13.2.12

දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් තිරය ගැන දැන ගනිමු.:: Control room Screen of Ancient Aircraft


මේදක්වා අපි විමානයට අවැසි ලෝහ, දූතකයාට අවැසි ඇඳුම් හා ආහාර පිළිබදව සාකච්චා කරානේ. මිලගට විමානය තුල හා පිටත සවිකල යුතු විවිධ වූ දර්පණයන් හා කාචයන් පිළිබද සාකච්චා කරමු. මෙම විමාන කාච පිළිබදව හැදැරිම හදුන්වන්නේ දර්පණාධිකාරම් යනුවෙන්. මෙහිදි දර්පණ යනුවෙන් හැදින්වූද මින් සමහරක් වර්තමාන රූප වාහිනි තිරයන්ට හා විවිධා ආකරයේ පැනලයන්ට සමාන කරන්න පුළුවන්


කණ්නාඩි හා කාච :: Darpanaadhikaranam

මෙම කොටසින් විමානයක සවි කල යුතු දර්පණ පිළිබදව තමයි සාකච්චා කරන්නේ. විමානයක දර්පණ ප්‍රධාන වශයෙන් වර්ග 7කින් සමන්විත වේ. මින් සමහර දර්පණයන් වර්තමානයේ මොනිටරයක් වැනි තිරයකටද, සමහර දර්පණ සූර්ය පැනල ආකාරයේ ශක්තිය උකහා ගැනීමට ගන්නා දර්පණවලට සමාන කල හැක. ඒ අනුව
·        විශ්වකාර්ය දර්පණය හෙවත් රූපවාහිනි තිරය ( විමානයේ ප්‍රධාන මෙහෙයුම් තිරය විය හැක)
·        ශක්ත්‍යාකර්ශන දර්පණ හෙවත් ශක්තිය අවශෝෂණය කරගන්නා දර්පණ
·        කුන්තනී දර්පණ
·        පින්ජුලා දර්පණ
·        ගුහාගර්භ දර්පණ
·        රෟද්‍රි දර්පණ‍ය

විශ්වකාර්ය දර්පණය විමානයේ ඇති ප්‍රධානම උපකරණයකි. විමානය තුල, පිටත සිදුවන දේ නිරීක්ෂණය කිරීම උදෙසා මෙම දර්පණය භ්‍රමණය වන ආධාරකයක දුතකයාට පහසුවෙන නිරීක්ෂණය කල හැකි පරිදි සවිකරනු ලැබේ. සක්වල තරණය වැනි වෘතාන්ත වල පමණක් අප දුටු මෙවැනි පාලක තිර වර්තමාන ගුවන් යනාවලවත් හෝ තියෙනවාද යන්න සැක සහිතය. ඒ කොහොම වුණත් විශ්වකාර්ය දර්පණ සාදාගන්නා ආකරය ‍දැන් විමසමු.
මේ සඳහා සත්ව කොටස් 2ක්, සෞන්දලික කොටස් 2ක්, රාජාලි අස්ථි කොටස් 1ක්, රසදිය කොටස් 5ක්, සින්චෝරනී පා නිය කොටස් 2ක්, මයිකා කොටස් 6ක්, රතු ඊයම් කොටස් 5ක්, මුතු කුඩු ‍කොටස් 8ක්, සෞම්‍යක මාළුන්ගේ ඇස් බෝල කොටස් 18ක්, පිළිස්සෙන ගල් අඟුරු කොටසක්, සර්ප හැව කොටස් 8ක්,අක්ෂි වර්ණක කොටස් 3ක්, මාතෘණ කොටස් 6ක්, සිලිකා වැලි කොටස් 10ක්, ලුණු කොටස් 8ක්, ඊයම් කොටස් 4ක්, මුහුදු පෙඳ කොටස් 2ක්, බෙල්ල සුදු රාජාලියෙකුගේ සම් කොටස් 3ක්, උණ ක්ෂාර කොටස් 7ක්, ව්‍යරාජ්‍ය හෙවත් සුදු පීප්ප ශාක පට්ට කොටස් 5ක් මේ සඳහා අවශ්‍ය වේ.
මෙම හොඳින් පිරිසිදු කර, ද්‍රව්‍ය නියමිත බර ප්‍රමාණ කිරාගෙන බීකර උඳුනක පුරවා චන්දෝදර වර්ගයේ උෂ්මකයකින් අංශක 800ක උෂ්ණත්වයකට රත්කර නියමිත ද්‍රවාකය ලැබෙන අවස්ථාවේදී කාර දර්පණ යන්ත්‍රය  හෙවත් අත් වීදූරු අච්චුවකට වත් කරගත යුතු වේ. මෙමගින් පිටතින් සිදුවන ක්‍රියාකරම් හී විස්තර මිනිත්තුවක කාලයක් නැවැත පෙන්විය හැකි විශිෂ්ඨ වූ දර්පණයක් ලැබේ.
----------------------------------------------------------------------------------
මෙය බැලූ බැල්මටම දියුණු තාක්ෂණයක් බව පෙනී යයි. වර්තමානයේ පිටතින් සවි කල කැමරා මගින් ගන්න රූප රාමු පරිඝනක පද්ධතියක් තුලින් තිරයක් මතට දර්ශනය වූ වද, මෙම තාක්ෂණයෙන් පරිඝණකය, කැමරාව හා තිරය යන සියල්ල එක් දර්පණයක් මතට කැටි කොට තිබීමෙන් හෙලි වන්නේ අතීත තාක්ෂණය වර්තමානයට වඩා කොයි තරම් ඉදිරියෙන්ද යන්නයි.
----------------------------------------------------------------------------------
මීලඟට ශක්ත්‍යාකර්ෂණ දර්පණ පිළිබදව විමසමු.
මෙය වර්තමානයේ අභ්‍යාවකාශ ගතකරන්නා වූ චන්ද්‍රිකාවන් හී සවි කර ඇති සූර්ය පැනල වලට සමාන කල නොහැක. විමානයක් ආකාශයේ පියාසර කරන විටදී තුන් ආකාරයක විනාශකාරී බාධක බලයන්ට මුහුණ දීමට සිදුවන අතර, මෙම දර්පණ මගින් එම ශක්තීන් අවශෝෂණය කරගනිමින් ඉන් සිදු වන්නා වූ අහිතකර බලපෑම් නිෂ්ක්‍රීය කරමින් ඉන් ඇති වන බාධාවන් මැඩපවත්වනු ලැබේ.
ධුන්දීනාථාචාර්ය පවසන පරිදි, සුළග, සුර්ය කිරණ හා ගින්දර යන්න ත්‍රිවාර්ගස් යනුවෙන් හැදින්වෙන අතර මේ සියල්ලක් මගින්ම 122ක් පමණ වූ අන්ර්ථකාරී බලයන් විමාන දූතකයා හට ඒල්ල වන අතර මෙම දර්පණය මගින් එම අනර්ථකාරී බලයන් අවශෝෂණය කර නිෂ්ක්‍රීය කරනු ලැබේ.
පරානුක්ශ පවසන පරදි, විමානයක් ගමන් ගන්නා ආකාශයේ ගමන් මාර්ගයන් හී පවතින්නා වූ වෘත්තාකාර කලාපයන් කිහිපයක් ඇති අතර එහිදි සුළඟ, සුර්ය තාපය හා ගින්දර මගින් 366ක් වූ ද දුර්විපාක බලපෑම් පවතී. ශක්ත්‍යාකර්ශන දර්පණය යනු එම බලයන් මැඩපවත්වාන්නා වූ පලිහයි. එය නිරමාණය කරන්නේ මෙසේය.
හිරිතල හෙවත් කහ හිරියල් කොටස් 5ක්, විරින්චි කොටස් 5ක්, ලුණු කොටස් 8ක්, තල පොතු කොටස් 4ක්, දියමන්ති කොටස් 6ක්, රතු මයිකා හෙවත් රතු තලාතු මිනිරන් කොටසක්, ගල් අඟුරු කොටස් 8ක්, වැලි කොටස් 3ක්, ඉඳිබු බිත්තර කොටස් 2ක්, භාරණි කොටස් 3ක්, කන්ද කොටස් 3ක්, පෞෂ්කල කොටස් 5ක්, කොරල් හෙවත් හිරගල් කොටස් 5ක්, මුතු කොටස් 2ක්, සිප්පිකටු කොටස් 6ක්, බොරුක්ස් කොටස් 8ක්, බෙංගාලී කුයින්ස් ඇට කොටස් 3ක්(කුඩා ඇඹුල් ශාකයකි), ශංඛ හෙවත් හක්ගෙඩි කොටස් 5ක් ගෙන හොදින් පිරිසිදු කොට, පිටිකර, හංස ප්ලාස්කුවක හෙවත් හංස උඳුනක බහා මන්ධුක උෂ්මකයකින් ද්‍රව වන තුරු අංශක 500ක් දක්වා කාකාරා විස්ත්‍රිථ දර්පණ යන්ත්‍රයට සෙමෙන් වත් කරගැනීමෙන් ශක්ත්‍යාකර්ශන දර්පණය නිපදවා ගනු ලැබේ.
මීළග කොටසින් විමානයක ස්වරූපය වෙනස් කල හැකි කුන්තනී දර්පණය පිළිබදව සකච්චා කරමු. එතෙක් ආයුබෝවන්

8 ප්‍රතිචාර: