලනය කෙරෙහි භික්ෂූන් වහන්සේලාගේ තිබූ බලපෑමයි.
ගම්මුන්ගේ ආර්ථිකය, කෘෂිකර්මය යනාදීය ගම්සභාවෙන් පාලනය වූ අතර සංස්කෘතිය පාලනය වූයේ භික්ෂුන් වහන්සේලා හා පන්සල අතිනි.
සිංහලේ අවසන් රජු දක්වා සිදු වූයේ මෙම ක්‍රමයයි.
මෙම සංස්කෘතික මනාසිකත්වට බලපෑ මෙම බෞද්ධත්වය නිසා සාහිත්‍ය, මූර්ති, චිත්‍ර කලාව හා ගෘහ නිර්මාණය යන සියල්ල බෞද්ධ ආකරයට වූ නමුත්  වැව්, කුඹුර, හේන, වෙදකම යනාදිය තුල සිංහලකම රැකුණි. අගනුවර හැම විටම දේශිය විදේශිය දේ මිශ්‍රවන ස්ථානයක් වූ වද කොතරම් ප්‍රභල විදේශිය දේ පැමිණියත් එය ගම තුලට ගියේ නැත. මෙයට හොදම නිදර්ශණයට ගත හැක්කේ මහයාන බුදු දහම හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයයි.
දේව පාලන යුගයේ දේවයා යනු සාමන්‍ය ජනයාට වඩා උසස් අයෙක් විය. දේවයන් උසස් විනයක් ඇති, දාර්ශනික, සිල්වත් නමුත් සටන් කාමි චරිතයකින් යුක්ත කොඨ්ඨාශයක් වූ අතර කෘෂිකර්මය, වෙළදාම ආදිය පිළිබදව පවා මනා දැනුමකින් යුක්ත වූවන් විය. නමුත් භික්ෂූන් වහන්සේලා උසස් විනයකින් යුක්ත, දාර්ශනික සිල්වත් අය වූ වත් සටන් කිරිම උන්වහන්සේලාට අකැප දෙයක් වූ අතර, වෙළදාම හා කෘෂිකර්මයටද භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමක් නොතිබුණද හෙළයුගයේ දේවයන්ට තිබූ ස්ථානය සියවස් ගණනාවක් ඇවැමේන් භික්ෂූන් වහන්සේලා අතට පත්විය.
ලංකාවේ හමුවන බ්‍රාහ්මී අක්ෂර වලින් මුල් යුගයේ ලියන ලද සෙල්ලිපි වලින් මෙම සංක්‍රාතිය මැනවින් හදුනාගත හැක. මුල් කාලයේ දේවයන් විසින් භාවිතා කරන ලද සෙල්ලිපි භික්ෂුන්වහන්සේලාට පුදන ලදි. ආරම්භක අවදියේ මෙසේ ආරණ්‍යගතව සිටි භික්ෂුන් වහන්සේලා බොහෝමයක් වූ අතර කල් යත්ම බොහෝ ආරණ්‍ය වාසී භික්ෂුන් ග්‍රාම වාසී භික්ෂුන් බවට පත්විය. ඒ භික්ෂුන් වහන්සේලාට ගම තුල පණ්ණ+සාලා හෙවත් පන්සල් ඇතිවිය. ගම තුලට පැමිණ ගිහියන්ගේ ඕනෑ එපාකම් සමගින් භික්ෂුන් වහන්සේලා බැදුන මුත් පන්සල යන සීමාවක් මගින් ගිහියන් හා ගම්වාසී භික්ෂුන් වහන්සේලා වෙන්ව සිටියහ. බුදුන් වහන්සේගේ සෑබෑ මගපෙන්වීම අනුව පැවිදි වූ භික්ෂුන් වහන්සේලා භාවනා කර, විදර්ශනා වඩා රහත් වීමට උත්සහ කල භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව අඩු විය. එසේ ගිහි ජීවිතයෙන් ඈත්ව ගත කල භික්ෂූන් වහන්සේලා ආරණ්‍ය වාසී භික්ෂූන් ලෙස හැදින්විය. බුදු දහම මෙරට පැමිණි සමයේ ලංකාවේ සිටි රහතන් වහන්සේලා ප්‍රමාණය මෙන් කල්යත්ම රහතන් වහන්සේලා අඩු වී පසු කාලීනව රහතන් වහන්සේලා නොමැති වීමටත් මෙම භික්ෂුන් වහන්සේලා ග්‍රාම වාසී විම හේතුවක් වෙන්න ඇති. ආරණ්‍ය වාසීව භික්ෂුන් වහන්සේලා බවුන් වැඩිය යුතු බවට බුදුන් වහන්සේ දේශනා කල උපදෙස් පසු කලක භික්ෂුන් සැලකූ බවක් පෙනෙන්ට නැත. දේවයන්ට හා සමානවම සාධු චරියාව පැවතීම පමණක් භික්ෂුන්ට ප්‍රමාණවත් වූ බවක් පසුකාලීනව දක්නට විය. මේ නිසාම භික්ෂුන් වහන්සේලාට දේවයන්ට සමාජයේ තිබූ තැන නිතැතින්ම හිමි විය.
දේවයන්ගේ පාලනයේ දී තිබු අණ ග්‍රාම වාසී භික්ෂුන් වහන්සේලාගේ බණ විදියට වෙනස් වී භික්ෂුන් වහන්සේලාගේ පාලනයට නතුවිය. දේවයන්ගේ අණට හෙළ වැසියන් අවනත වූවාක් මෙන් භික්ෂූන් වහන්සේලාගේ බණට වැසියන් අවනත විය.
මේ ගැන පැහැදිලි සාක්ෂියක් ලෙස 1847 දී ලංකාවේ අගවිනිසුරුව සිටි සර් ඇන්තනී ඔලිප්ටන් විසින් යටත් විජිත භාර ලේකම්ට ලියා යවා අනුමත කරගත් කරණයක් ඇත. එනම් පාසල් අධ්‍යාපනයට හා විනිශ්චයට බාධාවක් වන්නේ හිස මුඩු කරගත් කහ ලෝගු ඇදගත් තාපසයන් පිරිසකි. ඔවුන් තම මධ්‍යස්ථාන වල දෙන මිත්‍යා අධ්‍යාපනයට හා ඔවුන් විසින් විභාග කර දෙන තීන්දු වලට ස්වදේශකයෝ කැමැත්තක් දක්වති. මෙවැනි ආදීකාලීන යල්පැන ගිය ක්‍රම මගින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් උත්තරීතර අධ්‍යාපන හා අධිකරණ සම්ප්‍රදායන්ගේ ආශිර්වාදය ස්වදේශිකයන්ට ලබා ගැනීමට වන බාධා මග හැරීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් යුතුකම වේ. ඒ නිසා භික්ෂුවට අධ්‍යාපනය ලබා දීමට හෝ විනිශ්චයට ඉඩ දීමට දැනට ඇති අවකාශ වසා දැමීමට  නිර්දේශ කරමි. මෙමගින් අධ්‍යාපනය හා අධිකරණ කටයුතු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට විනා වෙනයම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට දීමට තිබූ ඉඩ අහුරන ලදි. මේ අනුව පණ්ඩුකාභය රජු වැනි රජවරුන්ගේ සමයේ අවසන් වී ඉන් සුළු වසර ගණනාවකට පසු අරම්භ කරන ලද දේව අධ්‍යාපනය 19වන සියවසේ මැදක් වන තුරු තිබූ බව තහවුරු කරගත හැක.
දේවයන්ගේ භූමිකාවට භික්ෂූන් වහන්සේලා ඇතුළු වීම සාමාන්‍ය ජනතාවට වැඩිපුර දැනුනේ නැත. ඒ පැවත්මෙන් පමණක් නොව බාහිර දැක්මෙන් පවා( සිවුර හා මුඩු හිස) ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීම ආකර්ෂණීය විය. බුදුන්ගේ දෙශයෙන් නැති වී ගිය බුදුදහම ලංකාව තුල පැවතීමට හේතුව මෙම කාරණය හේතුවිය. එනම් ඉන්දියානු සමාජය තුල බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමාජයට සේවයක් නොකල අතර ලංකා සමාජයට භික්ෂුන් වහන්සේලා කරන ලද සේවය බොහෝය. මෙය අධිරාජ්‍ය සමයේදී මනාව තහවුරු කරගත හැක. ඒ නිසා අදටත් බුදුදහම ලංකාව තුල නිරුපද්‍රිතව පවති.
සාහිත්‍ය මගින් අපේ අතීතය අමතක කරවීම සාර්ථකව කරවන ලදි. කුස රැකීමට ගොවිතැන් කල මිනිසුන් රකුසන් කර, යකඩ භාවිතා කල මිනිසුන් යකුන් කර මිනීමස් බුදින අමනුෂ්‍යන් බවටත්, නා+ආග(සමූද්‍ර යාත්‍රිකයන්) = නාග උරගවර්ගයේ නයින් බවටද පත්කරන ලද්දේ සාහිත්‍යයි. සිතට උතුම් හැගීමක් ලබා දුන් දේවයන් දිව්‍ය ලෝකවල ජීවත් වන දෙවියන් බවට පත් කරන ලද්දෙද සාහිත්‍ය විසිනි. සුරා පානය කල අය සුරයන් වී සුරාපනය නොකරන ලද අය අසුරයන් බවට පත් කර අමනුෂ්‍යන් ලෙස හැදින්වීම ඉන්දියානු සාහිත්‍ය විසින් කර ඇතත් අපට ඇති අපේ සාහිත්‍යෙයන්ද කර ඇත්තේ අපේ ඉතිහාසයේ උරුම කරුවන් අමනුෂ්‍යන් කීරීමයි. මෙම කාරණා අධ්‍යනය කල ඉංග්‍රීසීන් මාතලේ, වෙල්ලස්ස ආදී කැරලි වලින් මතුවූ ගම්නායකත්වය නැති කිරීමට ගමරාලගේ මොඩකම්ද, මහදන මුත්තා හා ගොලයන් මගින් ගම් සභාවට හා ගමේ නායකත්වය උපහාසයට ලක් කර එය සාමාන්‍ය ජන මනසින් අයින් කරන ලදි.
තුන් වන කාරණාව වූ ආරක්ෂාව භික්ෂුන් වහන්සේලාට කර නොහැකි වූ නිසා රජු විසින් ඒ කාරනාව ඉටු කරන ලදි. ඔහු එම කාරයයේ නායකයා විය.
එතකොට දේවයන්ට මොකද වුනේ? යන ගැටළුව සැමටම මතුවන්නකි. දේවයන් ගරිල්ලා හමුදාව ලෙස රට රකින ලදි. වැටුප් ගෙවන හමුදාවක් රට තුල නොවූයේ ආරක්ෂාව අවැසි වූයේ යුද්ධයකදී පමණක් බැවිණි. ඒ මහජන හමුදාවකි. යුද්ධයත් සාමයත් අතර තුර ආරක්ෂාවට තර්ජන ඇත්දැයි නිතරම විමසිලිමත්ව දේවයන් ජීවත් විය. කදු බෑවුම් වල කිතුල්ගස් මදිමින් දුෂ්කර ජීවිතයක් ගත කල දේවයන් කවියෙන් රහස් පණිවිඩ දෙමින් නිතරම රට වෙනුවෙන් ජීවිතය කැප කරන ලදි. පසු කලෙද මොවුන් හකුරු හෙවත් වහුම්පුර ලෙස හදුන්වන කුලයක් බවට පත්විය. ආරම්භයේ සිටම වසර දහස්ගණනක් රට පාලනය කල කුලය වුවද ඔවුනට සලකන්නට වූයේ පහත් කුලයක් ලෙසටය.
දේවයන්ගේ දේශප්‍රෙමිත්වය වර්තමාන ඉතිහාසයේ පවා දක්නට ලැබුණ අවස්තා ඇත. ක්‍රිස්තියානියට ගිය ස්වදේශිකයන් දෙස බලන කල ඉතා කලාතුරකින් ක්‍රිස්තියානියට ගිය කුලය වූයේ මෙම දේවයන්ය. ඔවුන් තමන්ගේ දේ රැක ගැනීමේ අභිමානයෙන් යුක්ත වූ වන්ය. 1971 කැරැල්ල මෙය විද්‍යාමාන කරවන්නා වූ තවත් සාක්ෂියකි.
1971 අප්‍රේල් කැරැල්ල සමයේදී කැරැල්ල දරුණුව ගිය කෑගල්ල, බුලත්කොහු පිටිය, රුවන්වැල්ල කලාපයත්, ඇල්පිටිය ඌරගස්මන්හංදිය හා කරණ්දෙණිය යන කලාපයේත් වැඩිපුර ජිවත් වන්නේ දේව වංශිකයන්ය. රජයට භාරවීමට දී තිබූ අප්‍රේල් 30ල මැයි 1 හා 2 යන තෙදින තුල රජයට බාර වූ 30දෙනාගෙන් 25කට තිබි ඇත්තෙ තොම්මිය හකුරුගේ, වල්පොල වහම්පුරගේ හතුරුසිංහ දේවයාලාගේ වැනි වාසගම්ය. ඒ හැරැණ විට අදත් දේව වංශිකයන් හෙවත් දේවයන් රට පුරා පැතිර පවතී. එදිරිමුණි දේවයාලාගේ, රම්බණ්ඩා දේවයලාගේ, මනතුංග දේවයලාගේ ආදි වශයෙන් නොයෙක් නම් වලින් දේව වංශයේ ඈයන් දක්නට ඇත. මගේ වාසගමත්( එදිරිසිංහ) එවැන්නක් බව කියන්නේ පුංචි ආඩම්බරයකින් කිව්වොත් වැරදි නැහැ. මෙච්චර කල් වංශේ කබල් ගෑව කියලානම් හිතන්න එපා. (දේව වංශයේ වර්තමාන පෙළපත් මෙතනින් බලන්න)
හෙළ යුගයේ අවසන් ශක්‍රාචාරී වු සුමන දේවයා සමන් දෙවියන් බවටත් රාවණ රජුගේ සොයුරු විභිෂණ දේවයා විභිෂණ දෙවියන් බවටත්, මායා අසුර නම් දේවයා විශ්වකර්ම දේව පුත්‍රයා බවටත්, සුමනගේ විමානය පැදවූ මාතලේ දේවය මාතලී දිව්‍ය පුත්‍රයා බවටත්, ප්‍රථම ශක්‍රාචාරී බෘගු ඍෂිගේ දියණිය දේවයානී පත්තිනි දෙවිදුව පත් වූ පසු අප අතරට පැමිණ අද පූජා ලබයි.
සුමනගේ සොයුරියක් වූ මහලොකු(මහ බිය) හා කුවේණිය හෙවත් ලීලාවති කුමරියත් වැද්දන් අතින් දේවත්වයෙන් පිදුම් ලබති. නෑ යකුන් පිදිම අතර සුමන කිරි අත්තාද සිටී. මහලොකු කුමරිය මහබිය ලෙසද හැදින්වෙන අතර ඇය පනීත රජුගේ දියණිය බව මිහින්තලයේ හා කඩුවෙල කරතොට රජමහා විහාරයේ සෙල්ලිපි වලින් සනාථ කරගත හැක.
ජනතාවට නායකත්වය සපයා රටට සේවය කල පුද්ගලයන් මරණින් පසු දෙවියන් ලෙස හැදින්වීම බුදුදහම මෙරටට පැමිණිමත් සමගම සිදු විය. කතරගම දෙවියෝ, මහසෙන් දෙවියෝ, ගලේ බණ්ඩාර දෙවියෝ, සමන් දෙවියෝ යන ලෙසින් දෙවියන් විශාල සංඛාවක් අපට හිමිව ඇත්තෙ එබැවිණි.
රජුට කොහොම ආමන්ත්‍රණය කරනවා කියලාද අහලා තියෙන්නේ?
රජුට වැසියන් ආමන්ත්‍රණය කලේ දේවයන් වහන්ස යනුවෙනි. මෙය කවදාවත් දෙවියන් වහන්ස වූයේ නැත. රාජසිංහ රජු මරණින් පසු රාසිං දෙවියන් වූයේ එබැවිණි. මෙය සිංහලේ අන්තිම රජු දක්වා දේව පාලනයේ පැමිණි නෂ්ඨාවශේෂයකි...!

ඉතිහාසය සොයා යන ගමනේ තවත් කොටසක් මෙසේ අවසන් වෙනවා.
අළුත් පැතිකඩකින් නැවත හමුවෙමු.

Comments

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...