13.1.12

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සුත්‍රය.3. The Lanakawatara Sutra


අද ලංකාවතාර සුත්‍ර සටහන ලියන්න කලින් මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනා. නිකාය බේදයකින් තොරව බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක් විදියට, කලින් ලිපියකත් සදහන් කල සද්ධර්මපූණ්ඩරික සුත්‍රෙය් සිංහල පර්වර්තනය කියවන්න ලැබුණා. මෙම සද්ධර්මපූණ්ඩරික සුත්‍ර දේශනාව සිංහලයට නැගූ ශ්‍රේෂ්ඨාධිකරණ මහා විනිශ්කාරතුමෙක් වන පී.බී වරාවැව මැතිතුමාට හා මට සද්ධර්මපූණ්ඩරික සුත්‍රය ලබා දුන් මලීෂ සහෝදරයටත් පින්දෙමින් අපි සාකච්චාවට පිවිසෙමු.
සද්ධර්මපූණ්ඩරික සුත්‍රය හා ලංකාවතාර සුත්‍ර දේශනාව අතර බොහෝ සමාන කම් තියෙනවා. කොහොම වුණත් මෙම සුත්‍ර දෙකම ථෙරවාදී බෞද්ධ සාහිත්‍යෙය් දක්නට නැහැ. සද්ධර්මපූණ්ඩරික සුත්‍රය යනු මොලොව පහල වු, පහල වන්නා වූ සියළු බුදුවරුන් වහන්සේලා විසින් උපාය කෞෂල්‍යෙයන් තොරවූ, තේරුම් ගැනීමට අපහසු වූ සම්මා සම්බුද්ධත්වය හෙවත් බුද්ධත්වය පිළිබදව, නිවරදි වූ නිර්වාණය පිළිබදව මහරහතුන් වහන්සේලා, බෝධිසත්වයන්, ඇතුළු ශ්‍රාවකයන් උදෙසා දේශනාකරන ලද, දේශනා කරන්නා වූ උතුම් වූ සුත්‍රධර්මයක්. මෙහිදී උපාය කෞෂල්‍ය ලෙස සදහන් කලේ මෙලොව පහල වූ සියළු බුදුන් වහන්සේලා තේරුම් ගැනීමට අපහසු, ඉතා ගැඹුරු බුදු දහම පෘථග්ජන සත්වයන් හට තේරුම් ගැනීමට පහසුවන පරිදි, සරළව උපමා, උපමේය, පිරුළු ආශ්‍රිතව දේශනා කිරීමයි. මා සිතනා පරිදි නම් ථෙරවාදී බුදු දහම යනු මෙම උපාය කෞෂල්‍ය ආශ්‍රෙයන් බුදුන් වහන්සේලා දේශනා කල ධර්මයයි. ථෙරවාදී බුදු දහමේ අපගේ ඒකායන බලාපොරොත්තුව නිර්වාණය ලගා කරගැනීම වුවද, සැබෑ මහායාන බුදු දහමේ ඒකායන බලාපොරොත්තුව සම්මා සම්බුද්ධත්වයට පත්වීමයි, සර්වඥ ඥාණය ලබා විශ්ව සත්වයන් හට නිර්වාණය දක්වා මාර්ගය පෙන්වීමයි.  මෙම කරුණු ලංකාවතාර සුත්‍රය යටතේ සදහන් කිරීමට හේතුවත් එය මහායානයේ එන ප්‍රධාන සුත්‍ර දේශනාවක් වීමත්, සද්ධර්මපූණ්ඩරික සුත්‍රෙය්ත්, ලංකාවතාර සුත්‍රෙය්ත් බොහෝ කරුණු එකිනෙකට ගැලපීමයි. ඉදිරියට මෙම සුත්‍රයත්, අපේ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ නොවූවත්, තව දුරටත් සාකච්චා කිරමු.
පසුගිය සතියේ


රාවණ රජු විසින් අලංකාර ආභරණින් යුක්ත වූ ගෙලපලාදනාවක් බුදුන් වහන්සේ ඇතුළු බුද්ධ පුත්‍රවහන්සේලාට පළදවන ලදි. බුදුන් වහන්සේ ප්‍රමඛ නැණයෙන් සම්පන්න වූ බුද්ධ පිරිවර විසින් පිළගන්වන ලද, පූජාකරන දේ පිළිගනිමින් ගැඹුරු වූත්, අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූත් සත්‍ය දේශානාකරිමට සූදානම් විය
ස්ථානයේන් තමයි අපි ලංකාවතාර සුත්‍රය නතර කලේ. අද එතැන් සිට.
දක්ෂම කථිකයා ලෙස ගෞරව කරමින්,රාවණ රජු හා යක්ඛ පිරිවර විසින් මහාමථි බෝධිසත්වයන්ගෙන් නැවත නැවතත් මෙසේ ඉල්ලන ලදි.
ඔබ, අභ්‍යන්තරයෙන්ම අවබෝධ කරගත්තා වූ සර්වඥ ඥානය සම්බන්ධයෙන් බුදුන් වහන්සෙගෙන් විමසීමේ හැකියාවෙන් යුක්ත වන්නේය. මෙතන සිටින්නා වු යක්ඛ පිරිවර, එලෙසම බුද්ධ පුත්‍රයන්ද ඇසීමට කැමැත්තෙන් සිටින්නේය. මම, යක්ඛ පිරිවර, බුද්ධ පුත්‍රයන් හා බුද්ධිමත් මනුෂ්‍යන්ගෙන් සෑදුනා වූ පිරිවර මෙසේ ඔබගෙන් ඉල්ලමු.
ඔබ සුභාෂිත වූ කථිකයෙකි, එලෙසම මහත් උද්යෝගීමත් යෝගී වරයෙකි, භක්ති පූර්වකව ඔබෙන් මෙසේ අයදිමි, බුදුන් වහන්සේගෙන් ධර්මය පිළිබදව විමසුනු මැනවි. විශිෂ්ඨ වූ ධර්මය පිළිබදව විමසනු මැනවි.
දර්ශනවාදීන්, පසේ බුදුවරුන් හා ශ්‍රාවකයන්ගේ වැරදීම්, අඩුපාඩු වලින් තොරවූ අභ්‍යන්තර සවිඥානයෙන් අවබෝධ කරගත්තා වූ සත්‍ය, නිර්මල වූත්, අග්‍ර වූත් බුද්ධත්වයයි.
අනතුරුව, භාග්‍යවතුන් වහන්සේ අබරණින් සමලංකෘතවූ ශිඛරයන් හා අනෙකුත් වස්තූන් ගැනිය නොහැකි තරම් අතීමහත් වූ අබරණින්,මහානුභාව සම්පන්නව අලංකාර කල සේඛ.
සෑම ශිඛර මස්ථකයකම බුදුන් වහන්සේ දර්ශනය වූ අතර රාවණ රජු ප්‍රමඛ යක්ඛ සේනාවද එම මස්ථකයන් හී දක්නට ලැබුණි. සෑම ශිඛර මස්ථකෙය්ම සියළු දේශයන් හී නායකයන්ද, පරිවාර සමූහයාද විය. ලංකාවාසී රාක්ෂ රජුද මෙහි විය. තවද මෙම සෑම ශිඛර මස්ථකයක්ම, බුදුන් වහන්සේගේ ඉල්ලීමට අනුව මහා මථි බෝධි සත්වයන් විසින් සාදන ලද, අශෝක මලින් ගැවසුන අශෝක වනයන්ගෙන් යුක්ත විය.
යක්ඛ පරිවරගේ යහපත උදෙසා ඉතා අභ්‍යන්තර සාක්ෂාත් කරගැනීමට මගෙපන්වන්නා වූ සත්‍ය දෙශනා කරන්නා, සම්පූර්ණ සුත්‍රධර්මයන් මධුර හඩින් විවිධ සිය ගණනින්, දහස්ගණනින් කදු මුදුන මතදී දේශනාකරන ලදි.
අනතුරුව බුදුන් වහන්සේ හා බුද්ධ පුත්‍රයන් වහන්සේලා රාවණ රජුගේ ප්‍රසාදයේන් නැගී සිට රාවණ රජු හා යක්ඛ පිරිවර අතහැර ආකාශයේ නොපෙණි යන ලදි. රාවණ රජුට මෙසේ සිතින, මෙය වන්නේ කොහොමද? මෙහි තේරුම කුමක්ද? කා හටද එය ඇසුනේ? මොකක්ද ඒ? ඒ දර්ශනය ? එය දක්නා ලද්දෙ කවුරුන්ද? නගරය කොහේද? බුදුන් වහන්සේ කොහේද? තිබුණා වූ දේශයන්, අභරණින් දිළිසුණ බුදුන් වහන්සේ, සුගතයන් වහන්සේ කොහේද ? මෙය සිහිනයක්ද? එසේත් නැතිනම් දර්ශනයක්ද? ගාන්ධර්වයන් විසින් මවන ලද්දා වූ මායාවක්ද? නැතිනම් ඇසේ වූ දූවිලි නිසා වූවක්ද? මරු විකල්ලෙන් වූවක්ද? එසේත් නැති නම් වද ගැහැණියකෙග් සිහින දරුවාද? අග්නි චක්‍රෙය් දුමාරයද? මා ඒ දුටු වේ?            අනතුරුව රාවණ රජු විසින් අවර්ජනය කරගන්නා ලදි. මෙය වූ කලි මානසික රාජධානියට අයත් ධර්මතාවයයි, ‍සියළුදෙනා  තම පරිකල්පනයෙන් ව්‍යාකූලත්වයට පත්වීමෙන් ඇතිවන්නා වූ මුග්ධ බාවය නිසා මෙය වටහාගත නොහැක.
ශාස්තෘවරෙයක් සිටියා සිටියා හෝ නොසිටියා හෝ, දේශකයෙක් නොසිටියා හෝ දේශනාවක් නොමැති වුවත්, බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය පිළිපැදීමෙන් විචික්ෂණ බුද්ධිය ලැබේ. මෙවැනි සංසිද්ධින් මෙයට පෙර දුටුවන් බුදුන් වහන්සේ නොදකී. විචක්ෂණ බුද්ධිය අවදී නොවූ විට බුදුන් වහන්සේ දැකිය ‍නොහැක. බුදුන් වහන්සේ තම සර්වඥතා ඥානයෙන් ලෝකය ලෝකය විසින්ම පරිණාමය නොවන බව දුටු සේක.
ලංකාධිපති, රාවණ රජු( තම මතක ආවර්ජනයෙන්) හදිසියෙම අවදි වූ අතර හදවතේ ජුගුප්සාවක ඇති වූ අතර තම මනස තරම් ලෝකය කියා දෙයක් නොමැති බව අවබෝධ කරගත්තේය. අනතුරුව රාවණ රජු වෙනස් කොට තැකීමෙන් තොරවූ තම රාජධානියේ හිදගනිමින්, තම අතීත නිවැරදීවූ ක්‍රියාවන්ගෙන් ප්‍රබෝධමත්ව, සියළු ග්‍රන්ථයන් අවබෝධ කරගැනීමේ දක්ෂතාවයන් අයත් කරගනිමින්, යමක් ඇති සැටියෙන්ම දැකීමේ බුද්ධිමහිමය ලගා කරගනිමින්, අන්‍යන්ගෙන් සවායත්ත වෙමින්, කාරණයන් අතිවිශිෂ්ඨ ලෙස තමාගේම බුද්ධියෙන් නිරීක්ෂණය කරමින්, අක්‍රමිකවත් තර්කණයන්ගෙන් තොර වූ විඥානය උකහාගනිමින්, විනයානු කූල ශ්‍රේෂ්ඨ යොගීවරයෙක් මෙන් තමා තුල ඇති සියළු විශිෂ්ඨ ආකාරයන්(හැකියාවන්) මනා ලෙස ප්‍රත්‍යක්ෂ කරගනිමින්, තමාතුල ඇති සූක්ෂම අවබෝධයන් මුළුමනින්ම හදුනාගනිමින්, සුක්ෂම ලෙස බාධාවන් ජයගැනීමට අවැසි සෑම අවධියකම ආවේණික වූ ලක්ෂණයන් පිළිබදව දැනුම සහිතව, සිත, මනස හා මනෝවිඥානය යන 3න් ස්වභාවයන් අවබෝධ කරගැනීමේ ප්‍රීතියෙන්,  තුන්කල් පැවැත්ම කපා දැමිය හැකි වන දර්ශණය ලබාගනිමින්, සියළු දාර්ශනිකයන්ගේ හේතුඵල දහම පිළිබද තර්කයන් විධානය කොට තබා ගැනීමේ දැනුමෙන් යුක්තව තම අභ්‍යන්තර විඥානයෙන් මුළුමනින්ම තථාගත ගර්භය තේරුම්ගනිමින්, මුළුමනින්ම බුද්ධත්ව අවදිය තේරුම් ගනිමින්, කිසිම දිනක වෙනස් නොවන්නා වූ බුද්ධ මාර්ගය(බුද්ධ මාර්ගයට පිවිසීමේ ඥාණය) තමාවිසින්ම සොයගන්නා ලදි. මේත් සමගම එය තමා විසින්ම දැනගත යුක්තකී යැයි පවසමින් හඩක් ආකශ ගර්භයෙන් ඇසෙන්නට විය.
අගනේය, ලංකාධිපති ! අගනේය. සත්‍යවශයෙන්ම නැවත වාරයක් අගනේය. යෝගී වරයන් තමාවිසින්ම විනයානු කූල යුක්ත විය යුතුය. තථාගතයන් වහන්සේ හා සියළු දේ තමා විසින්ම දකින පරිදි දැකිය යුතුය. අනෙකුත් ක්‍රම වලින් දැකිය හොත් එය ශුන්‍යවාදීය. අර්ථ රහිතය. සියල්ල තමා විසින්ම සිත, මනස හා විඥානය උත්තරීතර භාවයට රැගෙන එමින් අවබෝධ කරගත යුතුය. තමා විසින්ම (අධ්‍යාත්මය) අභ්‍යන්තරය බැලිය යුතු අතර ලේඛනයන් කෙරෙහි හා අවිචක්ෂණ දැකීම් කෙරෙහි ඇලී නොසිටිය යුතුය. තමා විසින් ශ්‍රාවක, පසේබුදුවරුන්ගේ හා දාර්ශණිකයන්ගේ සමාප්තීන්, සංකල්පයන්, අත්දැකීම් හා සමාධියන්ට නොවැටිය යුතුය. කුඩා කතාන්දර හා සිනහා උපදවන කියමන් කෙරෙහි රුචියක් නොදැක්විය යුතුය. තමාවිසින් පෝෂණය කරනලද්දා වූ සකේතාත්මක භාවයන් නැතහොත් නායකත්වය පිළිබදව වූ පුරසාරම් සහිත සිතුවිලි තුරන් කල යුතුය. සය ධ්‍යානයන්ට අයත් ධ්‍යාන වැනි ධ්‍යානයන්ගෙන් නොවැජඹිය යුතුය.
ලංකාධිපති, මෙය වූ කලි මහා මුනිවරුන්ගේ යථාඅවබෝධයයි. පෙර දේශනා කරනලද දේ මුලිනුපුටා දමමින්, අධර්මිෂ්ඨ වූ දැක්මන් කැබැලිකරමින්, තම තමන්ම මොහෝය මුල්වූ දැක්මන්ගෙන් නිවැරදිව ඈත්වෙමින්, මනසේ තැන්පත් වී ඇති පිළිකුල් සහගතයන් විශිෂ්ඨ ඥානයෙන් හදුනාගතයුතුය. ඔවුන් බුද්ධමාර්ගයේ ගමන් කරන්නන්ය. තාථා/තයන් වහන්සේ ලබාගත්තා වූ ආත්ම අවබෝධය ලබාගැනීමට, තමා විසින්ම විනයානුකූල විය යුතුය.
ලංකාධිපති ! මෙලෙස ඔබගේ මන්දිරයේ මෙම පිරිස රැස් කීරමෙන් ඔවුන්ව පැමිණි ලෙසින්ම තව දුරටත් ශෝධනය වීමට දෙන්න. තමන්ව විනයාකූල සමාධියේ හා සමාපත්තියේ වැදීමෙන්ද, ශ්‍රාවකයන් හෝ පසේ බුදුන් වහන්සේලා  අනුගමනය නොකරන්න.                                                           දාර්ශනිකයන් අනුගමනය නොකරන්න. ඔවුන්ළාමක දාර්ශනිකයන් අනුව යමින්, ඔවුන් තම පරිකල්පනයෙන් ලබාගත්තා වූ, වින්දා වූ දේ අනුගමනය නොකරන්න.  ඔවුන් ලෝකය නිර්මාණය කරයැයි කියන්නා වූ ගර්වයෙන් යුක්ත අදහස් වලට ඇලී සිටි. ඔවුන් එම හැගීම් මුලධර්ම, ගුණාත්මක බව හා භාවර්ථය ලෙස භාවිතා කරති, ඔවුන් මෝහයෙන් යුක්ත දැක්මන් වලට තදින් ඇලී සිටි. ඔවුන්හිස් බාවය පැතුරවන්නා වු ඉපදීමේ අදහස පෝෂණය කිරීමෙන් ව්‍යාකූලත්වයට පත්ව සිටි. ඔවුන් එය විචික්ෂණ බුද්ධිය ලෙස සලකා එයට ඇලී සිටිත්, ඔවුන් ද්වෛත්වය හෙවත් යෝග්‍ය කිරීම හා යෝග්‍ය ලබාගන්නා යැයි සිතන්නා වූ මාර්ගයකට වැටි ඇත
ලංකාධිපති, විවිධ ආකරයේ විශිෂ්ඨ සමාප්තියන්ට ලගා කරගැනීමට මග පෙන්වන්නේ මෙයයි. අභ්‍යනතර සමාප්තියන්ට එලැඹිමට දැනුවත් කිරිම වර්ධනය කරන්නෙ මෙයයි. මෙය වූ කලි මහායාන යාථාවබෝධයයි. සංසාරයේ විශිෂ්ඨ වූ ලගාකරගැනීම් ලබා ගැනීමට මෙය හේතු වේ.
ලංකාධිපති,  මහායාන විනයානුකුලත්වය එලැඹිමෙන් මෝහය විනාශ වේ. එලෙසම දාර්ශනිකයන්ගේ පිහිට හෝ පුහුණුවට එලැඹෙන්නේ නැත.
ලංකාධිපති, දාර්ශනිකයන්ගේ පුහුණුවන් ඔවුන්ගේම ගර්වයෙන් පිරුණා වූ බැදීම් වලින් ආරම්භ වේ. ඔවුන්ගේ  අසුන්දර පුහුණුවන් තමන්ගේම සවරූපයේ විඥානයන්ට සම්බන්ධ වූ ද්වෛත්වික දැක්මකින් නැගී සිටි.
යහපති ලංකාධිපති, මෙයට පෙර ඔබ තථාගතවන් දකින විට ඇති වූ අදහස ආවර්ජණය කරගන්න. මේ සදහා, සත්‍යවශයෙන්ම, තථාගතයන් දකිමින් ඉන්න.
--------------------------------------------------------------------------------------------------------------
ලංකාවතාර සුත්‍රය අපි ඉදිරිපත් කරන්නේ ථෙරවාදී හෝ මහායාන හෝ නිකායක් නිරූපණය කිරීමට නොව, අපගේ හෙළ ඉතිහාස ගවේෂණයේ සුවිශේෂි චරිතයක් වූ රාවණ මහ රජු හා සම්බන්ධ බෞද්ධ සූත්‍ර දේශනාවක් නිසාවෙනි. මහායාන හෝ ථෙරවාදී නොවී බෞද්ධ ඇසකින් කරුණු විමසන ලෙසත්, ගැටළු සහගත තැන්හෝ පිළිගැනීමට අපහසු තැන් ඇත්නම් කරුණු සහිතව අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි.
පසුගිය ලිපියකට අපි මහායාන ලෙසත්, දේව වාදයකට බුදුදහම ඇදගෙන යන බවත්, මහා වංශය වැනි වංශකථාවක් තිබියදී ප්‍රබන්ධයක් ගොඩනගන බවටත් චෝදන එල්ල වුණා.  ඒ කෙසේ වුණත් අපි කියන්නා වු කරුණු එලෙසම පිළිගන්න කියා මොනම අවස්ථාවකදී වත් නොකියන අතර තමන් දන්නා සත්‍ය බොරුවේ යැයි බියෙන් නොකීපි, තමන්ගේම විචික්ෂණ බුද්ධියේන සිතා, ගවේෂණය කර සත්‍ය තෙරුම් ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
ඊයේ සිදු වු දේවල්, මෙම ලිපිය පල කල මොහොත, මේ මොහොත පවා සැනෙකින් අතීතයට එක් වන්නේය. අතීතයෙන් අපි පාඩම් ඉගෙන ගත යුතුය.ඒ අපේ අනාගතයට හා වර්තමානයට සාර්ථකව මුහුණ දිය යුතු බවිණි. එලෙසම ඉතිහාසය යනු මෙයින් වසර දහස් ගණනකට පෙර සිදු වු සිදුවීමය. ඉතිහාසය ගවේෂණය කරන්නේ, සොයා බලන්නේ එබැවිනි. ඉතිහාසයක් අවශ්‍ය නැතිනම් අධ්‍යාපනයට ඉතිහාසයක් ඇතුල් කරන්නේ නැත. ඉතිහාසඥවන් අවශ්‍ය නැත, පුරාවිද්‍යාඥයන් අවශ්‍ය නැත. අද කරන දේ හෙට අමතක කලාට කම් නැත. නමුත් එවැනි අදහසක් තිබෙන්නේ ලෝකය විනාශ වූවත්, මට මොකුත් වුනේ නැත්තම් ඇති කියලා හිතන ජාතියේ පුද්ගලයන්ටය. එසේ සිතන්නා වූ පුද්ගලයින් මෙම බ්ලොග් අඩවිය නොබැලුවාට කම් නැත. 
අපේ දැක්මට අනුව ලංකාවේ දැන් පිළිගන්නා ඉතිහාසය වැරදිය. ඒම නිසා සැබෑහෙළ ඉතිහාසය ගවේෂණය කරමින්, ඉතිහාසය ගැන දැනගැනීමට අවශ්‍ය, අද පමණක් ගැන නොසිතන අපේම පාඨකයන් වෙතත් එම ඉතිහාසය ගෙන ඒම සහෘද තොටුපලේ අරමුණ වේ.
ප.ලි. අලුත් අවුරුද්දේ මුල්ම පොස්ට් එක අවසානයේ අවේගශීලීව අදහස් ප්‍රකාශ කලාට අපේ සැබෑ ඉතිහාස ගවේෂණය හා එකව සිටිනා පාඨකයන් අමනාප නොවේ යැයි සිතමි. පීඨයේ අවසාන වාර විභාගය නිසා ලිපි පොඩ්ඩක් ප්‍රමාද වූ වාට ලංකාවතාර සුත්‍රෙය් තවත් කොටසකින් නැවත හමුවන තෙක් ආයුබෝවන්

5 ප්‍රතිචාර: