18.9.11

Dreams are there to show you the way:: හීන අපට පාර පෙන්වා දේවී...


Dreams come true they do…
Dreams come true…
From all of us to all of you they do…
මෙහෙම සටහනක් බ්ලොග් එකට දාන්න හිතුවේ මා දුටු සිහිනයක් ලගදීම සැබෑ වන්නට යන හින්දා කියලා කිව්වොත් නිවැරදි. ඒ සිහිනය තමයි අත්වැල
අත්වැල කියන්නේ ශ්‍රි ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සමාජ සත්කාරක වැඩසටහන. ලංකාවේ සතර දිග්බාගයේ තියෙන දුෂ්කර පාසල් හොයාගෙන ගොස් දැයේ දූ පුතුනට නිදහස් අධ්‍යාපන වරමෙන්, ශක්තියෙන්, ධෛර්යයෙන් නැගිටින්නට අත්වැලක් වීමේ පරමාර්ථයෙන් තමයි අත්වැල නිර්මාණය කලේ.

අත්වැල- සමාජ සත්කාරක වැඩ සටහන කරන්න පෙලඹුනේ අහම්බෙන් වගේ. කලින් මම සිංහල සාහිත්‍ය සංගමයේ සංස්කාරක වෙලා සිටියදී සිංහල සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද කලා උලෙළ තමයි අත්වැල කියන සමාජ සත්කාරක වැඩසටහ ආරම්භ කරන්න මාව පෙළඹ වූයේ.

කලා උළලෙට සිංහල සාහිත්‍ය සංගමයට රුපියල් ලක්ෂ 8ක විතර මුදලක් වැය වුණා. ඒ මුදල හොයාගත්තේ ලංකාව පුරා ස්ටිකර් විකුණලා. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ ආධාර එකතු කරලා. නමුත් කලා උළෙල අවසානයේදී ඉතිරි වුනේ නිර්මාණය කරපු සද දිය සක්මන සගරාවයි, කළා උළලේ සමාප්ති වැඩසටහනේ වීඩියෝ පටයයි විතරයි.
කලා උළෙලට ආධාර කරපු මහජනතාවට ඉන් වුන සෙතක් නම් තිබුනේ නැහැ. ශ්‍රමය කැප කරලා වැඩ කරපු ළමයි ඔක්කොටම ලැබුණ දෙයකුත් නැහැ.

            කළා උළලේ වැඩ කටයුතු සිදු කරද්දීම මේ පිළිබදව සාහිත්‍ය සංගමයේ විධායක කමිටුව එක්ක කතා කලත් වැඩක් වුනේ නැහැ. එතැනින් සිදු වුනේ හිත් අමනාපකම් ඇති වීම පමණයි.
කලා උළෙලට වියදම් කරපු ලක්ෂ 8කින් අපිට කොච්චර ප්‍රයෝජනවත් වැඩ කරන්න තිබුණාද? ඉගෙන ගන්න හරි හැටි පන්තිකාමරයක් වැත් නැති පාසලකට පන්ති කාමරයක්, එහෙමත් නැත්තම් පරිඝණකයක් දැකලාවත් නැති පාසලකට පරිඝණක 5ක්, කලා උළෙලට කැප කරපු ශ්‍රමයෙන් මාසයක් ගුරු වරු නැති පාසලක ගිහින් උගන්වන්න තිබුණානම්...
ඒ හින්දාම මගේ හීනිය මම තවත් මගේ වීශ්වාස වන්ත යහළුවෝ කීපයක් එක්ක කතා කරා. එදා තමයි අපි අත්වැල කියන නම දා ගත්තෙත්. ඒ නිගා ගේ යෝජනවාකට. මමනම් හිතාගෙන හිටියේ සහෘද තොටුපළ කියලා දාන්න. කොහොම වුනත් අපි කතා කලේ අවුරුද්දකට කලින්. ගොඩාක් බාදක අවා. විශේෂයෙන්ම සාහිත්‍ය සංගමයෙන්. කොහොමු වුණත් මොන බාදක මැද්දෙ හරි අපි අත්වැල කියන සංකල්පය අපේ ලමයි අතර ගොඩ නැගුවා. අපි සිංහල වුණාට සිංහල පාසල් වලට විතරක් නෙවෙයි දෙමළ පාසල් වලටත් අපේ සංකල්පය අරන් යන්න අපි තීරණය කලා. දෙවන වසර අවසන් විභාගය නිසා අපි අපේ ඉගෙනීම් වැඩ වලට යොමු වුණා නමුත් අත්වැල අපේ හිත්වල තිබුණා. තෙවන වසරට පැමිණිමත් සමගම මහා ශීෂ්‍ය සංගමයේ කණිෂ්ඨ භාණ්ඩාගාරික ලෙස පත්වීමත් ලැබුණා. අත්වැල ක්‍රියාත්මක කරන්න නෛතික පසුබිමත් ලැබුණා. ශිෂ්‍ය සංගමයේ සභාපති සෆ්රාස්ට දෙමළ මාධ්‍ය පාසල් වලට අත්වැල සංවිධානයට බාර දුන්නා.
නමුත් නැගෙනහිර පලාතට ගලපු ගං වතුර නැවතත් අපිට බාධා කලා. අපේ විශ්වවිද්‍යාලය ගංවතුරට යට වුණා.
නමුත් ගං වතුරට අපිට බල පෑමක් කරන්න ලැබුනේ නැහැ. නැවත අත්වැල සංවිධානය කරන්න පටන් ගත්තා. ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමිය, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක තුමා අපිට උපකාර කලා.
අපේම සහෝදරයෙක්ගේ ඉල්ලීමක් පරිදි කන්තලේ අධ්‍යාපන කලාපයෙන් අත්වැල ආරම්භ කිරීමට අපි තීරණය කලා. කන්තලේ වෙළද ප්‍රජාව අපිට අනුග්‍රහනය දැක්වීමට ඉදිරිපත් වෙලා තියෙනවා. කන්තලේ අධ්‍යාපනය කලාපයේ අ.පො.ස ස/පෙළට ඉදිරිපත් වන සිසුන් හට ගුරු බවතුන් නැති ගණිතය, විද්‍යාව, වානිජ්‍ය හා තොරතුරු තාක්ෂණය විෂයන් වලට අත්වැලෙන් සම්මන්ත්‍රන මාලාවක් සංවිධානය කිරීමට අපි තීරණය කරා.
ඔක්තෝබර් මස දෙවන සතියේදී කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලට කන්තලේ අවට තියෙන දුෂ්කර පාසල් 7ක සිසුන් පැමිණීමට නියමිතයි. එදාට අපි අත්වැල සපයන්නේ ඔවුනටයි.
දෙවන අදියරේදී අම්පාරේ මහ ඔය හා අශ්රෆ් නගර් ප්‍රෙදේශ වලද, තෙවන අදියරේදී පොලොන්නරුව දිස්ත්‍රික්කටද අත්වැල රැගෙන යාමට අපි දැන් සූදානම්.

මේ විස්තර ඔක්කොමත් එක්ක මට කියන්න ඕනේ කලේ අපි සිහින දකින්න ඕනේ. අපි දකින සිහන අපි යා යුතු මග අපට කියාදෙනවා.
ඒ වගේම අපේ සිහින සබෑ වෙනවා. අපි අපේ සිහින සැබෑ කරගන්න වෙර දරනවා නම්.
(අත්වැල සමාජ සත්කාරක වැඩසටහනට දායක වෙන්න කැමති නම් විමසීමක් කරන්න           dazunj4me@gmail.com)
මේ තියෙන්නේ අත්වැල පිළිබද ලියූ ප්‍රථම සටහනයි...

As Sri Lankan we all are lucky to have a free education until we reach the university. Unfortunately, if the Sri Lankan Government provides the free education, most of students that getting free education facility are not able to complete with success ending.But the University students are the peoples who have passed the mile stone of Free Education which is provided by the Sri Lankan government. and the University students are the people who came as successive journey along the path of free education and if we can help to make their education success, if we can guide them to enter to university, if we can make a aid to them to success their education, while we are making our education success, it will be a benison to our future success. It will add colors to our life. As the university students how we can help them? We can make community helping through the Schools. We can help them to make their education success. By arranging A/L, O/L seminars, prefect campaigns, English campaigns, By donating books, By teaching them, By guide them to until they reach university we can make aid them to their education. Athwela is the community helping program which going to be conduct by the South Eastern University students. By the Athwela, we are going to make AID the schools which have reorganized as remote schools. Our AID can be varying subject based seminars to providing educational resources. Every government’s organizations, including Higher education institutes such as Universities are maintains by the Governments’ funds. Government funds mean the taxes which pay by the Sri Lankan peoples. So our peoples spending their money to make us educated. So our duty is the help them and 

this is the time to compensation for our free education.



0 ප්‍රතිචාර: