Skip to main content

බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ එක් වරක්ද? මහා වංශයේ දුටුගැමුණු රජ සමය නිවරදැද?

හෙළ යුගයේ දේව පාලනය 3

මහා වංශය විසින් මවන ශ්‍රද්ධා භක්තික දුටුගැමුණු රජු අනුරාධ පුරය අත්කරගැනීමෙන් පසු ශ්‍රි මහා බෝධිය වන්දනාවට යා යුතුය, ථුපාරමය වැද පුදා ගැනීමට යා යුතුයි. නමුත් එවැන්නක් මහා වංශයේ සදහන් නොවේ. මෙයද මහා වංශය තුල මතුවන පරස්පරතාවයකි. ......


පසු ගිය ලිපියෙන් අපි සාකච්චා කලේ දේවවංශය නැතහොත් හෙළ අසුර අධිරාජ්‍යෙය් පාලක වංශයට පැවරී තිබුණ කාර්ය්‍යන් ගැන. අපි බලමු කොහොමද මේ දේව පාලනය බිදවැටුනේ කියලා.

අපි කිවිවානේ අද ලංකාවේ ඉතිහාසඥයන් කියා ගන්නා අය අපේ සම්පූර්ණ වංශ කතා ලියැවෙලා තියෙන ග්‍රන්ථය මහා වංශය කියලා කිව්වාට අපි ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නෙ නැහැ කියලා. නමුත් මහා වංශයේ තියන සියල්ල අසත්‍ය කියලත් අපි කියන්නෙ නැහැ. මහා වංශය කියන්නේ විජයගේ ආක්‍රමණයෙන් පසු ලංකාවේ තත්වය හා රාජ්‍ය වත බෞද්ධ ආරකට ලියැවුණ ග්‍රන්ථයක්.




 මහා වංශයට අනුව නම් බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව වෙන මස මහියංගනයට වැඩම කරලා තියෙනවා. මහා වං මහා වංශයේ සදහන් වන්නෙ මහියංගනයේදී බුදුන් වහන්සේ යකුන් දමනය කරපු බවයි. අදටත් අපිට මහියංගන විහාරයට ගියාම එහි සිතුවම් දැක ගන්න පුළුවන්. නමුත් යක්කු කියලා කියන්නේ ලංකාවේ සිටිය යක් ගොත්‍රකියන් මිස ඒ සිතුවම් වල දක්නට ලැබෙන දල සහිත අමනුෂ්‍යයෝ නම් නෙවෙයි. අපි අපේ පහුගිය ලිපි වල ඒ ගැන පහැදිලි කරලා තියෙනවානේ. කොහොම වූණත් දේව අධ්‍යාපනයේ ඒ වන විට ප්‍රධානියාව හෙවත් ශක්‍රව සිටි සුමන බුදුන් වහන්සේගේ බණ අසා සෝවාන් වුණ නිසා දේව අධ්‍යාපනයේ ප්‍රධානී තනතුර අතහැර දමන්න ඇතැයි සිතන්න පුළුවන්.
සුමන හෙවත් දේව අධ්‍යාපනයේ අවසන් ප්‍රධානියා
නමුත් ඒ මගින් දේව අධ්‍යාපනය බිද වැටීමක් දක්නට නැහැ. පණ්ඩුකාභය කුමරු දක්වාම මහා වංශයේ පවා දේව අධ්‍යාපනය ගැන කෙලින් නොකියා සදහන් වීමක් දක්නට පුළුවන්.
මහා වංශ කතුවරයාට  අනුව නම් බුද්ධත්වයේ පළමුවන වසරේ සිටි 45 වසරක් දක්වා ලංකාව ජනශූන්‍ය දිවයිනක්ව පැවත විජයගේ පැමිණිමෙන් පසු දියුණු ශිෂ්ඨාචාරයක් ඇති වෙලා තියෙනවා. නමුත් මහා වංශයේ හා බෞද්ධ සාහිත්‍යෙය්ම පැවසෙන චුලෝදර මහෝදර සටන හා මැණික් පුටුව, මණිඅක්ඛිත නාරජු ආදිය සමග ගලපන විට යම් යම් පරස්පරතාවයන් මහා වංශයේ බොහෝතැන් වල දක්නට ලැබෙනවා. 

විජයට සහෝදරයන් 31 දෙනෙක් සිටි බව මහා වංශයේ සදහන් වෙනවා, ඔවුන් සියල්ල සිංහබාහුට දාව සිංහ සීවලී ලද දරුවන් බවත් සදහන්. සිංහ බාහු යනු සිංහයෙක්ට දාව මිනිස් දියණියක් ලැබූ මිනිසෙක් නිසා ඔහුගෙන් පැවත එන්නන් සිංහල යැයි කියැවෙනවා. එසේ නම් විජයගේ සහෝදරයන්ගෙන් පැවත එන්නන් පවා සිංහල විය යුතුයි. නමුත් ලංකාවේ හැරෙන්න ලෝකයේ වෙන කිසිම රටක් සිංහලයන්ගේ නිජ භූමිය ලෙස නැහැ. ඒ අනුව අහබුවකින් ලංකාවට පැමිණි විජයගෙන් සිංහල මිනිසුන් පැවැත එන බව පැවසීම අසත්‍යක්. විජය යනු ලංකාවට පැමිණි එළාර, මාඝ වැනි ආක්‍රමණිකයෙක් පමණයි. විජයගේ ලංකා ගමනය හෝ පඩුවස්දෙව්ට පාවා ගැනීමට ගෙන්වූ භද්දකච්චායනා කුමරිය සමග පැමිණි සහෝදරයන් සය දෙනා (රාම, උරුවෙළ, අනුරාධ, විජිත, දීඝායු හා රෝහණ) ගොස් අනුරාධ පුරය ඇතුළු ගම් දනව් කරවූ බව සනාථ කරන කිසිදු සෙල්ලිපියක් ලංකාවේ දක්නට නැහැ. මේ කතා පුවත ඇත්තේ මහා වංශයේ පමණකි. ඒ නිසා ඒ කරුණු පිළිගන්න බැහැ. ඒ වගේම දීඝායූ හා රෝහණ විසින් ඒ ඒ ජනපද කරවීමට පෙරම ඒ පළාත් ජනාවාස වී තිබූ බවට සාක්ෂි තියෙනවා.

මහා වංශයට අනුව ගෞතම බුදුන් වහන්සේට පෙර කකුසද, කෝණාගම හා කාශ්‍යප යන බුදු වරුන්ද ලංකාවට වැඩම කල බව සදහන්වේ. ඒ  ඒ අවස්ථාවල බුදුන් වහන්සේලා ලංකාවට වැඩම කරලා තියෙන්නෙ පිළිවෙලින් උණ වසංගතයක්, වර්ෂා හානී හා යුධ බියක් යන කරුණු හේතු කරගෙන ලක් වැසියන්ට පිහිට වීමටයි. නමුත් ගෞතම බුදුන් වහන්සේ ලංකාවට වැඩම කල හේතුව විදියට සදහන් වන්නේ යකුන් දමනය කිරීමට කියලායි සදහන් වන්නේ. මේ පිළිබදව තියෙන මතවාදයක් අපි රාවණ රජු සම්බන්ධ ලිපියෙන් සදහන් කලා. නමුත් මෙහිදි යකුන් වරදක් කර තිබූනේ නහැ. නමුත් බුදුන් වහන්සේ යකුන්ව සක්වල ගලෙන් එහාට එලවූ බව කියන ප්‍රසිද්ධ ප්‍රවාදයක් තියෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ තුන්වරක් ලංකාවට වැඩීම මහාවංශයේ තිබුණත් ඉන්දීයානු මහායාන ග්‍රන්ථයක් වන දිව්‍යදානයට අනුව නම් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙන්නේ එක් වරයි.

බුද්ධ කාලීනව ලංකාවේ නාගයන්( නාවික වෙළදුන්) බලවත්ව සිටි බවක් දක්නට තියෙනවා. බෞද්ධ ඉතිහාසයේ පළමු වරට බුදු සරණ ගිය උපාසකයන් වන තපස්සු බල්ලූක වෙළද දෙබෑයන් පවා ලංකාවේන් ඉන්දියාවේ වෙළදාමට ගිය නාවික වෙළදුන් හෙවත් නාග වංශිකයන්. ඔවුන් විසින් බුදුන් වහන්සේගෙන් රැගෙන ආ කේෂ ධාතුව නිදන් කොට ගිරිහඩු සෑය සෑදු බව අදටත් පිළිගන්නා මතයක්. කැළණි තිස්ස රජ සමයේ රට මුහුදට ගිලී යාම පිළිබදව මහා වංශය සදහන් කරන්නේ මේ සමය විය යුතුයි.  

සෙල්ලිපි අනුව දමරජගේ පුත් මහා තිසගේ දියණිය විහාර මහා දේවියයි. දම රජ කියන්නේ සුමන නැතහොත් අවසන් ශක්‍රෙග් පුත්‍රයායි. මහා වංශයට අනුව බුදුන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කර තිබේ. අවසන් වරට බුදුන් ලංකාවට වැඩියේ බුදුවී 8 වන වසරෙ බවත් එයින්  වසර 37කට පසුව බුදුන් වහන්සේ පිරිණිවන් පෑ බවත් සදහන් වෙනවා. වසර 37ක් කියන්නේ සාමන්‍යෙයන් පරම්පරා 1 ½ක විතර කාලයක්, සාමාන්‍යෙයන් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරන විට උපන් ළදරුවෝ පවා බුදුන් වහන්සේගේ පරිනිර්වාණය වන සමයේදී දරුවන් සහිත පියෙක් හෝ මවක් විය යුතුයි. මේ අනුව සුමන, සුමනගේ පුත් දමරජ හා දමරජගේ පුත් මහාතිස යන අය බුදුන් වහන්සේට සමකාලීන අය විය යුතුයි. මුහුද ගොඩගලා විත් රට මුහුදට යට වීම සිදුවූයේ මෙම තිස්ස(කැළණි තිස්ස) රජ සමයේදීය. එකල රටෙන් 11/12 මුහුදට යට වූ බව රාජාවලිය සදහන් කරනවා. කොහොම වුණත් මේ සිදු වූ විපතේදී ලංකාවට පිහිට වීමට බුදුන් වහන්සේ වැඩියා විය හැකි. රට බේරා ගැනීමට මුහුදට විහාරමහා දේවිය බිලි දුන් බව සදහන් වුණත් උදම් රල පිළිබදව දැනගෙන එය මතුවන්නට පෙර ඇයව බේරාගැනීමේ අරමුණනේන් ඇය මුහුදට පාකල හැරියා විය හැක. මෙයින් පසු ලෝකයේ විශාලතම නාවික විශ්වවිද්‍යාලයව පැවති කල්‍යාණිය විනාශ වී රට තුල වැව් ශිෂ්ඨාචාරයක් බිහි වූ බව ඇලෙක්සැන්ඩ්‍රියාවේ නාවික කෞතුකාගරයේ තොරතුරු පවසයි. මෙම තොරතුරු වල ගැලපීමක් දක්නට ඇත.

කෙටි කාලයක් තුල සිදු වූ මෙම සිදුවීම් පෙළ මහා වංශය විසින් වසර 350ක් දක්වා දික්ගස්වා ඇත. මේ බව සනාථ කරවන ලිපියක් සිතුල් පව්වේ කොරවක් ගල ඇති IC 621 සෙල්ලිපියට අනුව තිස්ස රජු හා බිසව භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝයාට පූජා කල ලෙනක් ඇත. මෙය ලංකාවේ දක්නට ඇති භාග්‍යවතුන් වහන්සේට පූජා කල පළමු හා එකම ලෙනයි. මේ තිස්ස යන්නෙන් අදහස් වන්නේ කාවන් තිස්ස රජු විය යුතුයි. ඒ සිතුල්පව්ව යනු රුහුණෙ පිහිටි ප්‍රෙද්ශයක් බැවිණි.

මේ සියළු සාධක ගත්තම පැහැදිලින දෙය නම් බුදුන් වහන්සේ ලංකාවට වැඩි පසු බණ අසා සෝවාන්ව රජකම අකහැර දෑමූ සුමනගෙන් පරම්පරා 2කට පමණ පසු දුටුගැමූණු රජ රජවීමයි. මහා වංශය මදකට අමතක කොට සෙල්ලිපි යන සාක්ෂි පමණක් පදනම් කරගෙන ලංකා ඉතිහාසය විමසුවොත් දක්නට ලැබෙන ප්‍රතිඵලය මෙයයි.

මහා වංශය විසින් මවන ශ්‍රද්ධා භක්තික දුටුගැමුණු රජු අනුරාධ පුරය අත්කරගැනීමෙන් පසු ශ්‍රි මහා බෝධිය වන්දනාවට යා යුතුය, ථුපාරමය වැද පුදා ගැනීමට යා යුතුයි. නමුත් එවැන්නක් මහා වංශයේ සදහන් නොවේ. මෙයද මහා වංශය තුල මතුවන පරස්පරතාවයකි.

මහා වංශය විසින් ලංකාවේ පළමු රජු බවට පත්කරන ලද විජයගේ සමයේදී, පඩුවස්දෙව්, පණ්ඩුකාභය, මුඨ සීව හෝ දේවානම් පියතිස්ස රජ සමයේදී හෝ ලැයැවුණ සෙල්ලිපි දක්නට නැත. නමුත් ඔවුන් ඉන්දියාවට හසුන් පත් යැවීමට, සංදේශ යැවීමට අකුරු දැණ සිටිබවක් මහා වංශය පවසයි. දෙවන පිය මහ රජුන් සම්බන්ද සෙල්ලිපි 28ක් ලංකාව තුල දක්නට ඇත. ඒ අතර දෙවන පිය මහරජ අභයගේ 13ක් (දුටුගැමුණු) දෙවන පිය තිසගේ( සද්ධා තිස්ස) රජුගේ 11ක් හා දෙවන පිය මහරජ උතිගේ 2ක් හා දෙවන පිය මහරජ යන්නෙ 2ක් දක්නට ඇත. මේ අනුව දෙවන පිය යනු රජුන් තම නාමය ඉදිරියට භාවිත කල නාමයක් බව හිතන්නට පුළුවන්. මහා වංශයට අනුව දේවානම් පිය තිස්ස රජු ලෙන් 68ක් සාදා මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු සංඝයාට පුජා කලද ඒ පිළිබදව එකදු සෙල්ලිපයක්වත් මේ වන තෙක් හමු වී නැත. නමුත් ලෙන් වල අයිතිය හා පරපුර සදහන් කරීම ලංකාව පුරා හම වූ බොහෝ ලෙන් වල දකින්නට පුළුවන්. එය  කුවේර, රාවණ නුහුත රජ සමයේ සහා විශ්‍රවස් හා තෘණබින්දු මුණිවරුන් සමයේදී පවා දක්නට ලැබූ බවට සාක්ෂි සපයන ලෙන් වලින් තහවුරු කරගන්න පුළුවන්.


මුහුදේ ගිලීමෙන් ලංකාවේ තිබූ නාවික හා වෙළද ආර්ථික ක්‍රමය බිද වැටීම හා විජය වැනි ඉන්දියානු ආක්‍රමණයන් පැමිණිම නිසා පාලක පන්තිය වූ දේව වංශය බිදවැටුණ බවක් සිතාගත හැක. ලීලාවතී නැමති කුමරිය (කුවේණිය) වැනි පරම්පරාවක් සහිත ඓතිහාසික කතා පුවත් විජය කුමාරයා නැමති මිත්‍යාවක් සමග ගලපා එම කතා පුවත් වලට ඓතිහාසික ස්වරූපයක් ලබා දීමට වංශකතා කරුවා උත්සහ කර ඇති බවක් පෙනේ. බුදු සසුනෙන් පසු එම ලේඛන භික්ෂුන් වහන්සේලා අතට පත් වීමත් භික්ෂුන් වහන්සේලා විසින් පෙළ හෙවත් පාළි නැමති භාෂාවක් නිපදවා හෙළ බසේ හෝඩියම භාවිතයෙන් ලිවීම පසුකාලීනය සමාජ සම්මතයක් වූ බව පෙනේ. සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලිවිමට පවා දියුණු භාෂා ඥානයක් තිබු ඒ යුගයේ පොදු ජනතාව අතරින් මෙවන් පොත පත ලියු ගිහියන් නොසිටිම හෝ ගිහියන් අතින් ලියූ පොත් පත් නැති වීම අභිරහසකි.

තවත් මහා වංශයේ තිබෙන ගැටළු සාකච්චා කරමින් අපේ ගවේෂණය කරගෙන යනකම් අදට ආයූබෝවන්.

Comments

පොඩ්ඩක් මට අවුල් වගේ....ආයිමත් දෙපාරක් විතර කියවන්න ඕන.
මොනව වුණත් ඔයාලගෙ මහන්සිය අගය කරනවා.

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...