25.4.11

The Last Lecture-අවසන් දේශනය- seuslsla.blogspot.com


මහාචාර්ය රැන්ඩි ෆොච් හා ජෙෆ්රි සැස්ලෝ විසින් රචිත අවසන් දේශනය කෘතියේ සිංහල අනුවාදය.
 
හැදින්වීම.
අවසන් දේශනයට පාදක වී ඇත්තෙ මහාචාර්ය රැන්ඩි ෆෝච්ගේ ජීවන ඇත්දැකීමයි.
පරිගණක විද්‍යා මහාචාර්ය වරයෙකු වූ රැන්ඩි ෆෝච් අක්මා පිළිකාවකට ගොදුරු වීමෙන් අනතුරුව තමාගේ ජීවිතය ඉතා ඉක්මනින් කෙලවර වන බව දැනගෙන තමාගේ අවසන් දේශනයට සූදානම් වීම, තමාගේ ජීවන අත්දැකීම තමාගේ කුඩා දරුවන් උදෙසා සටහන් කරතැබූ සටහනයි,
 
නම:        මහාචාර්ය රැන්ඩි ෆෝච්
වෘත්තිය:   පර්ගණක විද්‍යා මහාචාර්ය, පරිගණක අන්තර්ක්‍රියා හා නිර්මාණ
ස්ථානය:   කැන්රීජ් මෙලොන් විශ්වවිද්‍යාලය
සේවය කල ආයතන: ඇඩෝබ්,ගූගල්, ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස්, වෝල්ට් ඩිස්නි

මට සිහින දැකීමට ඉඩ දුන් මාගේ දෙමාපියන්ට හා මාගේ දරුවන් දකින්නා වූ සිහින උදෙසා....


 
මට ඉංජිනේරුමය ගැටළුවක් තියෙනවා.
ඒ සමගම මම ඉන්නෙ භයානක කායික ආබාදයකින්. මගේ අක්මාවේ භයානක පිළිකාවක් තියෙනවා. මම දන්නවා, මට ජීවත් වෙලා ඉන්න තියෙන්නෙ තව මාස කීපයයි.
මම කුඩා දරුවන් තිදෙනෙක්ගේ තාත්තා කෙනෙක්, ඒ වගේම මම සිහින මැවූ ආකාරයේ බිරිදකගේ සැමියෙක්. මට මගේ ජීවිතය ගැන පහසුවෙන්ම දුක්වෙන්න පුළුවන්, ඒ වුණත් ඒක මගේ දරුවන්ටවත්, බිරිදටවත්, මටවත් ඒකෙන් හොදක් වෙන්නෙ නැති වේවි.
ඒ නිසා, කොහොමද මම මගේ කෙටි ජිවිත කාලය ගෙවන්නෙ?
ඉන් පැහැදිලිවම කල යුත්ත නම් මාගේ පවුලේ අයත් සමග මගේ ජීවිතේ අවසන් භාගය ගත කිරීමයි. හැකි සෑමවිටකම මගේ දරුවන් හා බිරිද සමග ආදරයෙන්, ඔවුන් වැලදගෙන සිටිමයි. මා නැති වූ පසු ඔවුන්ට ජීවිතය පහසුවෙන් ගත කිරීමට පසුබිම සකස් කිරීමයි.
    මට හිතා ගන්න බැරි දේ තමයි තව අවු 20ක් තුල, කොහොමද මම මගේ දරුවන්ට උගන්වන්නෙ,  මම ජීවත්ව සිටියා නම් කරන විදියට කියන එක.
මට තාම ඒ ගැන ඒ අය එක්ක කතා කරන්න බැහැ. ඒ අය පොඩි දරුවෝ. හැම දෙමාපියෙක්ම තම දරුවන්ට ඉගැන්විය යුතුයි හොද නරක හදුනාගැනීමට, අපි වැදගත් කියලා හිතෙන දේවල් හැම දේම දරුවන්ට කියාදිය යුතුයි. ජීවිතයේ මුහුණ දීමට සිදුවන අභියෝග, ඒ අභියෝග වලට මුහුණදෙන විදිය දෙමාපියන් දරුවන්ට උගැන්විය යුතුයි. ඒ වගේම අපි අපේ ජීවිත ගැන දරුවන්ට දැන ගන්න දෙන්න ඕනේ. එයාලට ජීවත් වෙන්න කියා දෙන්න ඕනේ. මේ සිතුවිලි මාව කානිජ් මිලන් විශ්වවිද්‍යාලයේදී මාගේ අවසන් දේශනය පවත්වන්නට මාව පෙළඹවූයේ.
ඉලග කොටසත් ඉක්මනින්ම දාන්නම්.
පර්වර්තනය ගැටයා

1 ප්‍රතිචාර: