29.7.11

මහා වංශයේ දක්නට ලැබෙනා ගැටළු සහගත කාල නිර්ණයන්


හෙළ අධිරාජ්‍යෙය් දේව පාලනය 5

අපේ පසු ගිය ලිපියෙන් අපි සාකච්චා කලේ දේව පාලනයේ අවසන් ශ්‍රකාචාරී වූ සුමන හා සුමනට සම්බන්ධව සෙල්ලිපි මගින් හෙලි වන දුටුගැමුණු රජු දක්වා හෙලිවන්නා වූ කරුණු හා මහා වංශයේ ඒ සම්බන්ධව ඇති ගැටළු සම්බන්ධවයි. අපි අපේ ලිපියෙන් බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ එක් වරක්ද යන කරුණත් මතු කරා. පොඩි පොඩි චෝදනා ආවා මේ බුදු දහමට පහරදීමක් කියලා, ඇත්තෙන්ම මමත් බෞද්ධයෙක් වශයෙන් බුදු දහම ඉහලින්ම පිළිගන්නෙක් විදියට ඒ වගේ පහත් ආකාරයේ අදහසකින් නම් නෙවෙයි මේ ලිපි ලියන්නේ, බටහිර ජාතීන් විසින් අප මත බලෙන් පටවන ලද හා තමන්ගේ ගැන පමණක් සිතා අපේ ඇත්ත ඉතිහාසය වසන් කිරීමට උදව් කලා අදටත් විජයට පෙර ලංකාව කිසිදු ශිෂ්ඨාචරයකින් තොර වූ රටක් යැයි යන පවසන්නගේ මුලාවෙන් මුදවාගෙන අපේ සබෑ ඉතිහාසය මතු කරගැනීම උදෙසායි. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරේ එක් වතාවක් පමණයි සදහන් වන්නේ දිව්‍යදානය නැමති මහායාන බෞද්ධ ග්‍රන්ථයේ. විවිධ මූලාශ්‍ර ඔස්සේ ගොස් විවධ කරුණු දැනගෙන සැබෑව මතුකරන්න දරණ උත්සහයක් තමයි අපි අපේ සබෑ ඉතිහාසය සොයා යාම............


අදත් අපි අපේ ලිපිය මහා වංශයේ කරුණු වලින්ම පටන් ගන්න හිතුවා. මහා වංශයට අනුව සිංහල රාජ වංශය හා බුදු රජානන් වහන්සේ අතර ඥාතී සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි ශුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වන භද්දකච්චායනා කුමරිය විජයගේ ඥාති පුත්‍රයෙක් වන විජයගෙන් පසුව ලක්දිව රජ වූ පඩුවස්දෙව්ගේ බිසව ලෙස සම්බන්ධ කිරීමයි. මේ කරුණ සත්‍ය අසත්‍ය තාව අප හට තහවුරු කරගන්න ක්‍රමයක් නැහැ. නමුත් මහා වංශය කියන්නේ මහා විහාර වාසී දකුණු ඉන්දියානූ භික්ෂූන් වහන්සේ නමක් වූ මහානාම හිමියන් විසින් රචනා කරන ලද්දක්. මේ අනුව මහානාම හිමියන් විසින් මෙම කාරණාව සාහිත්‍යාලංකාරය හා බෞද්ධ සාහිත්‍ය මුසු කර ලංකාවේ රජුන් සිද්ධාර්ථ කුමරුගේ ඥාතීන් යැයි පැසීමට ගොඩනගන ලද්දක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මහානාම හිමියන් විසින් මේ ගොඩනැගූ පදනම උන්වහන්සේ අතින් බිදියාමෙන් මෙම කරුණ තවත් තහවුරු කරගන්න පුළුවන්. ඒ තමයි ලංකාවේ කිරීටය නැවතත් පණ්ඩුකාභය නැමති ස්වදේශික රජු වෙත පැමිණිමත් සමගම ඉන්දීය රජ පරපුර රජුන් 3කට පමණක් සීමා වී නිමා වීමයි. නැවතත් ස්වදේශික හෙළයන් බලයට පැමිණියත් හෙළ සංස්කෘතිය හා දේවපාලන ක්‍රමය ඉන්දියානු සංස්කෘතියේ ලක්ෂණත් මිශ්‍ර වීමක් පණ්ඩුකාභය රජු හා ඔහුගෙන් පසුව දක්නට පුළුවන්.
අපි අපේ පසුගිය ලිපි වලින් සදහන් කලා මහා වංශයේ මුඨ සීව රජුගේ රාජ්‍ය සමය හා ඔහුගේ පුත් මුඨසීව රජු රජ වී වසර 152 කට පසුව රජවීම හා මතුවන්නා වූ කාල නිර්ණයේ දෝශය පිළිබදව. මෙම කරුණු එක්ක සලකලා බලද්දි අපි මෙම තත්වය ඉන්දියානු ඉතිහාසය සමග විමසා බලමු
ඉන්දියානු ඉතිහාසය හා බෞද්ධ ඉතිහාසයට අනුව සම්බුද්ධ පරිණිර්වාණය සිද්දවන්නේ මගධයේ අජාසත්ත රජු රජ වී වසර 8කට පසුවය. අජාසත්ත රජු වසර 32ක් රජකම් කල අතර ඉන් පසු රජ වූ උදායින් රජු වසර 16ක්ද නන්ද රජු වසර 22ක්ද රජකම් කල අතර ඉන්පසු මෞර්ය වංශික චන්ද්‍රගුපත්ත රජු වසර 24ක් රජ කම් කල අතර ඉන් පසු ඔහුගේ පුත් බින්දුසාර රජුගෙන්ද වසර 28කට පසු තමයි අශෝක රජ වෙන්නෙ.
මේ අනුව සම්බුද්ධ පරිණිර්වාණයේ සිට වසර
අජාසත්ත රජු:    24
උදායින් රජු:            16
නන්ද රජු:        22
චන්ද්‍ර ගුප්ත රජු:  24
බින්දුසාර රජු:     28

අශෝක රජු දක්වා සම්බුද්ධ පරිණිර්වාණයේ සිට වසර 114ක් ගත වූ පසු තමයි අශෝක රජු රජ වෙන්නේ ක්‍රි.පු. 266 දීය ඉන්පසු ඇතී වූ යුධ සංග්‍රාම වලින් අනතුරුව අශෝක රජු අභිශේක ලබන්නනේ ඉන් සිව්වසරකට පසුවය. මේ අනුව 114 + 266 = 380 හා ඉන්දියානු ඉතිහාසයට අනුව සම්බුද්ධ පරිණිර්වාණය සිදුවූයේ ක්‍රි.පු 380 දීය.
මේ සමග එන්නා වූ ලංකාවේ රජුන් පිළිබදව මහාවංශ කාල නිර්ණය සලකමු. මහා වංශයට අනුව පණ්ඩුකාභය පුත් මුඨසීව රජ වන්නේ ක්‍රි.පු. 367 දීය. මහා වංශයටම අනුව ඉන් වසර 152කට පසුව මුඨසීව රජුගේ බාල පුත් අසේල රජවිය ඒ අනුව
ක්‍රි.පු. 366 -152 = ක්‍රි.පු. 215 දී අසේල රජ විය.අසේල රජු හා මුඨසීව රජු අතර දී
දේවානම්පියතිස්ස ක්‍රි.පු.  307
උත්තිය ක්‍රි.පු.  267
මහාසිව ක්‍රි.පු. 257
සූරතිස්ස ක්‍රි.පු. 247
සේන සහ ක්‍රි.පු. ගුත්තික 237
ලෙස කාල පරාසයන් දක්වා ඇත. නමුත් මහා වංශයට අනුව අශෝක රජු හා දේවානම් පියතිස්ස රජු සමකාලීනයන්ය. නමුත් මෙම කාල නිර්ණයට අනුව දේවානම් පියතිස්ස රජු හා අශෝක රජු අතර කාල පරතරය වසර 41 වන අතර අශෝක රජුගේ අභිශේකයත් මෙයට එක් කල විට වසර 45කි. නමුත් මහා වංශයට අනුව මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන සමයේදී දේවානම් පිය තිස්ස රජු මහළු වයසක අයෙක් නොවෙයි.

මේ අනුව මහා වංශයේ මුඨසීව රජු හා අසේල රජු අතර කාල නිර්නය හා බුද්ධ වර්ෂය වසර 166කින් හැකිලී යන අතර අශෝක රජුට අභිශේකය ලබා ගැනීම දක්වා කාලය ගත් කල එය වසර 162ක් දක්වා හැකිලී යයි. මේ හැකිලී යාම සැලකුව හොත් අසේල රජු හා මුඨ සීව රජු අතර පරතරය වසර 10ක් වෙනවා. මෙයින් අපි අදහස් කරන්නේ මුඨසීව රජු හා අසේල රජු අතර කාල පාරසය මෙය බව පෙන්වා මහාවංශය අසත්‍ය යැයි පැවසීම නම් නෙවෙයි. මෙම කාලය නිර්ණය කිරීමේදී මහා වංශ රචකයා විසින් වැරදි සහගත කාල නිර්ණයන් සිදුකර ඇති බවයි. මහා නාම හිමියන් මේ සියළු රජුන්ට පසුව සමයක නිසා එසේ සිදුවිමට තියෙන සම්භාවිතාව වැඩියි. මෙම කරුණු මගින් අප තහවුරු කරගත යුත්ත නම් අපේ සියළු ඉතිහාස කරුනු රැගත් පොත මහා වංශයම පමණක් නොවන බවයි.
හොදම ක්‍රමය නම් ඒ ඒ අවස්ථාවන් වලදී ලියන ලද්දා වූ සෙල්ලිපි ඇසුරෙන් ඉතිහාසය ගොඩනැගීමයි.
විජය නැමති ආක්‍රමණිකයා සමග පැමිණි ආර්ය්‍යන් විසින් මල්වතු ඔය, කලා ඔය හා මී ඔය වැනි ගංගා නිම්න ආශ්‍රිතව ගංගා නිම්න ශිෂ්ඨාචාරය ආරම්භ කරන ලද බව මහා වංශය ප්‍රකාශ කලත් ඔවුන්ගෙන් පසුව ගංගා නිම්න ශිෂ්ඨාචාරයක් දක්නට නැත. දක්නට ලැබෙන්නේ වැවි ආශ්‍රිතව බිහි වූ ශිෂ්ඨාචරයන්ය. අපි අපෙ පසුලිය ලිපි වලින් ප්‍රකාශ කල ආකාරයට රාවණ රජු සමයේ පවා මෙම වැව් තැනීමේ තාක්ෂණය හෙළයන්, දේවයන් සතු වූ අතර ඔවුන් මෙම ශිෂ්ඨාචරයට යොමු වන්නේ හෙළදිවට පැමිනේනා වූ සනාමියෙන් රටේ බොහෝ කොටස් මුහුදට යට වීමත් සමගයි( රජාවලියට අනුව 11/12.) නැවතත් පණ්ඩුකාභය රජු විසින් අභය වැව සෑදීමත් සමග මතු වන්නෙ හෙළයන් විසින් පැමිණි විදේශිය ආර්ය්‍ය සංස්කෘතියට හා ඔවුන්ට එරෙහිව සටන් වැදීමයි. මෙහිදී ඔවුන් පණ්ඩුකාභය ස්වදේශික නායකයා සමග ඉන්දියානු අධිපාත්‍යට එරෙහිව සටන් වදින අතර ඉන් රට මුදාගන්න ලදි. (සමහර කෘතින්වල මෙම ස්වදේශිකයන් යකුන් ලෙස වැරදි අර්ථකතන දී ඇත) මෙය හෙළයන්ගේ තිබූ ජාත්‍යාලය පිළිබිඹු වන්නකි.

පණ්ඩුකාභය කුමරු විසින් අනුරාධ පුරයේ අභය වැව ඉදිකිරීම හෙළයන්ගේ නැවත ජයග්‍රහණයේ සලකුණ විය. ඒ වගේම පණ්ඩුකාභය රජගේ රාජය්‍යත්වයෙන් 10 වන වර්ෂයේදී දස වැනි වර්ෂයේදී හදුන්වා දුන්නා යැයි මහා වංශය සදහන් කරන්නේ වූ ගමක සීමාව කුමක්ද යන්න මැන ගැනීමට තිබූ ක්‍රමය දිය බෙත්ම නැමති සමතයයි. බටහිර සුදු ජාතීන්(ඉංග්‍රීසින්) විසින් අඩි කෝදු භාවිතයෙන් ඉර ඇද පෙන්වන තුරුම ලංකාවේ ග්‍රාම සීමා ලකුණු කිරීම දියබෙත්ම නැමති සම්මතයෙන්ම සිදුවිය.
මේ අනුව මෙතෙක් වෙළද ආර්ථිකයකින් ශක්තිමත් ව තිබූ හෙළ අධිරාජ්‍ය, මුහුදු බඩ වරායන් ආශ්‍රිතව තිබූ ප්‍රධාන නගරයන් වැවක දිය බෙත්මෙන් සීමා වූ වැව් ගම් ශිෂ්ඨාචරයකට හා වැව්ගම් ශිෂ්ඨාචාර ආශ්‍රිතව නගර බිහිවෙමින් හෙළ ශිෂ්ඨාචාරය සිංහල ශිෂ්ඨාචාරයක් බවට පත්විය.

දේව පාලනයේ අවසන් කොටසින් නැවතත් හමුවන තෙක් ආයුබෝවන්


4 ප්‍රතිචාර: