9.12.10

ස්වර්ණා සහ ලලිත්


එකම එක වලාකුලක් අහස හරහා පින්සලකින්ඇඳි අළුපාට තීන්ත පාරක් සේ විහිදී තිබිණි. එක් අගකින් මුහුදටම කිඳා බැස විශාල වූත්දික් වූත් ත්රිකෝණයක් බඳුවූ  වලාකුලටයටින් මියෙන්නට තතනන හිරු රැස් අපාට රතුපැහැයකින් දිදුලයි.
සුපුරුදු පරිදිම මුහුද එකක්පසු පස එකක් රළ ගෙඩි පා කර එවමින්වෙරලේ වැල්ල තෙතබරි කරමින් සිනාසෙමින්සිටී. රළ බිඳී නැගෙන සුදු පෙණ, සාළුවක් සේපැතිරෙන්නට තීව්රව ඉහලට නැගුණු-
වෙරලේ වැලි කන්දෙන් ඉඩක් නොමැත්තෙන් ඒවා දිය යටම බිඳී, ගොජ දමන දියසැලියක නැගෙන වා බුබුළු සේ නැගී, බිඳෙන රළ ජලය මොහොතකට දෙකකටශ්වේත වර්ණයෙන් වයිරම් වැටුණු කිරි ගරුඬ ගල්තලාවක් මෙන් පෙන්වයි.
ස්වර්ණා,
 දිගු සාය මනාව සකසා කහවන් වැල්ල මත සීරුවෙන් වාඩිවී ඈත දියඹ දෙස නෙත් යොමා සිටින්නීය. ඇගේ දෙනෙත් මට නොපෙනෙන නමුදු, ඒවාදීප්තිමත්ව එක එල්ලේ ක්ෂිතිජය රේඛාව වෙත යොමුවී තිබෙතැයි මට හැඟෙයි. හැම දෙයක්ම මෙන්ම ක්ෂිතිජයද මිරිඟුවක් වුවද, ඉර බසින මොහොතේ මෙසේබලා සිටීම ඇගේ ඉතාමත් ප්රියමනාප කාරියකි. බටහිර වෙරලබඩ ජීවත්වන අපටහිරු උදාවට වඩා හිරු බැස්ම හිතට සමීප දසුනක් වෙයි.
අද අහස පාට තුනක්... අඩ කවයක් හිස හරවා මා දෙස බලා ස්වර්ණා කියන්නීය.
රත්වන් සුර්යාලෝකයට ඉහලින් එල්ලුනු අඳුරු වලාකුලෙහි උතුරු කෙලවරකොහෙන්දෝ එන ආලෝකයකින් අඳුරු නිල් පැහැයකින් දිදුලයි. ස්වර්ණාගේහැමදාම පැහැදිලි සිනාසෙන දෙනෙත් තුලත් අඳුරු නිලක් සටහන්වී ඇතැයි මට සිතේ.
 

0 ප්‍රතිචාර: