3.5.12

ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණු මහා විහාරය :: Our Heritage

කොළඹ-රත්නපුර-මොණරාගල-සියඹලාණ්ඩුව හරහා පොතුවිල් යන අතරමඟ සියඹලාණ්ඩුව හන්දියේ ඉඳන් 10 Km කිලෝමීටර දහයක් පමණ පොතුවිල් දෙසට යන කෙනෙකුට ලාහුගල කැලේ මැද්දෙ තියන මේ ඓතිහාසික වශයෙන් වැදගත්වන රමණීය පින් බිමට ලඟාවෙන්න පුළුවන්.



පුරාවෘත්ත වලට අනුව කැලණිතිස්ස රජු මුහුද ගොඩ ගලන අවස්ථාවේ එම ව්‍යසනයෙන් ජනයා බේරා ගැනීමට තම දූ කුමරිය මුහුදේ පා කර හැරිය බවත් .මෙතුමිය ගොඩ බැස්ස ස්ථානය කිරින්ද ලෙස වර්ථමානයේ සැලකුවත් නියම වශයෙන් ඇය ගොඩ බැස ඇත්තෙ පොතුවිල් මුහුදු මහා විහාරය අසල කියලයි සඳහන් වෙන්නේ. නමුත් අපේ ඉතිහාස ගවේෂණයට අනුව නම් කාවන්තිස්ස රජතුමා හා විහාරමහා දේවී කුඩාකල සිටම දැන අඳුනන බවයි. ඒ වගේම සිතුල් පව්ව සෙල්ලිපි වලට අනුවත් කාවන්තිස්ස රජු, විහාරමහා දේවී, දුටුගැමුණු කුමාරයා පිළිබදව දැනට දන්නා ඉතිහාසයට පරස්පර කරුණුයි මතුවෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත්මෙතුමිය ගොඩ බසින තෙක් නොඉවසිල්ලෙන්  කාවන්තිස්ස කුමරු අට්ටාල බැඳගෙන බලාගෙන ඉඳලා තියනවා..එම ස්ථානය අද හැදින්වෙන්නෙ "අඩ්ඩාලච්චේන " කියලා..  (අද සිංහල පුළුටක් වත් හොයාගන්න නැහැ. ඔය තැන්වලත් අනිවාර්යෙන්ම අපේ වෙහෙර විහාරස්ථාන තියෙන්න ඇති.) පොතුවිල් මුහුදු මහා විහාරයට වන දේවල් අහලා ඇතිනේ. දඹුල්ල ගැන කතාකරන්න ගියොත් මාතෘකාවෙන් පිට පණිනවා. පසුව කුමරිය පොතුවිල් පෙදෙසින් ගොඩ බට බව සැලවූ කුමරු "කෝ කුමරිය" ලෙස විමසූ ස්ථානය අද "කෝමාරිය" ලෙස හැඳින්වෙනවා.. පසුව "අර ගමේ" යැයි ලැබුනු පිළිතුර අද අරුගම් ලෙස හැඳින්වෙනවා.. මොනවා වුනත් අද මේ හැම ගමක්ම පාහේ මුස්ලිම් ගම්මාන වුනේ කාගේ වරදින්ද?

අපේ අතීත උරුමයන්ට වෙන දේ ගැන ඇත්තටම දුකයි..

විහාරමහාදේවිය සහ කාවන්තිස්ස රජුගේ සරණ මංගල්‍ය සිදුවු මඟුල් පෝරුවේ නටඹුන් අදටත් දැකගන්න පුළුවන්..

ඔය මැද ඇති වල ගිනිදැල්වීම සඳහා යොදාගෙන තියනවා..
ඔය මැද අක්කර 200ක භූමිභාගයක පැතිරිලා තියන මේ පින්බිමේ කාවන්තිස්ස රජුගේ මාලිගයේ නටඹුන් ඇතුළු තවත් බොහෝ නටඹුන් දැක ගන්න පුළුවන්..ඇති වල ගිනිදැල්වීම සඳහා යොදාගෙන තියනවා..


මෙහි ඇති සඳකඩ පහණේ විශේෂයත්වය තමයි ඇත් ගොව්වකු සහිත වීම...මෙවැනි එකම සඳකඩපහණ මෙයයි.
මේ ලඟ නැගෙනහිර පලාතේ විශාලම චෛත්‍ය වන නීලගිරි මහා සෑය පිහිටලා තියනවා....
මෑතකදි සොයාගත්ත මෙම සෑයේ තවමත් කැනීම් සිදුවෙමින් පවතිනවා..
මේ ස්ථානයේ රහතන් වහන්සේලා වැඩ සිටියාසේ සැලකෙනවා ඒ සඳහා ඉදිකල කුටි 31ක් පමණ දැනට සොයාගෙන තියනවා..
මේ මගදි ලාහුගල කැලේ මැද හිටිය අලියෙක්..
දැන්වීම් පුවරුව..
වටිනා විස්තරයක්..

මේවානම් කවුරු කලත් අපත වැඩ.....
කෞතුකාගාරය......

...... මෑතදී ඉදිකල චෛත්‍ය.....



චාරිකා සටහන සුපුරුදු පරිදි

4 ප්‍රතිචාර: