Skip to main content

දෙව්දුව...


දෙව්දුව...

මේකත් ඒකෝමත් එක කාලයක එකක් තමයි.

ඔන්න ඉතින් එකමත් එක කාලයක ඉපදෙන්න ලංවුණ ළමයෙක් හිටියා. ඒ කියන්නේ ගන්දබ්බ අවදියේ වගේ අපි හිතමුකෝ එයා හිටියේ දිවිය ලෝකේ කියලා.

ඉතින් මේ ළමයා දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා.

  හෙට ඔබවහන්සේ මාව මනුස්ස ලෝකයට යවනවා කියලා අනිත් අය කියනවා. මාව එහෙට යැවුවාම මම ගොඩාක් පොඩියි. තනියෙම යමක් කරගන්නත් බෑ. එහෙම තියෙද්දිත් ඇයි ඔබවහන්සේ මාව මනුස්ස ලෝකයට යවන්නෙ..?

දෙවියන් එයාට මෙහෙම පිළිතුරු දුන්නා.  ගොඩාක් දෙව්දූවරු ඉන්නවානේ. ඒ අය අතරින් කෙනෙක් මම ඔයාටම තෝරලා තියෙන්නෙ. එයා ඔයා එනකම් බලා ඉන්නවා. එයා ඔයා ගැන හොදට බලාවි


 ඉතිරි ටිකත් කියවන්න



නමුත් මට මෙහේ හිනාවෙන්නයි සිංදු කියන්නැයි ඇරෙන්න වෙන කිසිදෙයක් කරන්න නැහැ. ඒ දේ තමයි මට ඕනෑ සතුටින් ඉන්න. ළමයා ආපහු දෙවියන්ට කීවා.

ඒ දෙව්දුව ඔයා වෙනුවෙන් සිංදු කියාවි. ඔයාට ඒ දෙව්දුවගේ ආදරය දැනේවි. ඔයා සතුටින් ඉදිවී. දෙවියන් පිළිතුරු දුන්නා.

ඒ වුණත් කොහොමද මම මිනිස්සු කතා කරන දේවල් තේරුම් ගන්නෙ. මම ඒ භාෂාව දන්නෙත් නැහැනේ 
මේකට දෙවියන් මෙහෙම කීවා ඒක හරිම ලේසියි...! ඒ දෙව්දුව ඔයාට මේතාක් කාලයකට අහපු මිහිරිම වදන් වලින් ඔයාට කතා කරයි. ඉවසීමෙන්, උනන්දුවෙන් ඔයාට කතා කරන්න උගන්වයි. 
ළමයා දෙවියන් දිහා බලාගෙන මෙහෙම ඇහුවා, එතකොට මම, මට උවමනා වුණාම ඔබවහන්සේට කතා කරන්නෙ. දෙවියන් හිනාවෙලා ළමයාට මෙහෙම කීවා. ඒ දෙව්දුව ඔයාට යාඥා කරන්න උගන්වාවි.

මම අහලා තියෙනවා මනුස්ස ලෝකයේ නපුරු මිනිස්සුත් ඉන්නවා කියලා. කවුද මාව ආරක්ෂා කරන්නෙ...? ළමයා නැවතත් දෙවියන්ගෙන් ප්‍රශ්න කලා.  
ඔයාගේ දෙව්දුව ඔයාව නපුරු මිනිස්සුන්ගෙන් ඔයාව ආරක්ෂා කරාවි, එයාගේ ජිවිතය කැප කරලා හරි එයා ඔයාව ආරක්ෂා කරාවි. දෙවියන් නැවතත් පිළිතුරු දුන්නා. 
දුකින් පිරුණු දෑසින් යුක්තව ළමයා දෙවියන්ට මෙහෙම කීවා. මට හැම වෙලේම දුක දැනේවි, මට ආයේ ඔබ වහන්සේව දකින්න ලැබෙන්නෙ නෑ නේ. දෙවියන් කරුණාවෙන් පිළිතුරු දුන්නා. ඔයාගේ දෙව්දුව හැමවෙලේම මා ගැන කතාකරාවි. එයා කියාදේවි නැවතත් මගේ ලගට එන මාර්ගය. ඒ වුණත් මම හැමවෙලේම ඔයා ලගම ඉන්නවා.

ඒ මොහොතේ දිව්‍ය ලෝකය වඩාත් සමකාමි බවක් පෙනුන අතර මනුස්ස ලෝකයෙන් කාන්තාවක් අමාරුවෙන් කෑගසන හඩක් ඇසුනා.

දිව්‍ය ලෝකයෙන් යන්න ඉතාමත් ලං වු පසු ළමයා හදිස්සියෙන්, නමුත් මෘදු හඩකින්, අනේ දෙවියන් වහන්ස මම පිටත්ව යාමට ඉතාමත් ලගයි. මට කියනවාද ඒ දෙව්දුවගේ නම. එයාගේ නම ගොඩාක් වැදගත් නැහැ නමුත් ඔයා එයාට මෙහෙම කතා කරාවි.

අම්මා !

  ගැටයා

Comments

Popular posts from this blog

ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව

  හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස   අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා. ...

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු. ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්.මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්. බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?) බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් ...

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)

මතු වූ නව හෙළ ඉතිහාසය   දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so powerful That it could be destroy Erath in an instant, A grate soaring sound in smoke and flame, And on its sits death අද එතැන් සිට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?   මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.       1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශ...